බන්ධනාගාර සිද්ධිය ගැන මානව හිමිකම් කොමිසමෙන් පරීක්ෂණයක්

බන්ධනාගාර රාජ්‍ය අමාත්‍යවරයා විසින් අනුරාධපුර බන්ධනාගාරයට ගොස් එහි රඳවා සිටින සිරකරුවන් දණගස්වා තර්ජනය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවද විමර්ශනයක් ආරම්භ කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ජනමාධ්‍ය කළ වාර්තාකිරීම් සැලකිල්ලට ගෙන පැමිණිල්ලක් නැතිවම කොමිසම විමර්ශන ඇරැඹූ බව එහි ආරංචිමාර්ග කියයි.
ඒ අනුව මානව හිමිකම් කොමිෂන් සභාවේ අනුරාධපුර කාර්යාලයේ නිලධාරීන් තිදෙනකු විමර්ශන සඳහා අද (15) අනුරාධපුර බන්ධනාගාරයට ගොස් ඇතැයි එම ආරංචිමාර්ග සඳහන් කරයි.
ඉදිරියේදී මීට අදාල සියලු පාර්ශ්ව කොමිසම හමුවට කැඳවා පූර්ණ විමර්ශනයක් සිදු කිරීමට නියමිත බවද කොමිසම පවසයි.

සබැඳි පුවත්

ලොහාන් එක ඇමැතිකමකින් අස්වෙයි – අත්අඩංගුවට නොගන්නේ විශේෂ වරප්‍රසාදයක් නිසා ද?

සිරකරුවන් දණගැස්වූ බවට චෝදනා ; බන්ධනාගාර රාජ්‍ය ඇමැති ඉවත් කරන්නැයි දෙමළ ජාතික සන්ධානය ඉල්ලයි

 

Previous articleලොහාන් එක ඇමැතිකමකින් අස්වෙයි – අත්අඩංගුවට නොගන්නේ විශේෂ වරප්‍රසාදයක් නිසා ද?
Next articleවසංගතය ආණ්ඩුවට ලැබුණු බලපත්‍රයක් නොවෙයි : විරෝධතාකරුවන් අනතුරේ හෙළන්න එපා – ඒකාබද්ධ නිවේදනයකින් ආණ්ඩුවට බලපෑම් !

1 COMMENT

  1. Howdy! This blog post couldn’t be written any better! Looking through this post reminds me of my previous roommate! He always kept talking about this. I will send this article to him. Fairly certain he’s going to have a great read. Thank you for sharing!

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here