හොඳින් සුවපත් වෙමු – මානව හිමිකම් වෙනුවෙන් නැගිටිමු !

Photo - Getty Images

“ඔක්කොටම පස්සේ, විශ්වීය මානව හිමිකම් කොහෙන් ද පටන් ගන්නේ ? පුංචි තැන්වලින්, නිවෙසට කිට්ටු තැනකින්-ඉතා සමීප, පුංචි තැනකින්. ලෝකයේ තියෙන කිසිදු සිතියමකින් දකින්න බැරි තැනකින්.. එතැන මේ හිමිකම්වලට අගයක් නැතිනම්, වෙන තැනකත් මේ හිමිකම්වලට ඒ තරම්ම අගයක් නැහැ. සිය නිවස ආසන්නයේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා සම්මතයෙන් සහයෝගයෙන් කටයුතු කරන පුරවැසියන් නොමැතිව, මුළු මහත් ලෝකයේම ප්‍රගතිය දෙස බැලීම ඵලක් ඇති දෙයක් නෙමෙයි.” – එලිනෝර් රූස්වෙල්ට්


ජාත්‍යන්තර, එසේත් නැතිනම් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් දිනය අදට (10) යෙදී තිබේ.

සෑම වසරකම දෙසැම්බර් 10 වැනිදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් දිනය සැමරේ. මානව හිමිකම් දිනය දෙසැම්බර් 10 වැනිදාට යෙදෙන්නට ප්‍රධාන හේතුවක් තිබේ. මානව හිමිකම් පිළිබඳ විශ්වීය ප්‍රකාශනය එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසියේදී අනුමත කරගැනුණේ 1948 වසරේ දෙසැම්බර් 10 වැනිදා වීම එම ප්‍රධාන හේතුවයි. විශ්වීය මානව හිමිකම් ප්‍රකාශනය යනු මානව ඉතිහාසයේ සුවිශේෂී කඩඉමක් මෙන්ම සුවිශේෂී ලියකියවිල්ලකි.

වර්ගය, වර්ණය, ආගම, ස්ත්‍රී පුරුෂභාවය, දේපළ, උපත, දේශපාලන හෝ අනෙකුත් මතවාද හෝ, ජාතික හෝ සමාජ හෝ මූලාරම්භය හෝ අනෙකුත් කිසිදු කරුණක් නොසලකන, මනුෂ්‍යයන් වීම නිසාම හිමිකම් කියන සහ කිසිදු ආකාරයකින් වෙන් කළ නොහැකි අයිතිවාසිකම් ප්‍රකාශනය කළ ලියවිල්ල වනුයේ විශ්වීය මානව හිමිකම් ප්‍රකාශනයයි.

මානව හිමිකම් පිළිබඳ විශ්වීය ප්‍රකාශනය භාෂා 500කට ආසන්න ප්‍රමාණයකට පරිවර්තනය වී ඇති අතර ලොව වැඩිම භාෂා  ගණනකට පරිවර්තනය වූ ලියවිල්ල වන්නේ ද එයයි.

2020 තේමාව ; හොඳින් සුවපත් වෙමු – මානව හිමිකම් වෙනුවෙන් නැගිටිමු

මෙවර මානව හිමිකම් දින තේමාව ‘කොවිඩ්-19’ වසංගතයට සම්බන්ධ වේ. සුවපත් වීමේ ක්‍රියාවලට මධ්‍යගත වෙමින් මානව හිමිකම් සුරක්ෂිත කරමින් ඉතා හොඳින් ගොඩනැගීම කෙරෙහි මෙවර මානව හිමිකම් දිනයේදී අවධානය යොමු වී තිබේ. අපට අපගේ පොදු ගෝලීය අරමුණුවලට යා හැක්කේ සියලු දෙනාට සම අවස්ථා නිර්මාණය කිරීමෙන්, ‘කොවිඩ්-19’ වසංගතය අයුතු ලෙස භාවිත කළ, එයින් අයුතු ප්‍රයෝජන ගැනීම සහ වසංගතය හේතුවෙන් අනාවරණය වූ අසමත්කම්වලට විසඳුම් සෙවීමෙන්, ස්ථාපිත, ව්‍යුහගත, සහ අන්තර්පරම්පරාගත අසමානතා බැහැර කිරීම සහ වෙනස්කොට සැලකීම යනාදියට විසඳුම් සෙවීම සඳහා මානව හිමිකම් යෙදවීමෙන් පමණි.

ලෝකය අපට වුවමනා පරිද්දෙන් නැවත ගොඩනැගීමේදී මානව හිමිකම්වල වැදගත්කම යළි ප්‍රතිඥා දීමට දෙසැම්බර් 10 වැනිදා අවස්ථාවකි. එමෙන්ම ගෝලීය සහයෝගීත්වය මෙන්ම අපගේ අන්තර් සබඳතා සහ බෙදාහදාගත් මනුෂ්‍යත්වයේ අවශ්‍යතාව සිහිපත් කිරීමට ද දෙසැම්බර් 10 වැනිදා වැදගත් වේ.

මවක සහ ඇයගේ දියණිය ඔවුන්ගේ වැඩිහිටියන් මුණ ගැසීමට පැමිණ සිටි අයුරු..සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම සඳහා වැඩිමහල්ලන් සිටින ස්ථානය වීදුරුවකින් වෙන් කර තිබෙන අතර, කුඩා දියණිය වීදුරුවට අත තබා සිටින්නී ය.    ඡායාරූප ගෙටී ඉමේජස්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම්වලට ප්‍රධාන අරමුණ වනුයේ “මානව හිමිකම් වෙනුවෙන් පෙනිසිටීම, ආරක්ෂා කිරීම සහ මානව හිමිකම් සුරක්ෂිත” කිරීම යන්නයි. එහි ඉලක්කය ඒ සඳහා මහජනතාව සම්බන්ධ කරගැනීම යි. ‘කොවිඩ්-19’ වසංගතයෙන් ඉතා හොඳින් සුවපත් වන අතරේම ශක්තිමත්/නම්‍යශීලි සහ සාධාරණ සමාජ ගොඩනැංවීම සඳහා ප්‍රායෝගික, බලාපොරොත්තු, විශ්වාසය සහ ධෛර්ය ඇති කරන උදාහරණ කෙරෙහි ද එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙවර අවධානය යොමු කර ඇත.

මානව හිමිකම් සහ තිරසර සංවර්ධන අභිමතාර්ථ

තිරසර සංවර්ධන අභිමතාර්ථවල හදවත මානව හිමිකම් ය. මානව ගරුත්වය හා අභිමානය නොමැතිව තිරසර සංවර්ධනයක් ගැන අපට බලාපොරොත්තු තැබිය නොහැක. සියලු තිරසර සංවර්ධන අභිමතාර්ථවල ප්‍රගතිය මත මානව හිමිකම් ඉදිරියට ගමන් කරන අතර මානව හිමිකම්වල ප්‍රගතියත් සමඟ තිරසර සංවර්ධන අභිමතාර්ථ ඉදිරියට යනු ඇත.

‘කොවිඩ්-19’ වසංගතයෙන් රැකියා සහ ආදායම් මාර්ග අහිමි වූ ස්වදේශීක නවහෝ ඇමෙරිකානුවකු සිය බිරිඳ අස්වසමින්…  ඡායාරූප ගෙටී ඉමේජස්

එම්.එච්.ටී.සිල්වා

එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇසුරිනි

Previous articleමහර උද්ඝෝෂණ සාධාරණයි : වතුර ඉල්ලූ රැඳවියන්ටත් වෙඩි තියලා – වාර්තාව කියයි
Next articleමහර වාර්තාවේ පෙත්ත නින්ද යන්න දෙන එකක් !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here