ඇප ලැබූ අහනෆ්ට ගෙදර යන්න බැරිවෙයි

පුත්තලම මහාධිකරණයෙන් ඇප ලැබූ අහනෆ් ජසීම් කවියා අද සවස 4.15ට පමණ යළිත් බන්ධනාගාර නිලධාරීන් විසින් බන්ධනාගාරය වෙත රැගෙන යනු ලැබීය.
මහාධිකරණයෙන් ඇප නියම කළද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවට අදාලව ඔහු රිමාන්ඩ් කර ඇති හෙයින් අහනෆ් යළි බන්ධනාගාරය වෙත රැගෙන යායුතු බව බන්ධනාගාර නිලධාරීන් ප්‍රකාශ කර තිබේ.
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැති නඩුවට අදාලව නීතිපතිවරයා විසින් පුත්තලම මහාධිකරණයේ අධිචෝදනා ගොනු කරනු ලැබ ඇති බව හා අද ඇප නියම වූයේ එම නඩුවට අදාලව බව නීතිඥවරු පැහැදිලි කළද අද සවස යළිත් වරක් අහනෆ් බන්ධනාගාරය වෙත රැගෙන යනු ලැබීය.
2020 මැයි මස 13 වැනිදා අත්අඩංගුවට ගත් අහනෆ් ජසීම්ට මාස 19යකට පසු පුත්තලම මහාධිකරණයෙන් ඇප නියම විය. පුත්තලමේ පදිංචිකරුවන් ඇපකරුවන් ලෙස සොයා ගැනීමට මුලින් අපහසු වූ අතර ඔහුගේ සහෝදරයා ඇපකරුවකුට ඉදිරිපත් වන ලෙස ඉල්ලමින් ෆේස්බුක් සටහනක්ද තබා තිබිනි.
අහනෆ් සම්බන්ධයෙන් MediaLK මීට පෙර පලකළ ප්‍රවෘත්ති සහ විශේෂාංග

 

MediaLK විසින්  පලකරනු ලබන කතාවක් සම්බන්ධයෙන් ප්‍රතිචාරයක්/ පැහැදිලි කිරීමක්/ නිවැරදි කිරීමක් ඇත්නම් හෝ වෙනත් තොරතුරක් ලබා දීමට ඇත්නම් පහත ඊමේල් ලිපිනවලට ඊමේල්මඟින් යොමු කළ හැකිය.
info@medialk.com
parapura.medialk@gmail.com
news@medialk.com
Previous articleමාස 19කට පසු අහනෆ්ට ඇප
Next articleමරණ දඬුවම නියම වූ 9ක් නිදහස් : ‘මහාධිකරණ විනිසුරුවරිය තමන්ව නොමග යවාගෙන!’

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here