මුතුරාජවෙල එල්.එන්.ජීයට යට වෙන පෙදෙසේ ශාක විශේෂ 84ක් ; සත්ත්ව විශේෂ 202ක්

එල්.එන්.ජී බලාගාරයක් ඉදි කිරීමට යෝජිත මුතුරාජවෙල අක්කර 120ක වගුරුබිම් ප්‍රදේශයේ ශාක විශේෂ 84ක් සහ සත්ත්ව විශේෂ 202ක් පාරිසරික තක්සේරු වාර්තාව සිදු කිරීමට කළ පර්යේෂණවලදී හඳුනාගෙන තිබේ.
ඇතැම් විට තවදුරටත් ස්වාධීනව සොයා බැලීම් සිදු කළහොත් මීට වඩා බොහෝ වැඩි සත්ත්ව සහ ශාක විශේෂ ප්‍රමාණයක් සොයා ගත හැකි වනු ඇතැයි පරිසරවේදීහු කියති.
එම සත්ත්ව විශේෂ 202 අතුරෙන් ආවේනික සත්ත්ව වර්ග ගණන 09කි. ජාතික වශයෙන් තර්ජනයට ලක්වී ඇති බවට හඳුනාගෙන තිබෙන සත්ත්ව විශේෂ අටක් ද මෙම බලාගාරය ඉදි කිරීමට යෝජිත ප්‍රදේශයෙන් හඳුනාගෙන තිබේ.  තවත් විශේෂ 04ක් අවදානමට ලක් විය හැකියැයි හඳුනාගත් සත්ත්ව විශේෂ වේ. ශාක විශේෂ අතුරෙන් ජාතික වශයෙන් තර්ජනයට ලක්වූ ශාක විශේෂ දෙකක් ද හඳුනාගෙන තිබේ.
විදුලි බලාගාරය ඉදි කිරීම සඳහා වගුරු බිම වැලිවලින් පිරවීමට යෝජිත අතර එමගින් යෝජිත ව්‍යාපෘති ප්‍රදේශයේ ඇති පරිසර පද්ධතිය විනාශ වන බව පර්යේෂණවලදී හඳුනාගෙන තිබේ.
මුතුරාජවෙල අක්කර 120ක් බිලි ගන්නා එල්.එන්.ජී ව්‍යාපෘතිය ගැන තොරතුරු විශේෂ ලිපියකින් බලාපොරොත්තු වන්න…

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here