අහනෆ් හමුවෙන්න නීතිඥයන්ට අවසර

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර භාරයේ සිටින අහ්නාෆ් ජසීම් කවියා වෙත ප්‍රවේශ වීමට නීතිඥ-සේවාදායක වරප්‍රසාද සහ රහස්‍යභාවය පවත්වා ගැනීමේ අයිතිය ඇතිව, ඔහුගේ නීතිඥයින්ට අවසර දෙන ලෙස ⁣ශ්‍රේෂ්ඨාධිකරණය අද (05) බන්ධනාගාර බලධාරීන්ට නියෝග කළේය.
මුර්දු ප්‍රනාන්දු, විනිසුරු යසන්ත කෝදාගොඩ සහ ශිරාන් ගුණරත්න යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කරනු ලැබුවේ අහ්නාෆ් ජසීම් අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම අභියෝගයට ලක් කරමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමකට අනුවය.
පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කේ. කනගීෂ්වරන් සහ නීතිඥ ලක්ෂ්මන් ජයකුමාර් අධිකරණයට ප්‍රකාශ කළේ අහ්නාෆ් ජසීම් මේ වසරේ මැයි මාසයෙන් පසු කිසි දිනෙක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් නොකළ බවයි. ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර ඇති අයදුම්පත සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීම සඳහා අහ්නෆ් වෙත අර්ථවත් ප්‍රවේශයක් ලබා දෙන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ.
අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ සැකකරු දැනට අධිකරණ භාරයේ පසුවන බවත් රඳවා ගැනීමේ නියෝගය අවසන් වීමෙන් පසු ඔහු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බවත් ය.
මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමට එරෙහිව නීතිපති විසින් සීමිත විරෝධතා ගොනු කර ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය. පෙත්සම නැවත සැප්තැම්බර් 08 වැනිදා කැඳවීමට නියමිතය.
Previous articleආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ගැන සාධාරණ සමාජයක් සමඟ තරුණ තරුණියෝ සංවාදයක
Next articleතරුණයන් අතුරුදන් කිරීමේ නඩුවෙන් හිටපු නාවික හමුදාපති බේරයි? – අතුරුදන් මව්වරුන්ගෙන් නීතිපතිට ලිපියක් !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here