දින හතකින් ලොහාන් අත්අඩංගුවට නොගත්තොත් පොලිස්පතිට නඩු

අනුරාධපුර බන්ධනාගාරයට ගොස් එහි රඳවා සිටින පිරිසකට මරණ තර්ජනය කළැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලට අදාලව දින හතක් ඇතුළත රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්ත අත්අඩංගුවට නොගන්නේ නම් නෛතික පියවර ගන්නා බව දන්වමින් නීතිඥ ප්‍රබෝධ රත්නායක මහතා පොලිස්පතිවරයාට එන්තරවාසි යවා තිබේ.
නීතිඥ ප්‍රබෝධ රත්නායක මහතා එම එන්තරවාසිය යොමු කර ඇත්තේ පැමිණිලිකරුවන් වන නීතිඥ සේනක පෙරේරා සහ සුදේශ් නන්දිමාල් යන දෙදෙනාගේ උපදෙස් පරිදිය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්ත මහතා 2021 සැප්තැම්බර් 12 වැනිදා බීමතින් අනුරාධපුර බන්ධනාගාරයට ගොස් එහි රඳවා සිටි කිහිප දෙනකුට ගිනි අවි පෙන්වා මරණ තර්ජන කිරීම, වෙනත් අපරාධ වැරදි කිරීම සහ එසේ කිරීමට තැත්කිරීම ගැන ඉහත පැමිණිලිකරුවන් දෙදෙනා 2021 සැප්තැම්බර් 16 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබේ.
පැමිණිල්ල සිදු කර මාස තුනකට ආසන්න කාලයක් ගතවී තිබුණ ද මේ දක්වා සැකකාර ලොහාන් රත්වත්ත මහතා අත්අඩංගුවට ගැනීමට කටයුතු කර නැති අතර සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් අපරාධ විමර්ශනයක් කිරීමට ද පොලිස්පතිවරයා අපහොසත්වී ඇති බව එන්තරවාසියේ සඳහන් වෙයි.
ලොහාන් රත්වත්ත මහතා සම්බන්ධයෙන් මීට පෙර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවද විමර්ශනයක් ආරම්භ කර තිබිණි.

ඇමැති ලොහාන් ගැන විමර්ශනයක් කරන්න ; ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පොලිස්පතිට නියෝග

සිරකරුවන්ගේ ආරක්ෂාව රජයේ වගකීමක් – ලොහාන්ගේ සිද්ධිය පිළිබඳ නීතිඥ සංගමය අපක්ෂපාතී විමර්ශනයක් ඉල්ලයි !

ලොහාන් එක ඇමැතිකමකින් අස්වෙයි – අත්අඩංගුවට නොගන්නේ විශේෂ වරප්‍රසාදයක් නිසා ද?

බන්ධනාගාර සිද්ධිය ගැන මානව හිමිකම් කොමිසමෙන් පරීක්ෂණයක්

සිරකරුවන් දණගැස්වූ බවට චෝදනා ; බන්ධනාගාර රාජ්‍ය ඇමැති ඉවත් කරන්නැයි දෙමළ ජාතික සන්ධානය ඉල්ලයි

 

MediaLK විසින්  පලකරනු ලබන කතාවක් සම්බන්ධයෙන් ප්‍රතිචාරයක්/ පැහැදිලි කිරීමක්/ නිවැරදි කිරීමක් ඇත්නම් හෝ වෙනත් තොරතුරක් ලබා දීමට ඇත්නම් පහත ඊමේල් ලිපිනවලට ඊමේල්මඟින් යොමු කළ හැකිය.
info@medialk.com
parapura.medialk@gmail.com
news@medialk.com
Previous articleගෑස් ප්‍රශ්නය ; ලිට්‍රෝ-ලාෆ් ප්‍රධානීන් මානව හිමිකම් කොමිසමට කැඳවයි
Next articleඅත්අඩංගුවට ගත් ලසන්ත රඳවාගෙන සිටියේ පොලිසියෙන් පිට – ස්ථානාධිපති සාක්කි දෙයි

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here