Home පුවත් ලංකාවේ කොවිඩ් සිරුරු ආදාහනයට එරෙහිව කැනඩා පාර්ලිමේන්තුවට පෙත්සමක්

ලංකාවේ කොවිඩ් සිරුරු ආදාහනයට එරෙහිව කැනඩා පාර්ලිමේන්තුවට පෙත්සමක්

0
ලංකාවේ කොවිඩ් සිරුරු ආදාහනයට එරෙහිව කැනඩා පාර්ලිමේන්තුවට පෙත්සමක්
ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ මළ සිරුරු බලහත්කාරයෙන් ආදාහනය කිරීමට එරෙහිව කැනේඩියානු පාර්ලිමේන්තු මන්ත්‍රීනි සල්මා සහීඩ් එරට පාර්ලිමේන්තුවට (පහළ මන්ත්‍රී මණ්ඩලයට) පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
එම පෙත්සමට කැනඩාවේ ස්කාර්බොරෝහි පදිංචිකරුවන් සහ ශ්‍රී ලංකා සම්භවයක් සහිත කැනේඩියානුවන් ඇතුළු 1300 කට අධික පිරිසක් අත්සන් කර ඇති බව සල්මා සහීඩ් සඳහන් කරයි.
භූමදානය සම්බන්ධයෙන් මුස්ලිම් හා ක්‍රිස්තියානි සුළුතර ප්‍රජාවන්ගේ ආගමික හා සංස්කෘතික පිළිවෙත් වලට ගරු කරන ලෙසට සහ බලහත්කාරයෙන් ආදාහනය කිරීම නතර කරන ලෙසට ශ්‍රී ලංකා රජයට බලකර සිටින්නැයි පෙත්සම මගින් කැනඩා රජයෙන් ඉල්ලා ඇති බව සල්මා සහීඩ් කියයි.
ඇය නිල ෆේස්බුක් පිටුව ඔස්සේ මෙසේ සඳහන් කර තිබේ.
“අද පෙරවරුවේ මම පහළ මන්ත්‍රී මණ්ඩලයට ඊ -3039 පෙත්සම ඉදිරිපත් කළා. එය ස්කාර්බොරෝහි පදිංචිකරුවන් සහ ශ්‍රී ලංකා සම්භවයක් ඇති කැනේඩියානුවන් ඇතුළු 1300 කට අධික පිරිසක් විසින් අත්සන් කරලා තියෙනවා.
කොවිඩ්-19 නිසා මරණයට පත්වන රටේ සියලුම පුද්ගලයින් ආදාහනය කිරීමට ශ්‍රී ලංකා රජය විසින් ලබාදී ඇති නියෝගය සම්බන්ධයෙන් පෙත්සම්කරුවන් මෙමගින් අවධානය යොමු කරලා තියෙනවා. මෙ⁣ම ක්‍රියාමාර්ගය සඳහා විද්‍යාත්මක සාක්ෂි නොමැති බවත් එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශයන්ට පටහැනි බවත් ඔවුහු සටහන් කර තිබෙනවා.
පෙත්සම්කරුවන් කැනඩාවේ රජයෙන් ඉල්ලා සිටින්නේ භූමදානය සම්බන්ධයෙන් මුස්ලිම් හා ක්‍රිස්තියානි සුළුතර ප්‍රජාවන්ගේ ආගමික හා සංස්කෘතික පිළිවෙත් වලට ගරු කරන ලෙසට සහ බලහත්කාරයෙන් ආදාහනය කිරීම නතර කරන ලෙසට ශ්‍රී ලංකා රජයට බලකර සිටින ලෙසයි.”
මෙම පෙත්සමට අත්සන් ලබාගැනීම ඉකුත් දෙසැම්බර් 16 වැනිදා ආරම්භ කර ඇති අතර මේ වසරේ පෙබරවාරි 14 වැනිදා අත්සන් ගැනීම අවසන් කර තිබේ. එම කාලය තුළ අත්සන් 1336ක් ලැබී ඇත.
එම පෙත්සමේ මෙසේ සඳහන් වෙයි.
“කොවිඩ්-19 වෛරසය හේතුවෙන් මිය යන සියලුම පුද්ගලයින් සඳහා ආදාහනය කිරීමේ නියෝගයක් ශ්‍රී ලංකා රජය විසින් නියම කරන ලදී.
මෙම නියෝගය විද්‍යාත්මක සාක්ෂි නොමැතිව අත්තනෝමතික ලෙස හඳුන්වා දී ඇති අතර එය ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් නිකුත් කරන ලද මාර්ගෝපදේශයන්ට ද පටහැනිය. ශ්‍රී ලංකාවේ සම්භවයක් ඇති කැනේඩියානුවන් මේ සම්බන්ධයෙන් කනස්සල්ල පළ කරන අතර බලහත්කාරයෙන් ආදාහනය කිරීමේ මෙම ක්‍රියාවට එරෙහිව ලොව පුරා විරෝධය පළ කරති.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ තුළ සිටිමින් කොවිඩ්-19 වින්දිතයින් භූමදානය කිරීමේ මූලික මානව අයිතිය යථා තත්ත්වයට පත්කරමින් මුස්ලිම් හා ක්‍රිස්තියානි සුළුතර ප්‍රජාවන්ගේ ආගමික හා සංස්කෘතික හැඟීම්වලට ගරු කරන්නැයි ශ්‍රී ලංකා රජයෙන් විධිමත් සන්නිවේදන ක්‍රමවේදයන් හරහා ඉල්ලා සිටින ලෙස ශ්‍රී ලංකා සම්භවයක් ඇති කැනඩාවේ පුරවැසියන් වන කැනඩා රජයෙන් ඉල්ලා සිටිමු.”
ඇය පෙත්සම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අවස්ථාව පහතින්..
එම පෙත්සම පහතින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here