දින 331කට පසුව බලහත්කාර ආදාහනයට තිත!

කොරෝනා ආසාදිත වී මිය යන පුද්ගලයන්ගේ දේහයන් අනිවාර්ය ආදාහනය කළ යුතු බවට දින 331කට අධික කාලයක් පැවති ස්ථාවරය වෙනස් කරමින් සෞඛ්‍ය අමාත්‍යවරිය අද (25) කොවිඩ්-19 මරණ භුමදානය සඳහා අවසර ලබා දෙමින් ගැසට් නිවේදනයක් නිකුත් කළාය.
ඒ මින් පෙර ආදාහනය සම්බන්ධයෙන් නිකුත් කර තිබූ නීති සංශෝධනය කරමිනි. ඒ අනුව අද සිට කොරෝනා ආසාදිත වී මිය යන පුද්ගලයන්ගේ දේහයන් ආදාහනය හෝ භුමදානය යන දෙකෙන් ඕනෑම එකක් සිදුකළ හැකිය.
භුමදානය කරන අවස්ථාවලදී ඒ තැනැත්තාගේ මෘත දේහය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද විධානවලට අනුකූලව නිසි බලධරයා විසින් අනුමත කරන ලද සුසාන භුමියක හෝ ස්ථානයක ඒ බලධරයාගේ අධීක්ෂණය යටතේ භූමදානය කරනු ලැබිය යුතු බව නව ගැසට්ටුවේ සඳහන් වෙයි.
මීට පෙර බලාත්මක වූ මාර්ගෝපදේශ අනුව කොරෝනා ආසාදිතවී මිය යන සියලු පුද්ගලයන්ගේ දේහයන් අනිවාර්යයෙන් ආදාහනය කළ යුතුව තිබිණි.
කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ දේහ ආදාහනය කිරීමට හෝ මිහිදන් කිරීමට හැකියාව පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය 2020 මාර්තු 30 වැනිදා මුලින් ම නිකුත්කරන ලද මාර්ගෝපදේශවල දැක්විණි. නමුත් පැය විසි හතරක් යන්නටත් පෙර එම තීරණය වෙනස් කරමින් එම වෛරසය ආසාදිතව මියයන සියලු දෙනා ආදාහනය කළ යුතු බවට සඳහන් කරමින් අදාළ මාර්ගෝපදේශ සංශෝධනය කරනු ලැබිණි.
ශ්‍රී ලංකාව තුළ සිදුවූ අනිවාර්ය ආදාහනය කිරීමේ ප්‍රතිපත්තිය වෙනස් කරන ලෙසත් සුළු ජාතීන්ගේ ‘භුමදාන අයිතිය’ ලබාදෙන ලෙසත් දේශීය මෙන්ම අන්තර්ජාතික සංවිධාන සහ ක්‍රියාකාරීන් මෙන්ම විදෙස් රටවල් රැසක් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීම් කළ අතර මේ සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලයේදීද ශ්‍රී ලංකාවට දැඩි බලපෑමක් එල්ල විය.
මේ සම්බන්ධයෙන් MediaLK පළකළ ලිපි කිහිපයක් පහතින්…
භුමිදානය කරන්න මුස්ලිම් වැසියන්ට ඇති අයිතියට ගරු කරන්නැයි ඉල්ලයි
https://medialk.com/archives/1543
කොවිඩ් මරණ ආදාහනය ගැන වෙනස් කියවීමක් !
https://medialk.com/archives/1655
ලෝකයටම කැප චීනයට සහ ලංකාවට අකැප භූමදානය
https://medialk.com/archives/1754
කොරෝනා මරණ භුමිදානය කිරීම ගැන සලකා බැලීමට පත් කළ කමිටුව මේ සතියේ රැස්වෙයි
https://medialk.com/archives/1429
කොරෝනා මරණ භුමදානය ගැන හිමිවරු කී කතා බොරු
https://medialk.com/archives/1938
භූමදානයට එරෙහි මහාචාර්යවරිය භූගත ජලය පිළිබද සාක්ෂි නැතිව කතා කරයි
https://medialk.com/archives/2768
ආදාහනය අනිවාර්ය කරන්න සාධාරණ හේතු නෑ – අමරපුර නිකායෙන් ජනපතිට ලිපියක් !
https://medialk.com/archives/2826
භූමදානයට අවසර දෙනවා – අගමැති මහින්ද රාජපක්ෂ
https://medialk.com/archives/3515
ලංකාවේ කොවිඩ් සිරුරු ආදාහනය : එ.ජා. මානව හිමිකම් කොමිසමට ආණ්ඩුව ගැන බලාපොරොත්තුවක් !
https://medialk.com/archives/3301
කොරෝනා මරණ භුමදානය : ජනතාවගේ අයිතිවාසිකම්වලට ප්‍රජාතන්ත්‍රවාදී රජයකින් මීට වඩා ඉහළ ගෞරවයක් අවශ්‍යයි – ඇමෙරිකා තානාපතිනිය
https://medialk.com/archives/3669
ලංකාවේ කොවිඩ් සිරුරු ආදාහනයට එරෙහිව කැනඩා පාර්ලිමේන්තුවට පෙත්සමක්
https://medialk.com/archives/3797
ශ්‍රී ලංකාවේ මුස්ලිම් පුරවැසියන්ගේ අයිතිය ඉක්මණින්ම ලබා දෙන්නැයි මානව හිමිකම් කවුන්සිලයට ප්‍රකාශයක්
https://medialk.com/archives/3842
Previous articleශ්‍රී ලංකාවේ යුක්තිය පසිඳලීම අහවර වෙලා : මානව හිමිකම් නියෝජ්‍ය මහ කොමසාරිස් සාකච්ඡාව අවසන් කරමින් කියයි
Next articleසේවකයන් ඉවත් කරද්දි දිය යුතු වන්දිය ලක්ෂ 25ක් දක්වා ඉහළට

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here