වන්දි නොගෙව්වොත් මෛත්‍රීට, පූජිතට නිලන්තට අධිකරණ අපහාස නඩු ; නිලන්තට එරෙහි විනය පරීක්ෂණයකුත්

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය‌ පොලිස්පති නිලන්ත ජයවර්ධන සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් සිදු කර ඊට අදාලව ගත් ක්‍රියාමාර්ග සැප්තැම්බර් 20 හෝ ඊට පෙර අධිකරණයට දැනුම් දෙන ලෙස සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් අද ජාතික පොලිස් කොමිෂන් සභාවට නියෝග කළේය.
පාස්කු ප්‍රහාරයට පෙර වගකීම් පැහැර හැරීම සම්බන්ධයෙන් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම්වල සඳහන් සම්පූර්ණ වන්දි මුදල් අගෝස්තු 30 වැනිදාට පෙර ගෙවා අවසන් නොකළහොත් ඒ් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනට එරෙහිව සැප්තැම්බර් 20 හෝ ඊට පෙර අධිකරණයට අපහාස කිරීම යටතේ චෝදනා ‌පත්‍ර ගොනු කරන ලෙස නීතිපතිට නියෝග කළ සත්පුද්ගල විනිසුරු මඩුල්ල එම චෝදනා පත්‍ර සලකා බැලීම සඳහා සැප්තැම්බර් 27 වැනිදා උදෑසන 9.30ට නඩුව කැඳවන ලෙස ද නියෝග කළේය.
පාස්කු ප්‍රහාරයට පෙර වගකීම් පැහැර හැරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් 2023 ජනවාරි මාසයේ දී ලබා දුන් තීන්දුවට අනුව සම්පූර්ණ වන්දිමුදල් නොගෙවීම සම්බන්ධයෙන් ‌පෙත්සම්කරුවන්ගේ ඉල්ලීමක් සලකා බලමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නඩුව අද කැදවීය. අද නඩුව කැඳවූ අවස්ථාවේදී ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, ජනාධිපති නීතිඥ ශමිල් පෙර්රා ඇතුළු පිරිසක් පෙත්සම්කරුවන් වෙනුවෙන් කරුණු දැක්වූහ.
වගඋත්තරකාර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් කරුණු දක්වමින් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා සඳහන් කළේ සිරිසේන මහතා මේ වන විට රුපියල් මිලිනයන 100ක වන්දි මුදලෙන් රුපියල් මිලියන 58ක් ‌ගෙවා අවසන් බවයි. ඉතිරි මුදල ගෙවීම සඳහා තවත් වසර හයක කාලයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා වෙනුවෙන් කරුණු දක්වමින් ජනාධිපති නීතීඥ චන්දක ජයසුන්දර මහතා පැවසූවේ ඉතිරි වන්දි මුදල් ගෙවීම සඳහා බැංකුවකින් ණය මුදලක් ඉල්ලා ඇති නමුත් තවමත් වී නැති බවයි.
සියලුම පාර්ශ්ව දැක්වූ කරුණු සැලකිල්ලට ගත් ශ්‍රේෂ්ඨාධිකරණය නඩුව නඩුවට අදාල නියෝගයක් ලබාදීම සඳහා අධිකරණයේ කටයුතු කල් ලැබීය. දහවල් 12ට පමණ නැවත අධිකරණ කටයුතු ආරම්භ වූ අතර නියෝගය ප්‍රකාශයට පත් කරමින් සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉහත සඳහන් කළ පරිදි අගෝස්තු 30ට පෙර සියලු වන්දි මුදල් ගෙවා අවසන් කිරීමට නියෝග කළේය.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය, මුුුුුර්දු ප්‍රනාන්දු, එස්.තුරෛයිරාජා, ඒ.එච්.එම්.ඩී.නවාස්, කුමුදුනී වික්‍රමසිංහ, ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පුලි එම සත්පුද්ගල විනිසුර‌ෙු මඩුල්ලයි. උසාවියට අපහාස කිරීම සම්බන්ධයෙන් වන නඩුවද මෙම විනිසුරු මඩුල්ල ඉදිරියේම කැඳවීමට අද නියෝග කළේය.
Previous articleසීසීඩියේ නෙවිල් රාජ්‍ය සේවයටවත් ගැලපෙන්නේ නෑ ; විනය පියවර ගන්නැයි පොලිස් කොමිසමට නියෝග
Next articleරනිල්ගේ බටලන්දේ පොලිස් අධිකාරීට එරෙහි දඬුවම ස්ථිර වෙයි

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here