මාමඩුව රජයේ කැළැ ඉඩමකට ගිනි තබා විනාශ කරයි

වවුනියාව – මාමඩුව ප්‍රදේශයේ රජයේ කැළෑ ඉඩමකට යම් කිසි පිරිසක් ගිනි තබා විනාශ කර තිබේ.

මීට පෙර ද එම කැළය⁣ට යම්කිසි පිරිසක් විසින් ගිනි තබා තිබූ අතර එහිදී එම ගින්න සම්පූර්ණයෙන් පැතිරෙන්නට පෙර ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවා දැමීමට කටයුතු කළ නමුත් මෙවර එම කැළය සම්පූර්ණයෙන් ගිනි ගෙන විනාශ වී තිබේ.

මෙම කන්දේ කළුගල් කැඩීමට උත්සහ ගන්නා පිරිසක් කැළය ගිනි තැබූ බවට සැක කරන බව ප්‍රදේශවාසීහු පවසති.

පොලිසිය මේ වන තෙක් මේ සම්බන්ධයෙන් කිසිවකු අත්අඩංගුවට ගෙන නැතැයි ප්‍රදේශවාසීහු චෝදනා කරති.

දැන් තත්ත්වය 










පෙර තත්ත්වය 







ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here