තොරතුරු පනත ගමට : එක් දිනකදී තොරතුරු දැනගැනීමේ අයදුම්පත් 2500ක්

ජනමාධ්‍ය අමාත්‍යංශය සහ ඒ්ෆ්‍රියල් (Afriel) තරුණ ජාලය ඒක්ව සංවිධානය කරන තොරතුරු පනත ගමට වැඩසටහන් මාලාවේ 14 වැනි වැඩසටහන සහ ජංගම සේවය පසුගියදා (28) බණ්ඩාරවෙල නගර ශාලාවේ දී පැවැත්විණි.

තොරතුරුවලට ප්‍රවේශ වීමට ඇති අයිතිය පිළිබඳ ජාත්‍යන්තර දිනයට සමගාමීව පැවැත්වූ ‘තොරතුරු පනත ගමට’ ජංගම සේවාව සඳහා ප්‍රදේශවාසීහු 1300කට අධික පිරිසක් සහභාගී වූහ.

ජනමාධ්‍ය අමාත්‍යංශයේ සහකාර ලේකම් ඒම් පී බණ්ඩාර, මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් ජේ සී රණේපුර සහ ඒ්ෆ්‍රියල් තරුණ ජාලයේ විධායක අධ්‍යක්ෂ රවීන්ද්‍ර ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහනේ පළමු සැසිය පැවැත්විණි.

පුරවැසියන් මුහුණ දෙන ගැටලුවලට අදාලව තොරතුරු පනත ඇසුරෙන් විසඳුම් ළඟා කර ගත හැකි ආකාරය ගැනත්, තොරතුරු ලබා නොදෙන රාජ්‍ය ආයතනවලට එරෙහිව නීත්‍යනුකූලව අභියාචනා ක්‍රියාපටිපාටිය සිදු කරන ආකාරය ගැනත් පළමු සැසියේ දී පැහැදිලි කර දීම සිදු විය.

ඉන් අනතුරුව පැමිණි පිරිස කණ්ඩායම් 15කට වෙන් කර ඔවුන්ගේ ගැටලු සම්බන්ධයෙන් වෙන වෙනම සාකච්ඡා කර එම ගැටලු විසඳාගැනීමට අවශ්‍ය තොරතුරු එක්රැස් කර ගැනීම සඳහා තොරතුරු අයදුම්පත් පිරවීමට උපදෙස් ලබා දී අයදුම්පත් පිරවීම දෙවැනි සැසියේ දී සිදු විය. දීර්ඝ කාලයක් තිස්සේ විසඳුම් නොලද ගැටලු සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය තොරතුරු ලබා ගැනීම සඳහා පැමිණ සිටි පිරිස තොරතුරු අයදුම්පත් 2500කට අධික සංඛ්‍යාවක් අදාල ආයතනවලට යොමු කිරීම මෙම වැඩසටහනේ විශේෂත්වයක් විය.

පසුගිය කාලයේ දී තොරතුරු පනත භාවිතයෙන් පුරවැසියන් ලබා ගත් ජයග්‍රහණ සම්බන්ධයෙන් යුනෙස්කෝ ආයතනයට ඉදිරිපත් කිරීමට සකස් කරන ලද වීඩියෝ පටයක් තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම සඳහා වන කොමිෂන් සභාවේ මැදිහත්වීම මත මෙම වැඩසටහනේ දී ප්‍රදර්ශනය කළ අතර වීඩියෝ පටය නිෂ්පාදනය කරන ලද සුරංග ලක්මාල් මහතා ඒ් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ද සිදු කළේය. මෙම වීඩියෝව ඊට පසු දින එනම් සැප්තැම්බර් 29 වැනි දා යුනෙස්කෝ සංවිධානයේ දී ද ප්‍රදර්ශනය කෙරිණි.

ජනමාධ්‍ය අමාත්‍යංශය සහ ඒ්ෆ්‍රියල් තරුණ ජාලය ඒක්ව පැවැත්වූ ‘තොරතුරු පනත ගමට’ ජංගම සේවා මාලාව නිසා පසුගිය කාලයේ පුරවැසියන් රැසකට සහන සැලසුණු බවත්, දීර්ඝ කාලයක් තිස්සේ පැවැති ගැටලුවලට කඩිනමින් විසඳුම් ළඟා කර ගැනීමට හැකි වූ බවත් ජනමාධ්‍ය අමාත්‍යංශයේ සහකාර ලේකම් ඒම් පී බණ්ඩාර මහතා පැමිණ සිටි පිරිස අමතමින් පැවසීය. තවත් දිස්ත්‍රික්ක ගණනාවක මෙම වැඩසහන පැවැත්වීමට සැලසුම් කර ඇති බවද බණ්ඩාර මහතා කීවේය.

සමෘද්ධිය ඇතුළු සහනාධාරය නොලැබීම ගැන ගැටලු, සම්මූඛ පරීක්ෂණවලදී සිදුවන අසාධාරණයන්, සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ ගැටලු, රාජ්‍ය නිලධාරීන්ගෙන් සිදුවන අසාධාරණකම් ආදී විවිධ ගැටලුවලට අදාලව තොරතුරු පනත ඇසුරෙන් රාජ්‍ය ආයතනවලින් පහසුවෙන් තොරතුරු ලබා ගත හැකි බව ප්‍රකාශ කළ මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් ජේ සී රණේපුර මහතා ඒ් සඳහා කටයුතු කරන ආකාරය ගැන තොරතුරු අයදුම්පත් පුරවමින් ප්‍රායෝගිකව පැහැදිලි කර දුන්නේය.

මෙම පනත භාවිත කර නීත්‍යානුකූල රාමුව තුළ අදාල තොරතුරු ලබා ගැනීමට හැකියාව ඇති බැවිත් රාජ්‍ය නිලධාරීන් සමඟ අනවශ්‍ය ගැටුම් ඇති කර නොගෙන සාමකාමීව ගැටලු විසඳා ගැනීමට සියලු දෙනා උත්සාහ කළ යුතු බව ඒ්ෆ්‍රියල් තරුණ ජාලයේ විධායක අධ්‍යක්ෂ රවීන්ද්‍ර ද සිල්වා මහතා අදහස් දක්වමින් පැවසීය.

Previous articleමාමඩුව රජයේ කැළැ ඉඩමකට ගිනි තබා විනාශ කරයි
Next articleමෑත කාලය තුළ පරිසර හානි 20ක් – පොලිසිය

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here