ආසාදිතයන්ගේ සංඛ්‍යාව ගැන දහස් ගණනක පරස්පරතාවක්

කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා අංශය මඟින් ප්‍රසිද්ධ කරනු ලබන දත්ත සහ ප්‍රාදේශීය දත්ත අතර බරපතල පරස්පරතා ඇති බව MediaLK ප්‍රදේශ කිහිපයක දත්ත ගෙන පරීක්ෂා කරද්දී පෙනී ගියේය.
ඇතැම් දිස්ත්‍රික්කවල කොවිඩ් ආසාදි සංඛ්‍යාව සම්බන්ධයෙන් දිස්ත්‍රික් දත්ත සහ වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත අතර පරස්පරතාවය 1000කටත් වැඩිවී ඇති බව නිරීක්ෂණය විය.
කෑගල්ල දිස්ත්‍රික්කයේ අගෝස්තු 11 වැනිදා වන විට සමස්ත ආසාධිත සංඛ්‍යාව පළාත් සහ දිස්ත්‍රික් සෞඛ්‍ය නිලධාරීන්ගේ දත්ත අනුව 20,083කි. කෙසේ වෙතත් වසංගත රෝග විද්‍යා අංශය ප්‍රසිද්ධ කරන දත්ත අනුව අගෝස්තු 11 වන විට කෑගල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ආසාදිත සංඛ්‍යාව 7070කි. මේ අනුව කෑගල්ලේ ආසාදිත සංඛ්‍යාව පිළිබඳ කොළඹ දත්ත සහ ප්‍රාදේශීය දත්ත අතර වෙනස 13013කි.
බදුල්ල දිස්ත්‍රික්කයේ අගෝස්තු 13 වැනිදා වන විට සමස්ත ආසාදිත සංඛ්‍යාව පළාත් සහ දිස්ත්‍රික් සෞඛ්‍ය නිලධාරීන්ගේ දත්ත අනුව 12509කි. වසංගත රෝග විද්‍යා අංශය මගින් ප්‍රසිද්ධ කරන දත්ත අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ අගෝස්තු 13 වැනිදා වන විට සමස්ත ආසාදිත සංඛ්‍යාව 7954කි. ඒ අනුව බදුල්ලේ ආසාදිත සංඛ්‍යාව පිළිබඳ කොළඹ දත්ත සහ ප්‍රාදේශීය දත්ත අතර වෙනස 4555කි.
මොණරාගල දිස්ත්‍රික්කයේ අගෝස්තු 13 වැනිදා වන විට සමස්ත ආසාධිත සංඛ්‍යාව පළාත් සහ දිස්ත්‍රික් සෞඛ්‍ය නිලධාරීන්ගේ දත්ත අනුව 7468කි. සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය මඟින් ප්‍රසිද්ධ කරන දත්ත අනුව මොණරාගල දිස්ත්‍රික්කයේ අගෝස්තු 13 වැනිදා වන විට සමස්ත ආසාදිත සංඛ්‍යාව 4022කි. ඒ අනුව මොණරාගල දිස්ත්‍රික්කයේ ආසාදිත සංඛ්‍යාව පිළිබඳ කොළඹ දත්ත සහ ප්‍රාදේශීය දත්ත අතර වෙනස 3446කි.
මහනුවර දිස්ත්‍රික්කයේ අගෝස්තු 12 වැනිදා වන විට සමස්ත ආසාධිත සංඛ්‍යාව පළාත් සහ දිස්ත්‍රික් සෞඛ්‍ය නිලධාරීන්ගේ දත්ත අනුව 22,265කි. සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය මගින් ප්‍රසිද්ධ කරන දත්ත අනුව මහනුවර දිස්ත්‍රික්කයේ අගෝස්තු 12 වැනිදා වන විට සමස්ත ආසාධිත සංඛ්‍යාව 15,550කි. මහනුවර දිස්ත්‍රික්කයේ ආසාදිත සංඛ්‍යාව පිළිබඳ කොළඹ දත්ත සහ ප්‍රාදේශීය දත්ත අතර වෙනස 6715කි.
දිස්ත්‍රික් සමස්ත ආසාදිත සංඛ්‍යාව පිළිබඳ දිස්ත්‍රික්ක කිහිපයක දත්ත විශ්ලේෂණයක් පහත දැක්වේ.
දෛනික ආසාදිත සංඛ්‍යාව පිළිබඳ දත්ත විශ්ලේෂණයක් පහත දැක්වේ. (11 වැනිදා කුරුණෑගල සමස්ථ සංඛ්‍යාව සහ පුත්තලම සමස්ථ සංඛ්‍යාවද වගුවට ඇතුළත් වී තිබේ)
ඌව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ දත්ත සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත අනුව අගෝස්තු 13 වැනිදා වන විට ඌව පළාතේ කොවිඩ් ආසාදිත සංඛ්‍යාව පිළිබඳ තොරතුරු පහත ප්‍රස්ථාරයේ දැක්වේ. ඌව පළාතේ සමස්ත ආසාදිත සංඛ්‍යාවේ පරස්පරතාවය 8001කි.
මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තු දත්ත සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත අතර පරස්පරතාවය පහත ප්‍රස්ථාරයේ දැක්වේ. මධ්‍යම පළාතේ සමස්ථ ආසාදිත සංඛ්‍යාවේ වෙනස 8966කි.
මධ්‍ය පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තු දත්ත අනුව 2021 ජූලි මාසයේදී මහනුවර දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව පහත ප්‍රස්ථාරයේ දැක්වේ.
මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තු දත්ත අනුව 2021 අගෝස්තු මාසයේදී මහනුවර දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව පහත ප්‍රස්ථාරයේ දැක්වේ.
වයඹ පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තු දත්ත අනුව 2021 අගෝස්තු මාසයේදී පුත්තලම දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව පහත ප්‍රස්ථාරයේ දැක්වේ.
වයඹ පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තු දත්ත අනුව 2021 ජූලි මාසයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව පහත ප්‍රස්ථාරයේ දැක්වේ.
සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත සහ වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල දත්ත අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිත සංඛ්‍යාව අතර පරස්පරය 9775කි. වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල දත්ත අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ ආසාදිත සංඛ්‍යාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මට්ටමෙන් පහත දැක්වේ. (2021 අගෝස්තු 13 වැනිදා වන විට)

 

MediaLK පලකරනු ලබන කතාවක් සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් ඇත්නම් හෝ වෙනත් තොරතුරක් ලබා දීමට ඇත්නම් පහත ඊමේල් ලිපිනවලට ඊමේල්මඟින් යොමු කළ හැකිය.
in.medialk@gmail.com
parapura.medialk@gmail.com
medialknews@gmail.com

 

Previous articleකොවිඩ් මරණවලින් 20%ක් රෝහලෙන් පිට : වෛද්‍ය අධීක්ෂණයක් නැති ආසාදිතයින් රැසක් ගෙවල්වල
Next articleසාක්කි නැතුව රිමාන්ඩ් කරන්න බෑ ; බදියුදීන්ගේ මස්සිනාට ඇප

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here