දීමනාත් එක්ක වතු කම්කරු වැටුප 1230ක් – කම්කරු අමාත්‍ය

වතු සේවක දෛනික වැටුප රුපියල් 1000ක් දක්වා වැඩිකිරීමත් සමග වතු සේවකයින්ගේ දෛනික අර්ථසාධක සහ සේවක භාර අරමුදල් ලෙස රුපියල් 230 ක මුදලක් වතු හාම්පුතුන් විසින් ගෙවිය යුතු බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.
පඩි පාලක සභාව මගින් වතු සේවක වැටුප් වැඩිකිරීම පිළිබඳ අදහස් දක්වමින් කම්කරු අමාත්‍යාංශයේදී ඔහු මේ බව පැවසීය. ඒ අනුව වතු සේවකයින්ගේ සමස්ත වැටුප් වැඩිවීම රුපියල් 1230 ක් බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. එමෙන්ම මෙම වැටුප් වැඩිවීම සමග වතු සේවකයින්ගේ පාරිතෝෂිත දීමනා, අතිකාල දීමනා, නිවාඩු දීමනා සහ ප්‍රසූත දීමනා යන සියලු දීමනා ඉහල යන බවත් ඒ අනුව වතුසේවකයින්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙම තීරණය මනා පිටුවහලක් වනු ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
වසර ගණනාවක් පැවති වැටුප් වැඩිකිරීමේ අරගලය නිමාවකට පත්කර ඇති බැවින් රටට විදේශ විනිමය ලබාගැනීමට තේ ආර්ථිකය ශක්තිමක් කිරීමට දැඩිලෙස කැප වන ලෙස වතු සේවකයින්ගෙන් තමා ඉල්ලා සිටින බව නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා පැවසීය.
එමෙන්ම වතු සේවකයින් සමග ප්‍රශ්න ඇති නොකර ගනිමින් සාමදානව කටයුතු කිරීමටත් තේ වතුවලින් උපරිම ඵල නෙළාගැනීමට කටයුතු කරන ලෙසත් වතු හාම්පුතන්ගෙන් තමා ඉල්ලා සිටින බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Previous articleතරග විභාගයක් නැතිව විදුහල්පති තනතුරු : ගුරු සංගමයේ විරෝධය
Next articleමන්නාරම් නොගොස් ඉරනතිව් ආ කොරෝනා භුමදානය

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here