මඟහැරුණු 4808ක් එකතුකරයි ; දෛනික ආසාදිත සංඛ්‍යාව 4000ත් පැනලා ; ආසාදිත ගණන ගැන තවදුරටත් පරස්පරතා

දින 04ක් තුළ ප්‍රමාදවී වාර්තා වු කොවිඩ් ආසාදිත සංඛ්‍යාව පසුගිය 20 වැනිදා එකතු කර ආසාදිත මූළු සංඛ්‍යාව ප්‍රසිද්ධියට පත් කළ ද එම දත්ත සහ ප්‍රාදේශීය දත්ත අතර තවදුරටත් බරපතල පරස්පරතා පවතින බව එම දත්ත පරීක්ෂා කිරීමේදී පෙනී යයි.
දින හතරක  ප්‍රමාධවී වාර්තාවූ බව කියමින් ආසාදිතයන් 4808 දෙනෙක් මුළු ආසාදිත සංඛ්‍යාවට එකතු කරමින් පසුගිය 20 වැනිදා සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග අංශය තම දෛනික වාර්තාව නිකුත් කළේය.
එ අනුව පසුගිය දින කිහිපයේදී දෛනික ආසාදිතයන් සංඛ්‍යාව 4000 සීමාව ඉක්මවා ගොස් ඇති බවත් එක් දිනකදී එම සීමාව 5000 ද ඉක්මවා ගොස් ඇති බවත් වසංගත රෝග විද්‍යා අංශයේ  දත්ත පෙන්වා දෙයි.
වසංගත රෝග විද්‍යා අංශයේ වෙබ් අඩවියේ දැක්වෙන දත්ත සටහනක් පහතින්.
කෙසේ වෙතත් එම සංඛ්‍යාව සහ දැනට පළාත් සෞඛ්‍ය අංශ සහ ප්‍රාදේශීය සෞඛ්‍ය අංශවල පවතින දත්ත තවදුරටත් දහස් ගණනක පරස්පරතාවත් පවතී.
උදාහරණ කිහිපයක් පහත වගුවේ දැක්වේ.

MediaLK පලකරනු ලබන කතාවක් සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් ඇත්නම් හෝ වෙනත් තොරතුරක් ලබා දීමට ඇත්නම් පහත ඊමේල් ලිපිනවලට ඊමේල්මඟින් යොමු කළ හැකිය.
in.medialk@gmail.com
parapura.medialk@gmail.com
medialknews@gmail.com

Previous articleවිනිසුරුවරුන්ට බලපෑම් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි !
Next articleපොලිස් නිලධාරීන්ගේ කන්නලව්ව – ව්‍යාජ තොරතුරු මගින් පාස්කු ප්‍රහාරය වෙනතක යැවීමේ උත්සාහයක් ද?

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here