සේවකයන් ඉවත් කරද්දි දිය යුතු වන්දිය ලක්ෂ 25ක් දක්වා ඉහළට

රජයේ ‍හෝ පෞද්ගලික අංශයේ ඕනෑම ආයතනයක සේවය කරන පුද්ගලයකු සේවයෙන් ඉවත් කිරීමේදී ගෙවිය යුතු වන්දි මුදල රුපියල් ලක්ෂ 25ක් දක්වා ඉහළ නැංවීමට කම්කරු දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.
වන්දි ආඥා පනතට අනුව සේවකයකු විනය හේතුවක් නොවන හේතුවක් නිසා සේවයෙන් ඉවත් කළහොත් එම පුද්ගලයාට ගෙවිය යුතු වන්දි මුදල ලෙස මෙතෙක් නියම වී තිබු මුදල වන්නේ රුපියල් දොළොස් ලක්ෂ පනස් දහසක මුදලක් වන අතර අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් එම මුදල ලක්ෂ 25 දක්වා ඉහළ නංවා ඇත.
මේ සම්බන්ධයෙන් විමසීමේදී කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සඳහන් කළේ රාජ්‍ය හෝ පුද්ගලික අංශයේ ඕනෑම ආයතනයකට මෙය වලංගු වන බවයි.
යම් සේවකයකු ආයතනයක කොපමණ කාලයක් සේවය කළද සේවයෙන් ඉවත් කළහොත් ඔහු වෙත ගෙවිය යුතු මුදල ලෙස මෙතෙක් පැවතියේ රුපියල් දොළස් ලක්ෂ පනස් දාහසක මුදලක් බවත් මෙම ගැසට් නිවේදනයෙන් එය වැඩිකිරීමට හැකිවු බවත් හෙතෙම සඳහන් කළේය. ඒ අනුව සේවකයකු සේවයෙන් ඉවත් කිරීමේදී ඔහු සේවය කළ අවුරුදු ගණනට අනුව ලක්ෂ 25ක උපරිමයක් දක්වා වන පරිදි මෙම වන්දි මුදල් ගෙවීම සිදුකළ හැකි බවද හෙතෙම සඳහන් කළේය.
මේ බව සඳහන් අති විශේෂ ගැසට් නිවේදනය පසුගිය 25 වැනිදා නිකුත් කර තිබේ.
Previous articleදින 331කට පසුව බලහත්කාර ආදාහනයට තිත!
Next articleබොදුබලෙත් සහරාන්ලාට උදව් කරලා? : සිංහල රාවය, මහසෝන් බලකාය, සිංහලේ ගැනත් පාස්කු කොමිසමෙන් නිර්දේශ

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here