ඇඳිරිනීතිය අස්සේ කොළඹට පිටිනුත් පිරිස් කැඳවා හිරු සජීවී වැඩසටහනක් කරලා

ඇඳිරිනීතිය පනවා තිබියදීත් හිරු ටීවී මාධ්‍ය ආයතනය පිට ප්‍රදේශවල පිරිස් ගෙන්වා රියැලිටි වැඩසටහනක් අද (31) පැවැත්වීය.

කොළඹ තිබූ හිරු ස්ටාර් රියලිටි වැඩසටහනට පිට ප්‍රදේශවල පිරිස් ද සහභාගි වී තිබූ අතර ඇඳිරිනීතිය හිරුට අදාළ නැති දෙයක්දැයි සමාජ ජාලා ඔස්⁣සේ විශාල පිරිසක් ප්‍රශ්න කරති.

කොරෝනා පැතිර ගිය පළමු කාල සීමාවේ එනම් ඉකුත් අප්‍රේල් මාසයේදී හිරු මාධ්‍ය ආයතනය මෙලෙසම ඇඳිරිනීතිය නොසලකා නළු නිළියන් ගෙන්වා අවුරුදු උත්සවයක් සංවිධානය කළ අතර එහි පුහුණුවීම් සිදුකරන ආකාරය පටිගත කර සමාජ මාධ්‍ය ජාලවලට මුදාහැරියේයැයි එහි මාධ්‍යවේදියකු ඇතුළු කිහිපදෙනකු විනය පරීක්ෂණයක්වත් නොපවත්වා සේවයෙන් පහ කර තිබිණි.

එම සිද්ධිය සම්බන්ධයෙන් අකම්කරු දෙපාර්තමේන්තුවට ද පැමිණිලි කර තිබේ.

අද සිද්ධිය ගැන විමසීමට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධ කරගැනීමට උත්සහ කළද එය ව්‍යර්ථ විය.

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here