වැඩ බාරගෙන දෙදිනකින් තොරතුරු කොමිසමේ සාමාජිකයෙක් ඉල්ලා අස්වෙයි

තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ සාමාජිකයකු ලෙස වැඩ බාරගත් ආචාර්ය අතුලසිරි සමරකෝන් මහතා එම තනතුරින් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කර තිබේ.
ඔහු පසුගිය අඟහරුවාදා (14) තොරතුරු කොමිසමට ගොස් රාජකාරි ආරම්භ කළ අතර ඉන් දින දෙකකට පසු අද (16) ඉල්ලාඅස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කර ඇත.
තම අධ්‍යයන කටයුතු සහ සිවිල් සමාජ ක්‍රියාකාරකම් නිසා කොමිසමේ සාමාජිකයකු ලෙස ලබැඳියාවන් අතර ගැටුමක් ඇතිවිය හැකි බැවින් මෙම ඉල්ලා අස්වීම යොමු කරන බව එම ලිපියේ සඳහන්වෙයි.
පාර්ලිමේන්තු සභාව විසින් අතුලසිරි සමරකෝන් මහතා ඇතුළු පස් දෙනෙකු තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාව වෙත පත්කිරීම සඳහා නාම යෝජනා ජනාධිපතිවරයා වෙත යොමු කර තිබිණි. ඒ අනුව හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න, අභියාචනාධිකරණයේ හිටපු සභාපති විනිසුරු රෝහිණී වල්ගම, ජ්‍යෙෂ්ඨ නීතිඥ කිෂාලි පින්ටෝ-ජයවර්ධන, ජ්‍යෙෂ්ඨ නීතිඥ ජගත් ලියන ආරච්චි සහ ආචාර්ය අතුලසිරි සමරකෝන් යන මහත්වරු කොමිෂන් සභාවේ සාමාජිකයෝ ලෙස පත්කරනු ලැබූහ.
උපාලි අබේරත්න හිටපු විනිසුරුවරයා මීට පෙර දැඩි පක්ෂපාතීත්වයකින් වැඩ කළ අයකු වීම නිසා ඔහුගේ පත්වීම සම්බන්ධයෙන් සිවිල් ක්‍රියාකාරීන් නොසතුට පළ කර තිබේ. මෙවර තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාවට දෙමළ භාෂාව කතා කරන සාමාජිකයකු පත් කර නොතිබීම ද විශේෂත්වයකි.

අතුරුදන්වූවන්ගේ කාර්යාලයේ නව සභාපති පක්ෂපාතී චෝදනා ලත් විනිසුරුවරයෙක් – මව්පියෝ විරෝධය දක්වති !

ජනපති පත්කළ තොරතුරු කොමිසමේ සභාපති චූදිතයෙක් – පක්ෂපාතී අයෙක් !

ජනාධිපතිගේ පළිගැනීම් කොමිසමට එරෙහිව පෙත්සම් පහක් අභියාචනාධිකරණයට !

දේශපාලන පළිගැනීම් කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කළාද? : නීතිඥවරුන් සිව්දෙනෙක් අගවිනිසුරු හමුවට !

නිර්දේශ ක්‍රියාත්මක නොවුණත් අපරාධ නඩු ගැන සැක මතුකර අවසන් : දේශපාලන පළිගැනීම් කොමිසමේ අරමුණ ඉටුවුණාද?

දුමින්ද සිල්වා නිදහස් : අධිකරණ 03 ක විනිශ්චයකාරවරුන් 07කට නොතේරුණු ජනාධිපති කොමිසමේ නිර්දේශය !

MediaLK විසින්  පලකරනු ලබන කතාවක් සම්බන්ධයෙන් ප්‍රතිචාරයක්/ පැහැදිලි කිරීමක්/ නිවැරදි කිරීමක් ඇත්නම් හෝ වෙනත් තොරතුරක් ලබා දීමට ඇත්නම් පහත ඊමේල් ලිපිනවලට ඊමේල්මඟින් යොමු කළ හැකිය.
info@medialk.com
parapura.medialk@gmail.com
news@medialk.com

 

Previous articleඅත්අඩංගුවට ගත් ලසන්ත රඳවාගෙන සිටියේ පොලිසියෙන් පිට – ස්ථානාධිපති සාක්කි දෙයි
Next articleසාෆිට වැටුප් ගෙවන්න අවශ්‍ය කටයුතු කරනවා – කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂ : රෝහල කළේ වරදක් – සෞඛ්‍ය අමාත්‍යංශය

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here