‘ආණ්ඩුවට සහාය දුන්නා’ – නුසුදුස්සන් ඔ්අයිසී කරගන්න දේශපාලනඥයෝ තරඟෙට ලිපි ලියති !

සුදුසුකම් නැති පොලිස් නිලධාරීන් පොලිස් ස්ථානාධිපති තනතුරු ලබාගැනීම සඳහා දේශපාලනඥයන්ගෙන් ලිපි ලබාගැනීමත්, ස්ථානාධිපති පත්කිරීම්වලදී එම ලිපිවලට මුල්තැනක් ලැබීමත් නිසා, ස්ථානාධිපති තනතුරු සඳහා සුදුසුකම් සහිත පොලිස් නිලධාරීන්ට පහළ තනතුරුවලම රැඳී සිටීමට සිදුවී තිබේ.
පොලිස් ස්ථානාධිපතිවරුන් පත්කිරීම සඳහා නියමිත ක්‍රමවේදයක් ඇතත්, ඊට පිටින් යමින් විවිධ දේශපාලනඥයන් විෂය භාර අමාත්‍යවරයාට මෙන්ම අගමැතිවරයාට සහ ජනාධිපතිවරයාගේ පෞද්ගලික කාර්යමණ්ඩල නිලධාරීන්ට ද ලිපි ලියමින් විවිධ ඉල්ලීම් කර ඇත.
තම ප්‍රදේශයේ පොලිස් ස්ථානවලට පත් කළ යුතු පොලිස් ස්ථානාධිපතිවරුන් සම්බන්ධයෙන් නිර්දේශ නිකුත් කරමින් අතැම් කැබිනට් ඇමැතිවරුන්, ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම ඇතැම් ප්‍රාදේශීය සභා සභාපතිවරුන් පවා ලිපි යොමු කර ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග තහවුරු කරයි. ඇතැම් නිලධාරීන් සම්බන්ධයෙන් දේශපාලනඥයන් කිහිපදෙනකු ම ඉල්ලීම් කර තිබේ.
පුත්තලම දිස්ත්‍රික්කයේ එක් පොලිස් ස්ථානයකට ස්ථානාධිපතිවරයකු පත්කිරීම සඳහා දේශපාලනඥයන් හතර දෙනකුගෙන් ලිපි ලැබී තිබුණු බවත්, එම දේශපාලනඥයන් හතරදෙනා ම ඉල්ලීම් කළ පොලිස් නිලධාරියා තනතුරට නුසුදුස්සකු බවත් පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් පැවසීය. ආණ්ඩු පක්ෂය නියෝජනය කරන උතුරු පළාතේ කැබිනට් ඇමැතිවරයකු පොලිස් ස්ථාන කිහිපයකට ස්ථානාධිපතිවරුන් පත්කිරීම සඳහා ලිපි ලබා දී තිබේ.
එසේම කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රධාන පෙළේ දේශපාලනඥයෙකු ජනාධිපතිවරයාගේ කාර්යමණ්ඩල ප්‍රධානියකු අමතමින් ස්ථානාධිපතිවරුන් කිහිපදෙනකු පත්කිරීම සඳහා ලිපි ලබා දී ඇත.
උතුරු පළාතේ පොලිස් ස්ථානයක ස්ථානාධිපතිවරයා පත්කිරීම සඳහා එම දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණේ සංවිධායකවරයා වන දේශපාලනඥයකු ලබා දුන් ලිපියක ‘මුලතිව් පොලිස් බල ප්‍රදේශය තුළ අප පක්ෂය වෙනුවෙන් පක්ෂයේ කටයුතුවලට සහයෝගය දුන් අයෙකි. ඉදිරි මැතිවරණවලදී පක්ෂය වෙනුවෙන් සහයෝගය ලබාගැනීමට හැකියාව ඇති හෙයින්..’ යැයි සඳහන් කරමින් එක්තරා පොලිස් නිලධාරියකු අදාළ පොලිසියේ ස්ථානාධිපති ලෙස පත්කරන ලෙස අගමැතිවරයාට ලිපියක් යවමින් ඉල්ලීමක් කර තිබේ.
මෙසේ දේශපාලනඥයන්ගේ ලිපිවලට ප්‍රමුඛත්වය ලබාදීම නිසා සුසුදුසුකම් ඇති පොලිස් නිලධාරීන් රැසක් අපහසුතාවට පත්ව සිටිති. දේශපාලනඥයන්ගේ ලිපිවලට මුල්තැන දෙමින් ස්ථානාධිපති තනතුරු සඳහා නුසුදුස්සන් පත්කිරීම නිසා ඉදිරියේදී පාරිපාලනයේ ගැටලු රැසක් ඇති විය හැකි බව ද උසස් පොලිස් නිලධාරීහු පෙන්වා දෙති.

පොලිස් ඇමැති ලේකම්ගේ ඉඩම් කොල්ලයට ගිය එස්ටීඑෆ් වාහනවල ව්‍යාජ අංක : ඒක අහන එක එතිකල් නෑ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

පොලිස් නිලධාරීන්ගේ කන්නලව්ව – ව්‍යාජ තොරතුරු මගින් පාස්කු ප්‍රහාරය වෙනතක යැවීමේ උත්සාහයක් ද?

පුදුකුඩුඉරිප්පු රත්‍රන් සිද්ධිය : පොලිස් ඇමතිගේ ලේකම් ඉඩම් කොල්ලයකටත් එස්ටීඑෆ් යොදාගෙන !

පොලිස් පහරදීමකින් පුද්ගලයකු මරුට – මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ; පහරදීමක් නෑ – පොලිසිය

මහජනතාව අපහසුතාවට පත්කිරීම වහාම නවත්වන්න – පොලිස්පතිගෙන් නියෝගයක් !

MediaLK විසින්  පලකරනු ලබන කතාවක් සම්බන්ධයෙන් ප්‍රතිචාරයක්/ පැහැදිලි කිරීමක්/ නිවැරදි කිරීමක් ඇත්නම් හෝ වෙනත් තොරතුරක් ලබා දීමට ඇත්නම් පහත ඊමේල් ලිපිනවලට ඊමේල්මඟින් යොමු කළ හැකිය.
info@medialk.com
parapura.medialk@gmail.com
news@medialk.com
Previous articleමඩකලපුවේ නෞකාව නීතිවිරෝධී ඛනිජ වැලි ව්‍යාපෘතියේ කොටසක් ද? : ඒක ඉන්ධන අවසන් වූ නැවක් – නාවික හමුදාව
Next articleවැලිකඩ ලැයිස්තුගත සමූහ ඝාතනය – තීන්දුවට පෙර දින රංගජීවට උසස්වීමක් !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here