භූමදානයට එරෙහි මහාචාර්යවරිය භූගත ජලය පිළිබද සාක්ෂි නැතිව කතා කරයි

ඩෙන්මාර්කයේ කොරෝනා ආසාදිත වීම නිසා මරා දමනු ලැබූ මුගටියන් මිලියන 15ක් භුමදානය කිරීම නිසා භුගත ජලයට කොරෝනා වෛරසය මුසු වී ඇති බවක් තමා නොදන්නා බවත් භුගත ජලය අපවිත්‍ර වූ බව පමණක් දන්නා බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මෙත්තිකා විතානගේ Medialk කළ විමසීමකදී පැවසුවාය.
නමුත් ඇය අද (23) මාධ්‍ය හමුවකදී පැවසූ බවට මාධ්‍ය මගින් ප්‍රචාරය වූයේ මීට හාත්පසින්ම වෙනස් කතාවකි. එනම් භුමදානය කරන ලද කොරෝනා ආසාදිත මුගටියන්ගෙන් භුගත ජලයට අපද්‍රව්‍ය සහ වෛරසය මුසු වී ඇති බවට ඩෙන්මාකයේ භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සහ ඩෙන්මාකයේ තාක්ෂණික විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් සොයාගෙන ඇති බවයි.
MediaLK – අද ප්‍රෙස් එකදී මුගටි ගැන කතාව ගැන… ඒකේ ඉන්ටර්නැෂනල් සයිට් වල බැලුවා ඒ වගේ කොතනවත් නෑනේ වයිරස් එක ගියා ගියලා. එහෙම තියෙනවද ? භුගත ජලය අපවිත්‍ර වුණා කියලා තියෙනවා ද…?
මෙත්තිකා විතානගේ – භුගත ජලය අපවිත්‍ර වුණා කියන්නේ ඉතින් වෛරස් එක තිබුණත් එකයි නැතත් එකයි…අපට භුගත ජලය රැකගන්නනේ ඕනේ කොහොමත්…
MediaLK – ඔව් ඒක අනිවාර්යයෙන්. ඒක හරි. ඒකේ කොහේ හරි තිබුණද වෛරස් එක ආවා කියලා…?
මෙත්තිකා විතානගේ – වෛරස් එක ආවද මම දන්නේ නෑ.. ඒක බලන්න ඕන.. ඒගොල්ලන්ගේ ඔරිජනල් එකට ගිහිල්ලා.
MediaLK – ඒක තමයි. අපිත් බැලුවා. අපිට හම්බුණේ නෑ. ඒකයි ඔබතුමියගෙන් ඇහුවේ ලින්ක් එකක් තියෙනවාද කියලා…
මෙත්තිකා විතානගේ – පොඩ්ඩක් හොයලා බලන්න ඕන..
ඇය අද පැවැත්වුණු එම මාධ්‍ය හමුවේදී කී බවට ප්‍රචාරය වූ කතාව ඇගේ වචනයෙන්ම පහත දැක්වෙයි.
“කොරෝනා මරණ භූමදානය පිළිබඳව නැවතත් කතිකාවතක් මතුවෙමින් පවතින අවස්ථාවක මගේ අදහස ඉදිරිපත් කරන්න යන්නේ දේහ ආදාහනය පිළිබඳව. මෙම වෛරසය සමග අපට සෙල්ලම් කරන්න අමාරුයි. මේ වෛරසය ඇවිල්ලා ඉතාමත්ම දරුණු තත්ත්වයකට හැරෙමින් පවතින අවස්ථාවක තමයි අපි මේ ඉන්නේ.
විශේෂයෙන් එංගලන්ත සිද්ධිය සලකා බලද්දි අධික ප්‍රවණතාවයකින් මේ වෛරසය ව්‍යාප්ත වෙලා යන අවස්ථාවක අපි මේ කතා කරන්නේ. මොකද මේ වෙලාවේ අපි අවස්ථාව ලබාගන්න ඕනේ ජීවත්ව සිටින පුද්ගලයන්ගේ සෞඛ්‍ය ආරක්ෂිත බව තහවුරු කිරීම සඳහා. නමුත් දැන් මිය ගිය අයගේ ගැටළුවක් තමයි හැමවෙලාවෙම මේ ඉස්මතු කරමින් දඟලන්නේ.. ඊට වඩා අපි විද්‍යානුකුලව කල්පනා කරන්න ඕන අවස්ථාවක් මේක. විශේෂයෙන්ම දැනට මාසයකට විතර කළින් ඩෙන්මාකයේ මරණ ලද මුගටි. ඒ මුගටි ඇති කරන්නේ ඩෙන්මාක්වල ඒ අයගේ ලොම් ගන්න. ඒ මුග⁣ටින් වාහකයින් විදියට ක්‍රියා කිරීමත් සමග කොවිඩ්-19 වෛරසය මේ මුගටි මිලියන 15ක් මරා දමනු ලැබුවා. මිනිස්සුන්ට මේ වෛරසය යන එක නතර කරන්න. ඒ මුගටින් මිලියන 15 ඒ ගොල්ලෝ භුමදානය කළා. ඩෙන්මාකයේ භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සහ ඩෙන්මාකයේ තාක්ෂණික විශ්ව විද්‍යාලය මේ දෙගොල්ලෝ එකතුවෙලා පර්යේෂණයක් කළා මේ මුගටින් භුමදානයෙන් සිදුවන හානිය පිළිබඳව. ඒකේදි ඒගොල්ලන්ට අවබෝධ වුණා භුගත ජලයට නොයෙකුත් අපද්‍රව්‍ය සහ වෛරසය නිකුත් වෙන නිසා ඒගොල්ලෝ වහාම භුමදානය කරනු ලැබූ වෛරස් සහිත මුගටින් මිලියන 15ම ආපහු ගොඩ අරගෙන ආදාහනයට ලක් කළා. විකාරරූපි ස්වරූපයකින් දඟලනවානේ දැන් දේහ ආදාහනය ද භුමිදානය ද කියලා. මේ අවස්ථාව ඒකට හොඳ උදාහරණයක් තමයි ඩෙන්මාකයෙන් සපයන්නේ.
මේ වෛරසයේ තියෙන අවිනිශ්චිත ස්වාභවය එන්න එන්නම වැඩි වීම නිසා අපි කිසිම වෙලාවක අවස්ථාවක් කරගන්න හොඳ නෑ මේ වෛරසයෙන් කිසි කෙනෙක්ට හානියක් සිදුවෙන්න. ඒක අද ඉන්න මිනිස්සුන්ටවත් අනාගතයේ ඉන්න මිනිස්සුන්ටවත් හානියක් සිදුවෙන්න මේ වෛරසය යොදාගත යුතු නෑ.”
Previous articleසෞඛ්‍ය කාර්යමණ්ඩල අනතුරේ – රෝහල්වලින් වෛරස් පොකුරු බිහිවීමේ අවදානමක් !
Next articleවතුකම්කරු වැටුප 1000 කරන්න අමතර වැඩත් කරන්න කියයි

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here