කොවිඩ් ආසාදිත සංඛ්‍යාව ; දිස්ත්‍රික් පහක දත්ත අතර වෙනස 90,000 පනී

වසංගත රෝග විද්‍යා අංශය මඟින් ප්‍රසිද්ධ කරන කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල දත්ත අතර තවමත් පරස්පරතා ඇති බව MediaLK කළ සොයා බැලීමකදී අනාවරණය විය.
දිස්ත්‍රික්ක පහක් සම්බන්ධයෙන් මෙම සොයා බැලීම සිදු කළ අතර එම දිස්ත්‍රික්ක පහේ වසංගත රෝග විද්‍යා අංශය මඟින් ප්‍රසිද්ධ කරන ආසාධිත සංඛ්‍යාව සහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලවල ඇති තොරතුරු අනුව ආසාදිත සංඛ්‍යාව අතර පරස්පරතාවය 90,220කි.
මෙම සොයා බැලීම සඳහා තෝරා ගත් දිස්ත්‍රික්ක වන්නේ ගම්පහ, කෑගල්ල, මහනුවර, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක වේ.
මෙම දිස්ත්‍රික්කවල කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සහ එම සංඛ්‍යාවේ පරස්පරතාව පහත වගුවේ දැක්වේ.

ඇතැම්විට වසංගත රෝග විද්‍යා අංශය ප්‍රසිද්ධ කරන්නේ පීසීආර් මගින් තහවුරු වන ආසාදිතයන් පමණක් විය හැකි බවත්, වර්තමානය වන විට පීසීආර් කරන ගණන අඩු වී ඇති බවත්, එසේ වුවද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය මඟින් විශාල පිරිසක් තහවුරු වන බවත්, සමස්ත ආසාදිත ගණනට එම සංඛ්‍යාවද එකතු විය යුතු බවත් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයක ප්‍රධානියෙක් පැවසීය.
ප්‍රාදේශීය දත්ත අනුව මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කවල සැප්තැම්බර් මාසයේ දී දෛනික කොවිඩ් ආසාදිතයන්ගේ වාර්තාවීම් පහත ප්‍රස්ථාරවල දැක්වේ.

සබැඳි පුවත්
ආසාදිතයන්ගේ සංඛ්‍යාව ගැන දහස් ගණනක පරස්පරතාවක්
මඟහැරුණු 4808ක් එකතුකරයි ; දෛනික ආසාදිත සංඛ්‍යාව 4000ත් පැනලා ; ආසාදිත ගණන ගැන තවදුරටත් පරස්පරතා
MediaLK විසින්  පලකරනු ලබන කතාවක් සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් ඇත්නම් හෝ වෙනත් තොරතුරක් ලබා දීමට ඇත්නම් පහත ඊමේල් ලිපිනවලට ඊමේල්මඟින් යොමු කළ හැකිය.
in.medialk@gmail.com
parapura.medialk@gmail.com
medialknews@gmail.com
Previous articleසිරකරුවන් දණගැස්වූ බවට චෝදනා ; බන්ධනාගාර රාජ්‍ය ඇමැති ඉවත් කරන්නැයි දෙමළ ජාතික සන්ධානය ඉල්ලයි
Next articleලොහාන් එක ඇමැතිකමකින් අස්වෙයි – අත්අඩංගුවට නොගන්නේ විශේෂ වරප්‍රසාදයක් නිසා ද?

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here