සෘණෘත්මක මාධ්‍ය භාවිතාවට මහජන විරෝධය – රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ

කොවිඩ් 19 වෛරසය ආසාදිත හෝ නිරෝධායනයට ලක්කරන පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වය අනාවරණය කිරීමට ඇතැම් මාධ්‍ය මගින් කටයුතු කිරීම ජනතාවගේ අප්‍රසාදයට සහ විරෝධයට හේතු වී ඇති බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ නාලක කළුවැව මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

 

මෙමගින් රෝගීන් යනු සමාජ විරෝධීන් යනුවෙන් හැඟීමක් ඇති වන බවද පවසන රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා, ආසාදිත හෝ නිරෝධායනයට ලක්කරන පුද්ගලයන්ගේ අනන්‍යතාව සහ ඔවුන් පදිංචි ස්ථාන හෙළිවන වීඩියෝ ප්‍රචාරය නොකරන ලෙස ද ඉල්ලා සිටී. මෙවැනි දර්ශන විකාශය කිරීම මගින් ජනතාව දැනුවත් කිරීමේ කාර්යයට ඵලදායී දායකත්වයක් නොලැබෙන බවත්, මේ නිසා ජනතාව ප්‍රතිකාර හෝ නිරෝධායනය සඳහා ඉදිරිපත් නොවීමේ අවදානමක් මතු වන බවත් ඔහු අදාළ නිවේදනය මගින් පෙන්වා දෙයි.

කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්, වැඩ බලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහ සියලු ජනමාධ්‍ය ආයතනවලට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා මෙම නිවේදනය යොමු කර ඇත.

Previous articleහලාවත උසස්පෙළ සිසුවා ගැන මාධ්‍ය ගෙනගිය බොරුව : අසත්‍ය රූපරාමුත් යොදාගෙන
Next articleවසංගතයේදී රුධිර පට්ටිකා සංචිත පවත්වාගෙන යාමේ අර්බුදයක් මතුවිය හැකියි – ලේ බැංකුව

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here