Blog : පොලිසියේ 106කට කොරෝනා

2020.10.31


Update :

මේ වන විට පොලිසියේ 106 දෙනකුට කොරෝනා ආසාදිත වී ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.


Update :

තවත් 102 දෙනකු කොරෝනා ආසාදනය වි ඇතැයි තහවුරු වූ බව ද ඉන් 21 දෙනකු නිරෝධායන මධ්‍යස්ථානවලින්ද 81 දෙනකු නිරෝධායන මධ්‍යස්ථානවලින් පිටතින් බව ද කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියයි.


Update :

පාර්ලිමේන්තු කටයුතු ආවරණය කිරීම සඳහා ගිය මව්බිම පුවත්පතේ මාධ්‍යවේදියකුට කොරෝනා ආසාදනය වී ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.


Update :

තවත් කොරෝනා ආසාදිතයින් 137 දෙනකු වාර්තා වූ බවත් ඉන් 99 දෙනකුම නිරෝධායන මධ්‍යස්ථානවලට පිටතින් බවත් කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

38 දෙනකු නිරෝධායන මධ්‍යස්ථානවලින් තහවුරු වූ බවද එම මධ්‍යස්ථානය කියයි.


Update :

ජනමාධ්‍ය අමාත්‍යංශයේ විධායක නිලධාරියකු ඇතුළු දෙදෙනකුට කොරෝනා ආසාදිත වී ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.


Update :

ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ තවත් දෙදෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.

ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් මේ වන විට නිරෝධායනය වෙමින් සිටින බවද එම මධ්‍යස්ථානය කියයි.


Update :

බොරැල්ල පොලිසියේ නිලධාරීන් හය දෙනකුට කොරෝනා ආසාදිත වී ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඊයේ (30) සිදු කෙරුණ පීසීආර් පරීක්ෂණ 13කින් හය දෙනකුට මෙලෙස අසාදිත වී ඇති බව ද එම පොලිස් ස්ථානයේ අනෙකුත් පිරිසට පීසීආර් පරීක්ෂණ සිදුකරන බව ද එම මධ්‍යස්ථානය කියයි.


Update :

තවත් කොවිඩ් 19 මරණයක් වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

කොළඹ ජාතික රෝහලේදී ඊයේ (30) දින මියගිය රෝගියකුකේ PCR පරීක්ෂණ වාර්තාව අනුව එම රෝගියා කොවිඩ්-19 ආසාදිතයකු බව මීට සුළු මොහොතකට පෙර වසංගත
රෝග විද්‍යා අංශය තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

මියගිය රෝගියා 54 හැවිරිදි කාන්තාවක බව ද ඇය පසුගිය 29 වන දින ජාතික රෝහලට ඇතුළත් වී ඇති බවත් ඇය නිධන්ගත රෝග වලින් පෙළී ඇති බවට වාර්තා වන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඇය කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.


2020.10.30


Update :

තවත් ආසාදිතයින් 319 දෙනකු වාර්තා වූ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එම ආසාදිතයින් අතරින් පුද්ගලයන් 83ක් නිරෝධායනය මධ්‍යස්ථානවල බවත් 236 දෙනකු නිරෝධායනයට පිටතින් බවත් එම මධ්‍යස්ථානය කියයි.

ඒ අනුව අද (30) තහවුරු කෙරුණු මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 633කි.


Update :

හදිසියේ මියගිය බියගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එල්.අමරසේකරට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී නොතිබූ බවත්, ඔහුගේ මරණයට හේතුව හර්දයාබාධයක් බවත් තහවුරු වී තිබේ.

රාගම ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් මරණයට අදාළ මරණ පරීක්ෂණය සිදු කළ බවත්, පීසීආර් පරීක්ෂණ ප්‍රථිඵලද සලකා ඔහු විසින් ඉදිරිපත් කළ වාර්තාවේ ඔහුගේ මරණයට හේතුව සදහන් කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසීය.

කැලණිය කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් කැදවා තිබූ සාකච්ඡාවක් සදහා සහභාගි වෙමින් සිටියදී, පපුවේ වේදනාවක් ඇති බව පැවසීම නිසා පොලිස් ස්ථානාධිපතිවරයා කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කර තිබිණි. මෙම මරණයට හේතුව කොවිඩ්-19 වෛරසය ආසාදනය වීම බවට සැක මතු වේ යැයි සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය.


Update :

තවත් කොවිඩ්-19 ආසාදිතයන් 314 දෙනකු වාර්තා වූ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

ඉන් බහුතරයක් පෑලියගොඩ පොකුරට අයත් බවත් 55 දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථානවලින් ද 259 දෙනකු නිරෝධායනය මධ්‍යස්ථානවලට බාහිරින් ද වාර්තා වූ බව එම මධ්‍යස්ථානය කියයි.

ඒ අනුව මෙරට වාර්තා වූ මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 10105 දක්වා ඉහළ ගොස් තිබේ. කොරෝනා රෝගීන් 5804 ක් මේ වන විට රෝහල්වල ප්‍රතිකාර ලබන අතර රජය නිකුත් කළ දත්ත අනුව මේ වන විට  මියගොස් ඇති මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 19කි. රෝගීන් 4282 දෙනකු සම්පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.


Update :

මිරිහාන පොලිස් වසමේ වෙල්සිරිපුර, රාහුලපුර සහ ප්‍රගතිපුර යන ප්‍රදේශ හුදකලා කළ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි

එම ප්‍රදේශවලින් කොවිඩ් 19 ආසාදිතයින් 14ක් හමුවීම නිසා මෙලෙස එම ප්‍රදේශ හුදෙකලා කළ බවද එම මධ්‍යස්ථානය කියයි.


Update :

ශ්‍රී ලංකාව තුළ ⁣කොවිඩ්-19 දෙවැනි ව්‍යාප්තියෙන් පසු පොලිස් නිලධාරීන් 60කට කොවිඩ්-19 ආසාදනය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

මේ ⁣හේතුවෙන් ඔවුන්ගේ ආශ්‍රිතයින් 300ක් පමණ නිරෝධායනයේ සිටින බව ද ඒ මහතා කීවේය.

ඒ මහතා ⁣මෙසේද පැවසීය.

“කෙසේ වෙතත් ඔවුන් සම්පූර්ණයෙන් වෙන් කර තිබෙන්නේ. නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කර තියෙන්නේ. පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය ආශ්‍රිතව තමයි ඔවුන්ට කොරෝනා ආසාදිත වී තිබෙන්නේ. පොලිස් භෝජනාගාරවල කටයුතු කරන නිලධාරීන් මාළු ගන්න පැලියගොඩ මාළු වෙළෙඳ සංකීර්ණයට ගමන් කිරීම තමයි මේකට හේතුව. පොලිස්පතිවරයා විසින් වි⁣ශේෂ වැඩ පිළිවෙලක් සකස් කර තිබෙනවා තවදුරටත් මේ ව්‍යාප්තිය වැලැක්වීමට. සම්පූර්ණයෙන් ඔවුන් වෙන් කර තබලා තියෙන්නේ. නමුත් පොලිස් රාජකාරී අතපසුවකින් තොරව සිදුකරනවා. පොලිසියට එන්න බිය වෙන්න එපා. නමුත් ඔබ සැමවිට මුහුණු ආවරණ පැළඳ ආරක්ෂිතව පැමිණෙන්න. පොලිසියේ සේවය අපි උපරිම වශයෙන් සපයනවා.”


Update :

කුරුණෑගල නගර සභාවේ සේවය කරන සේවකයින් අට දෙනකුට කොරෝනා ආසාදිත වී ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

මෙම පුද්ගලයන් අට දෙනාම කුරුණෑගල විල්ගොඩ ප්‍රදේශයෙන් වීම හේතුවෙන් අදාළ ප්‍රදේශය හුදකලා කර ඇතැයි එම මධ්‍යස්ථානය පවසයි.


Update :

යාපනයේ කොරෝනා රෝගීන් 46 දෙනකු ඊයේ(29) දිනයේ තහවුරු වී ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි..

යාපනය විදාත්තෙයිපලෙයි ප්‍රදේශයෙන් ආසාදිතයින් 37 දෙනකු ද පේදුරු තුඩුව ප්‍රදේශයෙන් දෙදනකුද කරවෙඩ්ඩි ප්‍රදේශයෙන් 01 අයෙකුද මරුතන්කේනි හී හය දෙනකුද වාර්තා වී ඇතැයි එම මධ්‍යස්ථානය නිකුත් කළ දත්තවල සඳහන් වෙයි.

එමෙන්ම ඊයේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 199 දෙනකුද කොළඹ දිස්ත්‍රික්කයයෙන් ආසාදිතයින් 209 දෙනකුද වාර්තා වී තිබේ.

ඊයේ ආසාදිතයින් වාර්තා වූ අනෙක් ප්‍රදේශ 

ගාල්ල දිස්ත්‍රික්කය – 02
මොණරාගල දිස්ත්‍රික්කය – 01
බදුල්ල දිස්ත්‍රික්කය – 04
නුවරඑලිය දිස්ත්‍රික්කය – 02
හම්බන්තොට දිස්ත්‍රික්කය -01
කෑගල්ල දිස්ත්‍රික්කය – 01
රත්නපුර දිස්ත්‍රික්කය – 02

නිරෝධායන මධ්‍යස්ථාන – 115
විදේශ රටවල සිට පැමිණි – 04


Update :

පසුගියදා මූලාශ්‍රයක් නොමැති ආසාදිතයෙක් ලෙසට ගාල්ල අක්මීමන ප්‍රදේශයෙන් වාර්තා වූ ආසාදිතයා මිනුවන්ගොඩ ප්‍රදේශයේ සාදයකට පැමිණ ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියයි.


Update :

කොග්ගල බ්‍රැන්ඩික්ස් කම්හලේ සේවකයකුට කොරෝනා ආසාදිත වී ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එම කම්හලේ සේවකයින් 1636 දෙනෙක සේවය කරන බව ද එම මධ්‍යස්ථානය කියයි.


2020.10.29


Update :

අද(29) දින මේ වන විට කොවිඩ් ආසාදිතයන් 582ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි.

ඒ තවත් ආසාදිතයින් 168 දෙනකු තහවුරු වීමත් සමගය. ඒ අනුව මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුරුවලින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 6313කි.


Update :

තවත් කොරෝනා ආසාදිතයින් 414 දෙනකු තහවුරු වූ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඉන් 352 දෙනකුම නිරෝධායන මධ්‍යස්ථානවලට පිටතින් තහවුරු වූ බවත් 62 දෙනකු නිරෝධායන මධ්‍යස්ථානවලින් බවත් එම මධ්‍යස්ථානය කියයි.


Update :

රටේ උද්ගතවී ඇති Covid -19 වසංගත තත්ත්වය මත නැවත දැනුම් දෙන තුරු නුවරඑළියේ විනෝද චාරිකා පැමිණිමෙන් වැළකි සිටින ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් එම්.බි.ආර්. පුෂ්පකුමාර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

එසේ පැමිණෙන පුද්ගලයන් හට නිරෝධායන නීති අනුව කටයුතු කිරිමට අවශ්‍ය පියවර ගැනීමට අදාළ ආරක්ෂක අංශ දැනුවත් කර ඇති බවට ඒ මහතා ප්‍රකාශ කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

නුවරඑළිය නගරයේ පිහිටි වික්ටෝරියා උද්‍යානය සහ ග්‍රේගරි වැව උද්‍යානය, සඳතැන්න ඇතුළු සියළු සංචාරක ස්ථාන වසා ඇති බවත් පැවසු දිස්ත්‍රික් ලේකම් එම්.බී.ආර්. පුෂ්පකුමාර මහතා සඳහන් කළේ, පවතින වසංගත තත්වය හමු‍වේ රට ආරක්ෂා කර ගැනීමට රජය ගෙනයන සෞඛ්‍ය ආරක්ෂිත වැඩ පිළිවෙලට සැමදෙනාගේ සහය අත්‍යාවශ්‍ය බවය.


Update:

මෙි වන විට වාර්තා වී ඇති රෝගීන් අනුව ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොරෝනා රෝගීන් 2908ක් තහවුරු වී ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 1584ක් ද හඳුනාගෙන ගෙන ඇත.

කුරුණෑගලින් ආසාදිතයින් 114 දෙනකුද, කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 189 දෙනකුද තහවුරු වී ඇතැයි එම මධ්‍යස්ථානය කියයි.

එක් එක් දිස්ත්‍රික්කවලින් රෝගීන් හමුවී ඇති ආකාරය 

1.ගම්පහ 2908
2 කොළඹ 1584
3 කුරුණගල 114
4 කළුතර 189
5 ගාල්ල 52
6 මහනුවර 23
7 කෑගල්ල 38
8 පුත්තලම 29
9 අම්පාර 15
10 මඩකලපුව 28
11 මන්නාරම 09
12 ත්‍රිකුණාමලය 08
13 නුවරඑලිය 26
14 මාතර 09
15 රත්නපුර 18
16 බදුල්ල 08
17 වවුනියා 13
18 මාතලේ 10
19 අනුරාධපුර 03
20 පොලොන්නරුව 03
21 යාපනය 04
22 හම්බන්තොට 03
23 මොණරාගල 03

24 නිරෝධායන මධ්‍යස්ථාන 634

මුළු එකතුව 5731


Update :

ගාල්ල අක්මීමන ප්‍රදේශයේ 23 හැවිරිදි පුද්ගලයෙක් කොරෝනා ආසාදිත බවට පෞද්ගලික රෝහලකින් කළ පීසීආර් පරීක්ෂණයකින් තහවුරු වී ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.

ඔහුට කොරෝනා වෛරසය වැළදී ඇති ආකාරය සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වී නැතැයි ද එම මධ්‍යස්ථානය පවසයි.

විදෙස්ගත වීමට අවශ්‍ය නිසා පෞද්ගලික රෝහලකින් කරන ලද පීසීආර් පරීක්ෂණයකින් මේ බව හෙළි වී ඇතැයි ද එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

ඔහුට කොරෝනා ආසාදිත වූ ආකාරය තවමත් ගැටළුවක් බවටත් ඔහුගේ සහෝදරයා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට නිවසට පැමිණ ඇති බවටත් එම මධ්‍යස්ථානය තවදුරටත් කියයි.

ඔහුගේ පවුලේ හත් දෙනකු සිටින බවද ඔවුන්ට පීසීආර් පරීක්ෂණ සිදුකරන බව ද කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.


Update : 

කළුතර දිස්ත්‍රික්කයේ හුදකලා ගම්මාන ලෙස නම් කර ඇති මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බදුගම නව ජනපදනය ගම්මානය හැර අනෙක් සියලු ගම්මාන හුදකලා ගම්මාන ලෙස නම් කිරීමෙන් ඉවත් කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.


Update :

එලිෆන්ට් හවුස් මූලස්ථානයේ දෙදෙනකුට කොරෝනා ආසාදිත වී ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.


2020.10.28


තවත් කොවිඩ් 19 ආසාදිතයින් 124ක් හඳුනාගෙන ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව අද දිනට තහවුරු වූ සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 335කි.


Update :

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සේවය කරන පුද්ගලයකු කොරෝනා ආසාදිතයකු බවට තහවුරු වී ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියයි.

ඔහු මාලඹේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවද ඔහුට පැලියගොඩ පොකුරෙන් කොරෝනා ආසාදිත වන්නට ඇතැයි ද එම මධ්‍යස්ථානය කියයි.


Update :

තවත් ආසාදිතයින් 211 දෙනකු තහවුරු වූ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියයි.

බහුතරය පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයින් බව ද 202 දෙනකුම නිරෝධායන මධ්‍යස්ථානවලට පිටතින් බව ද එම මධ්‍යස්ථානය පවසයි.

09 දෙනකු පමණක් නිරෝධායන මධ්‍යස්ථානවලින් තහවුරු වූ බව එම මධ්‍යස්ථානය කියයි.


Update :

බස්නාහිර පළාතේ සිටින ජනතාවට එම පළාතෙන් පිටතට නොයන ලෙස යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඉල්ලා සිටියි.

හෙට රාත්‍රී 12 සිට සඳුදා දක්වා ඇඳිරිනීතිය පනවන ප්‍රදේශවලට (දැනට ඇඳිරිනීතිය පනවා ඇති ප්‍රදේශ හැර) එම ඇඳිරිනීතිය තාවකාලික බැවින් එසේ බස්නාහිර පළාතෙන් පිට නොවන්නැයි ඔහු පවසයි.


Update :

හෙට (29) මධ්‍යම රාත්‍රියේ සිට නොවැම්බර් 02 උදෑසන 05 දක්වා බස්නාහිර පළාතට නිරෝධායන ඇඳිරි නීතිය පනවන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.


Update :

⁣පසුගිය පැය 24 තුළ තහවුරු කෙරුණු කොරෝනා ආසාදිතයන් 457 අතුරින් 220ක්ම තහවුරු වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 183 දෙනකුද කළුතර දිස්ත්‍රික්කයෙන් 16 දෙනකුද තහවුරු වී තිබේ.

එමෙන්ම නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් 10 දෙනකු සහ බදුල්ල දිස්ත්‍රික්කයෙන් 05 දෙනකු කොරෝනා ආසාදිතයින් බවට තහවුරු වී ඇති අතර හම්බන්තොට, මාත⁣ලේ සහ නුවර දිස්ත්‍රික්කවලින් එක් කොරෝනා ආසාදිතයකු බැගින් තහවුරු වී ඇතැයි ද එම මධ්‍යස්ථානය කියයි.

ඊයේ තහවුරු වූ කොරෝනා රෝගීන් හමුවූ ප්‍රදේශ

ගම්පහ දිස්ත්‍රික්කය – 220

ගම්පහ 01
රාගම 05
පෑලියගොඩ 40
දෙල්ගොඩ 02
කැළණිය – 30
වත්තල – 06
ජාඇල 33
ඒකල 03
කඳාන 23
උස්වැටකෙයියාව 01
නාගොඩ 01
දිවුලපිටිය 02
කිතල්වල 01
හොරම්පැල්ල 01
දූනගහ 02
කොටදෙනියාව 01
බඩල්ගම 01
කටාන 01
ඉඹුල්ගොඩ 01
නැදුන්ගමුව 02
කඩවත 32
ඇල්දෙණිය 03
එඬේරමුල්ල 05
මහර 02
ගණේමුල්ල 05
වැලිවේරිය 07
වෑ⁣බඩ 05
බටේපොල 01
හේනේගම 01
ගෝනහේන 01
මැයිගහමුල 01

කොළඹ දිස්ත්‍රික්කය – 183

බොරැල්ල 29
වනාතමුල්ල 01
කොටහේන 44
මරදාන 06
නාරහෙන්පිට 10
ග්‍රෑන්ඩ්පාස් 09
හුනුපිටිය 01
වැල්ලම්පිටිය 06
මට්ටක්කුලිය 36
වැල්ලවත්ත 09
අළුත්කඩේ 04
මෝදර 07
දෙමටගොඩ 05
කොළඹ කොටුව 04
දෙහිවල 01
සේදවත්ත 01
පමුනුගම 01
රත්මලාන 01
ගල්කිස්ස 01
කොම්පඤ්ඤ වීදිය 01
මොරටුව 06

කළුතර දිස්ත්‍රික්කය – 16

බණ්ඩාරගම 01
බේරුවල 04
පයාගල 02
පානදුර 07
මීගස්තැන්න 02
එකතුව 16

ගාල්ල දිස්ත්‍රික්කය – 02
පිටිගල 01
ඇල්පිටිය 01
හම්බන්තොට දිස්ත්‍රික්කය – 01
වීරකැටිය 01
රත්නපුර දිස්ත්‍රික්කය 05
අවිස්සාවේල්ල 02
රත්නපුර 03
නුවර දිස්ත්‍රික්කය 01
කඩුගන්නාව 01
මාතලේ දිස්ත්‍රික්කය – 01
උකුවෙල 01
නුවරඑලිය දිස්ත්‍රික්කය – 10
හැටන් 10
බදුල්ල දිස්ත්‍රික්කය- 05
බණ්ඩාරවෙල 02
දියතලාව 01
හපුතලේ 01
වැලිමඩ 01
කුරුණෑගල දිස්ත්‍රික්කය – 03
වාරියපොල 01
පන්නල 01
නිකවැරටිය 01
නිරෝධායන මධ්‍යස්ථාන – 10

 


2020.10.27


තවත් කොරෝනා ආසාදිතයින් 164 දෙනකු තහවුරු වූ බවත් ඉන් 156 දෙනකු නිරෝධායන මධ්‍යස්ථානවලට පිටතින් බවත් කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

අට දෙනකු නිරෝධායන මධ්‍යස්ථානවලින් බව ද එම මධ්‍යස්ථානය කියයි.ඒ අනුව අද දිනයේ තහවුරු වූ මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 457කි.

මොරටුව, පානදුර උතුර, පානදුර දකුණ සහ හෝමාගම පොලිස් බල ප්‍රදේශවලට ඇඳිරිනීතිය පනවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි .


Update :

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ දින 08 දී කළ පීසීආර් පරීක්ෂණවලින් 1150කට පමණ කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වීයැයි කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පැවසුවාය.

පසුගිය දින හත ඇතුළත කොරෝනා ආසාදිතයන් 956 ක්ද, අද දිනය ඇතුළත කොරෝනා ආසාදිතයන් 180ක් පමණ ද තහවුරු කර ගැණුනු බව නගරාධිපතිවරිය කීවාය. කොළඹ මහ නගර සභාව මගින් අහඹු ලෙස පීසීආර් පරීක්ෂණ සිදු කළ බව නගරාධිපතිනිය සඳහන් කළාය. (සම්පූර්ණ පුවත මෙතැනින්)

 


Update :

 

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල ඖෂධ සහ ආහාර ද්‍රව්‍ය අලෙවිසැල් විවෘත කිරීම සඳහා සතියට දින දෙක බැගින් ලබා දී තිබේ.

ඒ අනුව කොළඹ සහ කුරුණෑගල දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරිනීතිය පවතින ප්‍රදේශවල අත්‍යවශ්‍ය වෙළෙඳසැල් අඟහරුවාදා සහ සිකුරාදා දිනවල විවෘත කිරීමට අවසර හිමි වෙන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ සහ කළුතර දිස්ත්‍රික්කයේ ඇඳිරිනීතිය පවතින ප්‍රදේශවල වෙළෙඳසැල් සඳුදා සභ බ්‍රහස්පතින්දා දිනවල විවෘත කිරීමට අවසර හිමිවන බව ද එම මධ්‍යස්ථානය කියයි.

එම වෙ⁣ළෙඳසැල් එම දිනවල උදෑසන 8.00 සිට රාත්‍රී 10.00 දක්වා විවෘත කිරීමට අවසර හිමිවෙයි.


Update :

තවත් කොරෝනා ආසාදිතයින් 293 දෙනකු තහවුරු වූ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඉන් 291 දෙනකුම නිරෝධායන මධ්‍යස්ථානවලින් පිටත බවත් දෙදනකු නිරෝධායන මධ්‍යස්ථානවලින් බවත් එම මධ්‍යස්ථානය කියයි.


Update :

තවත් කොරෝනා රෝගීන් දෙදනකු මිය ගොස් ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියයි.

 

කොළඹ පදිංචි වයස අවුරුදු 19ක තරුණයෙක් සහ වයස අවුරුදු 75ක පුද්ගලයෙකු මෙලෙස මිය ගොස් ඇතැයි එම මධ්‍යස්ථානය පවසයි.

ඔවුන් දෙදනාම කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන විටදීත් මිය ගොස් සිට ඇති අතර ඔවුන් සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් කරන ලද පීසීආර් පරීක්ෂණ අනුව කොරෝනා ආසාදිතයින් බවට තහවුරු වී තිබේ.

ඒ අනුව අද මේ වන තෙක් පමණක් මිය ⁣ගිය සංඛ්‍යාව 03කි.


Update :

පානදුර කෙසෙල්වත්ත මත්ස්‍ය වෙළඳ සංකීර්ණය ලොක්ඩවුන් කළ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියයි.

පානදුර උතුර පොලිස් බල ප්‍රදේශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් 08 දෙනකුද පානදුර දකුණ පොලිස් බල ප්‍රදේශයෙන් 04 දෙනකුද තහවුරු වී ඇතැයි එම මධ්‍යස්ථානය පවසයි.


Update :

තවත් කොරෝනා රෝගියකු මිය ගිය බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියයි.

අවුරුදු 41ක් වයසැති ඔහු ජා ඇල ප්‍රදේශයේ පදිංචිකරුවකු බව ද එම මධ්‍යස්ථානට පවසයි.


Update :

පසුගිය පැය 24 තුළ තහවුරු කෙරුණු කොරෝනා ආසාදිතයින් 541 අතුරින් වැඩිම පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියයි.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් 369 දෙනකුද, කොළඹ දිස්ත්‍රික්කයෙන් 126 දෙනකුද තහවුරු වී ඇතැයි ද කෑගල්ල,නුවර, බදුල්ල සහ පුත්තලම යන දිස්ත්‍රික්වලින් එක් රෝගියකු බැගින්ද තහවුරු වී තිබේ.

ඊයේ රෝගීන් තහවුරු වූ ප්‍රදේශ

ගම්පහ දිස්ත්‍රික්කය- 369

ගම්පහ-54
මහර 67
බියගම – 63
කැලණිය 74
වත්තල 08
මිරිස්වත්ත 02
පෑලියගොඩ 10
ජාඇල 74
උඩුගම්පොළ 01
ගණේමුල්ල 02
කඳාන 03
මිනුවන්ගොඩ 09

කොළඹ දිස්ත්‍රික්කය

කොළඹ(1-18) 77
කොටිකාවත්ත 04
මොරටුව – 02
මෝදර – 02
අංගොඩ – 02
කිරිබත්ගොඩ – 01
ගෝනවල – 01
ඔරුගොඩවත්ත – 02
පංචිකාවත්ත – 01
කෙසෙල්වත්ත – 01
වෑබඩ – 03
ග්‍රැන්ඩ්පාස් – 03
වැල්ලම්පිටිය – 12

කෑගල්ල දිස්ත්‍රික්කය – 01
නුවර දිස්ත්‍රික්කය – 01
බදුල්ල දිස්ත්‍රික්කය – 01
පුත්තලම දිස්ත්‍රික්කය – 01

නිරෝධායන මධ්‍යස්ථාන – 42


Update :

හැටන් නගරය හුදකලා කළ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියයි. ඒ කොරෝනා රෝගීන් 13 දෙනකු එම ප්‍රදේශයෙන් හමුවීමත් සමගයි.


2020.10.26


Update :

තවත් කොරෝනා ආසාදිතයන් 261ක් වාර්තා වූ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

ඉන් 234 දෙනකු පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයින් බවත් 27 දෙනකු නිරෝධායන මධ්‍යස්ථානවලින් බවත් එම මධ්‍යස්ථානය කියයි.

ඒ අනුව අද (26) දිනයේදී තහවුරු වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 541ක් දක්වා ඉහළට ගොස් ඇත.


Update :

තවත් කොවිඩ් 19 ආසාදිතයින් 280 ක් වාර්තා වී ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියයි.

ඉන් 265ක්ම මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුරුවල ආශ්‍රිතයින් බවත් 15 දෙනකු නිරෝධායන මධ්‍යස්ථානවලින් බවත් එම මධ්‍යස්ථානය පවසයි.


Update :

මින් ඉදිරියට හමුවන කොරෝනා ආසාදිතයින්ගේ පළමු ආශ්‍රිතයින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන නොගොස් නිවෙස් නිරෝධායනයට යොමු කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

මෙසේ හඳුනා ගනු ලබන පළමු පෙළ ආශ්‍රිතයින් සිය නිවෙස් තුලම රැඳී සිටිනු ඇති බවට අපේක්ෂා කරන බව ද හමුදාපතිවරයා පැවසීය.


Update :

DPL Gloves කම්හලේ සේවකයින් 07 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියයි.

එමෙන්ම මීගමුව Ansen Lanka කම්හලෙන්ද එක් කොරෝනා ආසාදිතයකු හමු වී තිබේ.


Update :

මීට පෙර වසා දැමුණු කටුනායක Okaya Lanka කම්හලෙන්ද ආසාදිතයකු තහවුරු වී ඇතැයි එම කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.


Update :

පාර්ලිමේන්තුව අද (26) සහ හෙට (27) සම්පූර්ණයෙන්ම වසා දැමීමට පාර්ලිමේන්තුවේ පරිපාලන අංශය තීරණය කර තිබේ.

ඒ අනුව අද සහ හෙට දිනයන්හි දී පාර්ලිමේන්තුව සම්පූර්ණයෙන්ම විෂබීජහරණය කිරිමට කටයුතු කරන බව පාර්ලිමේන්තුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නීල් ඉද්දේවල මහතා පැවසීය.

මේ හේතුවෙන් සියලුම පාර්ලිමේන්තු සේවකයින් අද සහ හෙට දිනයනහිදී නිවෙස්වලට වී සිටින ලෙස ද හෙතෙම ඉල්ල සිටින අතර පාර්ලිමේන්තුව යළි 28 වැනිදා කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි ද ඒ මහතා කීවේය.

පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයට අයත් ආරක්ෂක අංශයේ නිලධාරීයෙකුට කෝවිඩි-19 ආසාදනය වීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.


2020.10.25


Update :

තවත් කොරෝනා ආසාදිතයෙක් මිය ගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි.

ඔහු වයස අවුරුදු 70ක පුද්ගලයකු බවත් කොළඹ 02 ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.

ඔහු අද (25) අලුයම කොළඹ ජාතික රෝහලේ ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ දී මිය ගොස් ඇතැයි ද කරන ලද පීසීආර් පරීක්ෂණයකින් ඔහු ආසාදිත බවට තහවුරු වී ඇතැයි ද එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

පසුගිය 23 වැනිදා රුධිරයට විෂබීජයක් ඇතුළු වීම නිසා ඇති වූ සංකූලතා මත ජාතික රෝහලට ඇතුළත් වී ඇතැයි ද ඔහු මිය ගොස් ඇත්තේ එම සංකූලතා හේතුවෙන් බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි.

මෙය මෙරට 16 වැනි කොරෝනා මරණය බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.


Update :

තවත් කොරෝනා රෝගීන් 85 දෙනකු තහවුරු වූ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියයි.

ඔවුන් සියලු දෙනාම නිරෝධායන මධ්‍යස්ථානවලට පිටතින් බවත් එම මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව අද තහවුරු කෙරුණු මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 348කි.


Update :

බේරුවල, අලුත්ගම සහ පයාගල ප්‍රදේශවල හෙට(26) ඉවත් කිරීමට නියමිතව තිබූ ඇඳිරිනීතිය නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එම ප්‍රදේශවල ඇඳිරිනීතිය හෙට අලුයම 5ට ඉවත් කිරීමට නියමිතව තිබිණි.


Update :

තවත් කොරෝනා රෝගීන් 263 දෙනකු වාර්තා වූ බවත් ඉන් 227 දෙනකුම පෑලියගොඩ මත්ස්‍ය වෙළෙදපොළේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවත් කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

36 දෙනකු නිරෝධායන මධ්‍යස්ථානවලින් බව ද එම මධ්‍යස්ථානය කියයි.


Update :

ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු රාජ්‍ය හා පෞද්ගලික බැංකු ශාඛා හෙට (26) දින විවෘතව තබන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

මෙම ශාඛා විවෘත කිරීම සඳහා අවශ්‍ය වන කාර්ය මණ්ඩලයට රාජකාරී හැඳුනුම්පත භාවිත කරමින් සිය රාජකාරී කටයුතු සඳහා වාර්තා කළ හැකි බව ද එම දෙපාර්තමේන්තුව කියයි.

නමුත් ගනුදෙනු කිරීමට එන ජනතාව පැමිණිය යුතු ආකාරය සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුව සඳහන් කර නොමැත.


Update :

ගම්පහ දිස්ත්‍රික්කයට නැවත දැනුම්දෙන තුරු අඛණ්ඩව නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ගම්පහ දිස්ත්‍රික් ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට හෙට (26) පෙ.ව. 8.00 සිට රාත්‍රී 10.00 දක්වා අත්‍යවශ්‍ය වෙළෙඳසැල් හා ඖෂධ වෙළෙඳසැල් විවෘතව තබන බව ද එම දෙපාර්තමේන්තුව කියයි.


Update :

කොටුව, පිටකොටුව,බොරැල්ල, වැලිකඩ යන පොලිස් බලප්‍රදේශවලට අද (25) සවස 6.00 සිට නැවත දැනුම්දෙන තුරු නිරෝධායන ඇඳිරිනීතිය පනවන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.


Update :

හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ මවගේ අවමංගල්‍ය උත්සවයට සහභාගි වූ තිදෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය කියයි.

එම ප්‍රදේශය විෂබීජහරණය කරන බව ද එම කාර්යාලය පවසයි.


Click here for Old Updates

Previous articleමාධ්‍යවේදියගෙ වගකීම පවතින දේ කියන එක නෙමෙයි – ලේඛක සහ විචාරක ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර
Next articleඇඳිරිනීතිය අස්සේ කොළඹට පිටිනුත් පිරිස් කැඳවා හිරු සජීවී වැඩසටහනක් කරලා

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here