Blog : අද කොරෝනා ආසාදිතයින් 368ක්

Click here for New Updates 


2020.10.24


Update :

තවත් කොරෝනා ආසාදිතයන් 92ක් තහවුරු වූ බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.

ඒ අනුව අද (24) තහවුරු කෙරුණු මුළු ආසාදිතයින් සංඛ්‍යාව 368ක් දක්වා ඉහළ ගොස් තිබේ.


Update :

වාලච්චේන පොලිස් බල ප්‍රදේශය හුදකලා ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කරන බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.

අහඹු ලෙස පීසීආර් පරීක්ෂණ කිරීමෙන් පසු කොරෝනා ආසාදිතයින් තහවුරු වීම හේතුවෙන් මෙලෙස එම පොලිස් බල ප්‍රදේශය හුදකලා කළ බව එම මධ්‍යස්ථානය පවසයි.


Update :

තවත් කොරෝනා රෝගීන් 75 දෙනකු හමු වූ බවත් එම සියලු දෙනාම නිරෝධායන මධ්‍යස්ථානවලට පිටතින් බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.


Update :

වහාම ක්‍රියාත්මක වන පරිදි මාලිගාවත්ත, කෙසෙල්වත්ත, ආදුරුප්පුවීදිය, වේල්ලවීදිය සහ වෙරළ පොලීසිය යන පොලිස් බලප්‍රදේශ වලට යලි දැනුම් දෙන තුරු ඇඳිරිනීතිය පනවන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.


Update :

තවත් කොරෝනා ආසාදිතයින් 201 දෙනකු තහවුරු වූ බවත් ඉන් 24 දෙනකු ධීවර වරායන් ආශ්‍රිතව බවත් 140ක් එම පොකුරේ ආශ්‍රිතයින් බවත් කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.

තවත් 37 දෙනකු නිරෝධායන මධ්‍යස්ථානවලින් බව ද එම මධ්‍යස්ථානය සඳහන් කරයි.


Update :

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළට මසුන් රැගෙන ගිය ලොරියක සේවය කළ පුද්ගලයකු අද(24) කල්පිටිය රෝහලේ පීසීආර් පරීක්ෂණයක් කිරීමට සිටියදී හදිසියේ මිය ගොස් ඇතැයි කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඔහු කල්පිටිය කන්දක්කුලිය ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයකු බව ද එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

ඔහුට කොරෝනා ආසාදිත වී ඇත්දැයි තහවුරු කරගැනීමට පීසීආර් පරීක්ෂණයක් සිදුකර ඇතැයි එම මධ්‍යස්ථානය කියයි.


Update :

ගොතටුව සහ මුල්ලේරියාව පොලිස් බල ප්‍රදේශවලට අද(24) රාත්‍රී 7.00 සිට නැවත දැනුම් දෙන තුරු ඇඳිරිනීතිය පනවන බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියයි.


Update :

තවත් කොරෝනා රෝගියකු මිය ගොස් ඇතැයි කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

කුලියාපිටිය කිතලාව ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙකු කුලියාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මිය ගොස් තිබේ. ඔහු පසුගිය 14 වැනිදා රෝහල්ගත කර තිබිණි.


Update :

මෙතෙක් කොරෝනා වාර්තා නොවූ ප්‍රදේශවලිනුත් කොරෝනා ආසාදිතයන් වාර්තා වී ඇතැයි ඊයේ හඳුනාගත් රෝගීන් පදිංචි ප්‍රදේශ අනුව සනාථ වෙයි.

කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තා වලට අනුව ඊයේ රෝගීන් හඳුනාගත් ප්‍රදේශ පහත දැක්වෙයි.

  • නිරෝධායන මධ්‍යස්ථානවලින් – 48
  • පෑලියගොඩ මාළු වෙළඳපොල – 535
  1. වැල්ලම්පිටිය – 34
  2. මාකොල – 08
  3. කොටහේන – 63
  4. බම්බලපිටිය – 02
  5. හොකන්දර – 03
  6. මට්ටක්කුලිය – 79
  7. කොලොන්නාව – 12
  8. කැලනිය- 19
  9. පෑලියගොඩ – 54
  10. අංගොඩ – 06
  11. කොළඹ කොටුව – 02
  12. කඩවත – 19
  13. වත්තල – 44
  14. ගොතටුව – 02
  15. දෙමටගොඩ – 05
  16. ගලේවෙල – 02
  17. උස්වැටකෙයියාව – 02
  18. මතුගම – 02
  19. ග්‍රෑන්ඩ්පාස් – 26
  20. බුලත්සිංහල – 02
  21. අකුරැස්ස – 01
  22. මෝදර – 09
  23. මරදාන – 13
  24. මාලිගාවත්ත – 03
  25. නුගේගොඩ – 01
  26. මස්කෙලිය – 01
  27. කොල්ලුපිටිය – 01
  28. කොච්චිකඩේ – 01
  29. හෙයියන්තුඩුව – 02
  30. අළුත්කඩේ – 07
  31. ජා ඇල – 06
  32. මොරටුව – 04
  33. කඩුවෙල – 01
  34. හලාවත – 01
  35. පස්සර – 01
  36. ඔරුගොඩවත්ත – 03
  37. ලුණුගම්වෙහෙර – 01
  38. වටගොඩ – 01
  39. රාගම – 05
  40. අවිස්සාවේල්ල – 01
  41. පානදුර – 02
  42. මීගමුව – 14
  43. වෑ⁣බොඩ – 02
  44. බොරැල්ල – 06
  45. ජින්තුපිටිය – 01
  46. දන්කොටුව – 01
  47. බලපිටිය – 03
  48. ඉබුල්ගොඩ – 01
  49. හෝමාගම – 01
  50. ගම්පොල – 03
  51. ගල්කිස්ස – 03
  52. සීදුව – 03
  53. මාතර – 01
  54. ඌරුගමුව – 02
  55. තෙල්දෙනිය – 01
  56. බණ්ඩාරවෙල – 02
  57. කිරුලපන – 01
  58. හික්කඩුව – 01
  59. රාජගිරිය – 02
  60. ගෝනවල – 01
  61. හුනුපිටිය – 01
  62. බෙලිඅත්ත – 01
  63. පරගස්තොට – 01
  64. කළුතර – 01
  65. මත්තේගොඩ – 01
  66. කිරිල්ලවල – 01
  67. ඔලියමුල්ල – 01
  68. උඩුගම – 01
  69. බොගවන්තලාව – 01
  70. අටගොඩ – 01
  71. ඉමදුව – 01
  72. වවුනියාව – 01
  73. කුරුණෑගල – 01
  74. පල්ලෙවෙල – 01
  75. මහර – 01
  76. බත්තරමුල්ල – 01
  77. මාලබේ – 01
  78. මොණරාගල – 01
  79. නාවලපිටිය – 01
  80. සේදවත්ත – 01
  81. නාරාහේන්පිට – 01
  82. නාවල – 01
  83. මිනුවන්ගොඩ – 05
  84. දිවුලපිටිය – 04
  85. මිරිගම – 01
  86. දෙල්ගොඩ – 01
  87. කනාවත්ත – 01
  88. උඩුපිටිය – 01
  • ගාල්ල ධීවර වරාය – 05
  1. රත්ගම – 02
  2. බූස්ස – 01
  3. මාගොල්ල – 01
  4. මකුලුව – 01
  • බේරුවල ධීවර වරාය – 20
  1. කළුතර – 04
  2. බේරුවල – 08
  3. බෙන්තොට – 02
  4. රත්ගම – 01
  5. මුන්හේන – 01
  6. අළුත්ගම – 02
  7. වැලිපැන්න – 01
  8. පාණදුර – 01

වෙනත්

  • කොළඹ දිස්ත්‍රික්කය – 140
  1. බ්ලූමැන්ඩල් – 60
  2. බොරලැස්ගමුව – 01
  3. බොරැල්ල – 11
  4. ග්‍රෑන්ඩ්පාස් – 29
  5. කෙසෙල්වත්ත – 03
  6. කිරුලපන – 02
  7. මරදාන – 08
  8. මෝදර – 21
  9. නාරාහෙන්පිට – 01
  10. මිරිහාන – 01
  11. කොළඹ කොටුව – 01
  12. කොම්පඤ්ඤ වීදීය – 10
  13. වැල්ලම්පිටිය – 05
  14. වැලිකඩ – 01
  15. කොලොන්නාව – 06
  16. මොරටුව – 01
  17. අළුත්කඩේ – 08
  18. මට්ටක්කුලිය – 08
  19. මාදම්පිටිය – 02
  20. අංගොඩ – 01
  21. කොටිකාවත්ත – 01
  22. කොටහේන – 03

ගම්පහ දිස්ත්‍රික්කය – 87

  1. ගම්පහ – 21
  2. පෑලියගොඩ – 07
  3. මාකොල – 04
  4. උස්වැටකෙයියාව – 02
  5. ගනේමුල්ල – 03
  6. රාගම – 07
  7. දෙමටගොඩ – 02
  8. වෑබොඩ – 01
  9. කඩවත – 02
  10. කැලනිය – 01
  11. මිනුවන්ගොඩ – 19
  12. හොරම්පැල්ල – 01
  13. උඩුගම්පොල – 01
  14. වේයන්ගොඩ – 16
  15. ජා ඇල – 01
  • ගාල්ල දිස්ත්‍රික්කය – 03
    1.හික්කඩුව – 02
    2.නෙළුව – 01
  • කුරුණෑගල දිස්ත්‍රික්කය – 15
    1.කුලියාපිටිය – 14
    2.ගෝනවිල – 01
  • බදුල්ල දිස්ත්‍රික්කය – 03
    1.වැලිමඩ – 01
    2.හසලක – 02
  • රත්නපුර දිස්ත්‍රික්කය – 01
    කුට්ටිගල – 01
  • කෑගල්ල දිස්ත්‍රික්කය – 02
    හිඟුල – 02
  • මහනුවර දිස්ත්‍රික්කය – 01
    වත්තේගම – 01
  • නුවරඑලිය දිස්ත්‍රික්කය – 02
    නුවර එලිය – 02
  • බදුල්ල දිස්ත්‍රික්කය – 03
    වැලිමඩ – 01
    හසලක – 02
  • මාතර දිස්ත්‍රික්කය- 01
    මාතර – 01
  • අනුරාධපුර දිස්ත්‍රික්කය – 02
    අනුරාධපුර – 02
  • දකුණු කොරියාවේ සිට ආපසු පැමිණි – 01 (SLAF වන්නි නිරෝධායන මධ්‍යස්ථානය)

   එකතුව – 866


Update:

සපුගස්කන්ද , බටලන්ද යුධ හමුදා කදවුරේ කපිතාන්වරයෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියයි.

ඔහු හමුඳා කඳවුරට මාළු ගැනීමට ගොස් ඇතැයි ද එහිදී කොරෝනා ආසාදිත වන්නට ඇතැයි ද එම මධ්‍යස්ථානය සඳහන් කරයි.මේ වන විට ඔහු අයිඩීඑච් රෝහල වෙත මාරු කර යවා ඇති බවත් එම මධ්‍යස්ථානය කියයි.


2020.10.23


Update :

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුරුවලින් තවත් කොරෝනා ආසාදිතයින් 256 දෙනකු තහවුරු වූ බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඉන් 39 දෙනකු පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයෙන් බවත් 217ක් බාහිර ප්‍රදේශවලින් බවත් එම මධ්‍යස්ථානය කියයි.

අද දිනයේ තහවුරු වූ මුළු ආසාදිත සංඛ්‍යාව 865 ක් වන අතර එය මෙතෙක් දිනකට වාර්තා වූ ඉහළම සංඛ්‍යාවයි.


Update :

කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගුලවිට උතුර, ගුලවිට දකුණ, වෙදවත්ත, මගුරුමස්විල, මාකලන්දාව යන ග්‍රාම නිලධාරී වසම්වල නැවත දැනුම්දෙන තුරු හුදකලා ගම්මාන ලෙස නම් කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි.


Update :

දෙමටගොඩ සහ මරදාන පොලිස් බල ප්‍රදේශවලට නැවත දැනුම් දෙන තුරු ඇඳිරිනීතිය පනවන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එමෙන්ම පයාගල, බේරුවල සහ අලුත්ගම යන පොලිස් බල ප්‍රදේශවලට සඳුදා (26) අලුයම 5.00 දක්වා ඇඳිරිනීතිය පනවන බවද එම දෙපාර්තමේන්තුව පවසයි.


Update :

තවත් කොරෝනා ආසාදිතයින් 609ක් වාර්තා වූ බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඉන් 496 දෙනකුම පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයෙන් බවත් 20 දෙනකු බේරුවල ධීවර වරායෙන් බවත්, 05 දෙනකු ගාල්ල ධීවර වරායෙන් බවත් එම මධ්‍යස්ථානය කියයි.

නිරෝධායන මධ්‍යස්ථානවලට පිටතින් තවත් 40 දෙනකු ද නිරෝධායනය මධ්‍යස්ථානවලින් 48 දෙනකු තහවුරු වූ බව ද එම මධ්‍යස්ථානය සඳහන් කරයි.


Update :

තවමත් මුළු දිවයිනටම ඇඳිරිනීතිය පැනවීමට අවශ්‍යතාවක් නැතැයි ද දැනට ඇඳිරිනීතිය පනවා ඇති ප්‍රදේශවලට හැර සෙසු ප්‍රදේශවලට ඇඳිරිනීතිය පැනවීමට අවශ්‍යතාවක් නැතැයි ද කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියයි.


Update :

ගාල්ල මත්ස්‍ය වෙළෙඳපොලේ පස්දෙනකුට කොරෝනා ආසාදිත වී ඇතැයි කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියයි.


Update :

ඊයේ(22) තහවුරු කෙරුණු කොරෝනා රෝගීන් 309 දෙනාගෙන් වැඩි පිරිසක් ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්ක වලින් බව නිකුත් කළ වාර්තා පෙන්වා දෙයි.

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ආසාදිතයින් – 188

  • කැළණිය – 53
  • කොළඹ – 79
  • වත්තල – 09
  • කඩුවෙල – 06
  • දෙමටගොඩ – 15
  • කඩවත – 07
  • කිරිබත්ගොඩ – 03
  • මොරටුව – 03
  • කොටහේන -04
  • වැල්ලම්පිටිය – 09

කොළඹ දිස්ත්‍රික්කය – අනෙකුත් රෝගීන්

  • කොළඹ – 14
  • කොටහේන 07
  • මුල්ලේරියාව 04
  • ග්‍රෑන්ඩ්පාස් 04
  • බ්ලූමැන්ඩල් – 01
  • දෙහිවල 01

ගම්පහ දිස්ත්‍රික්කය

  • ගම්පහ – 08
  • වත්තල 02
  • රාගම 01
  • මිනුවන්ගොඩ 14
  • දිවුලපිටිය – 04
  • කටුනායක 10

ගාල්ල දිස්ත්‍රික්කය

  • ගාල්ල – 09

මාතර දිස්ත්‍රික්කය 

  • මාතර – 01

කුරුණෑගල දිස්ත්‍රික්කය

  • කුලියාපිටිය 14

අනුරාධපුර දිස්ත්‍රික්කය

  • අනුරාධපුර – 02

2020.10.22


තවත් කොරෝනා ආසාදිතයින් 259ක් වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි.

ඉන් 182 දෙනකුම පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයෙන් බවත් 259 දෙනාගෙන් 75 දෙනකු මිනුවන්ගොඩ පොකුරේ ආශ්‍රිතයින් බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.


Update :

කොරෝනා ආසාදිත කාන්තාවක අද(22) මිය ගිය බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියයි

කුලියාපිටියේ පදිංචි 50 හැවිරිදි කාන්තාවක මෙලෙස මිය ගොස් ඇතැයි ද ඇය අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගිය බවද එම මධ්‍යස්ථානය පවසයි


Update :

අද පස්වරු 6.00 සිට කොළඹ කොටහේන පොලිස් බල ප්‍රදේශයට නිරෝධායන ඇඳිරි නීතිය පනවන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.


Update :

තවත් කොවිඩ් ආසාදිතයින් 50 දෙනෙක් තහවුරු වූ බවත් ඉන් 22 දෙනකු කටුනායක වෙළඳ කලාපයේ කර්මාන්ත ශාලා දෙකකින් තහවුරු වූ බවත් කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියයි.

ඉන් 06 දෙනකු පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැලෙන් බවද එම මධ්‍යස්ථානය සඳහන් කරයි.


Update :

මුල්ලේරියාව රෝහලට ප්‍රතිකාර ලබාගැනීමට ඊයේ (21) පැමිණි දෙදෙනකුට කරන ලද අහඹු PCR පරීක්ෂණයකදී ඔවුන් දෙදෙනාට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියයි.


Update :

කොළඹ රේගු කාර්යාලයේ පුද්ගලයකුටත් කොරෝනා ආසාදිත වී ඇතැයි කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

මීට අමතරව ජා ඇල කොස්මෝ ලෝඩ්ස්ටාර් පුද්ගලික සමාගමේ සේවකයකුට සහ පෑලියගොඩ මයික්‍රො පුද්ගලික සමාගමේ සේවකයකුට ද වෛරසය ආසාදනය වී ඇති බව එම මධ්‍යස්ථානය කියයි.


Update :

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොලේ සිටි පුද්ගලයින් 863 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන 6 ක් වෙත යොමු කළ බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.


Update :

මට්ටක්කුලිය, මෝදර, බ්ලුමැන්ඩල්, ග්‍රෑන්ඩ්පාස්, වැල්ලම්පිටිය යන පොලිස් බලප්‍රදේශවලට නැවත දැනුම්දෙනතුරු ඇඳිරිනීතිය පනවන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.


2020.10.21


Update :

තවත් කොරෝනා ආසාදිතයින් 57 දෙනකු වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඉන් 56 දෙනකුම නිරෝධායන මධ්‍යස්ථානවලට පිටතින් බව ද එම දෙපාර්තමේන්තුව කියයි.ඒ අනුව අද හමුවු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 166ක් වන අතර මිනුවන්ගොඩ පොකුරේ මුළු ආසාදිත සංඛ්‍යාව 2508 දක්වා ඉහළ ගොස් තිබේ.


Update :

කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අගලවත්ත, ගොරක්ගොඩ, බෙරගම, දාපිලිගොඩ, කැකුලන්දර උතුර යන ග්‍රාම නිලධාරී කොට්ඨාස සහ පාලින්ද නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසායේ බෙල්ලන ග්‍රාම නිලධාරී කොට්ටාසය වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු හුදකලා කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.


Update :

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළෙඳසැලක ව්‍යාපාරිකයෙකු⁣ට කොරෝනා ආසාදිත වී ඇතැයි කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියයි.


Update :

අද රාත්‍රී 10.00 සිට සඳුදා (26) අලුයම 5.00 දක්වා බලපාන පරිදි මුළු ගම්පහ දිස්ත්‍රික්කයටම ඇඳිරිනීතිය පනවන බව පොලිසිය පවසයි.

මීට පෙර එම දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 19කට ඇඳිරිනීතිය පනවා තිබිණි.


Update :

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ 49දෙනකුට කොරෝනා ආසාදිත වී ඇතැයි කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.


2020.10.20


Update :

තවත් කොරෝනා රෝගීන් 120 දෙනකු තහවුරු වී ඇතැයි කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියයි.

ඉන් 83 දෙනකුම නිරෝධායන මධ්‍යස්ථානවලට පිටතින් තහවුරු කෙරුණු පුද්ගලයන් බවද ඔවුන් පොකුරේ ආශ්‍රිතයන් බවද එම මධ්‍යස්ථානය සඳහන් කරයි.ආසාදිතයින් 37 දෙනකු නිරෝධායනය මධ්‍යස්ථානවලින් තහවුරු වූ බව එම මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව එම පොකුරේ මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2342 දක්වා ඉහළ ගොස් තිබේ.


Update :

කොළඹ කොටුව පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරියෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.


Update :

කටුනායක ආයෝජන කලාපයේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව 259 දක්වා ඉහළ ගොස් ඇතැයි කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.

ඉන් 209 දෙනකු Next ඇඟළුම් කම්හලෙන්ද 50 දෙනකු Chiefway කම්හලෙන් බවද එම මධ්‍යස්ථානය කියයි.


Update :

තවත් කොරෝනා රෝගීන් 60 දෙනකු තහවුරු වූ බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඒ සියලු දෙනාම නිරෝධායන මධ්‍යස්ථානවලට පිටතින් වාර්තා වී ඇති බවද එම මධ්‍යස්ථානය සඳහන් කරයි.


Update :

කුලියාපිටිය පොලිස් කොට්ඨාසයේ කුලියාපිටිය, පන්නල, ගිරිඋල්ල, නාරම්මල සහ දුම්මලසූරිය යන පොලිස් බලප්‍රදේශවලට වහාම ක්‍රියාත්මකවන පරිදි නිරෝධායන ඇදිරිනීතිය පනවන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

කොවිඩ්-19 ආසාදිත සංඛ්‍යාව පිළිබඳ සලකා බලා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් මත මෙලෙස ඇඳිරිනීතිය පැනවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. උසස් පෙළ විභාග⁣යට යන සිසුන්ට මින් කිසිදුුු බාධවක් නැතැයි ඒ මහතා පැවසීය.


2020.10.19


Update :

තවත් කොරෝනා ආසාදිතයින් 40 දෙනකු තහවුරු වූ බවත් ඉන් 21 දෙනකු නිරෝධායන මධ්‍යස්ථානවලින් බවත් COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියයි.


Update :

නිරෝධායන ඇදිරිනීතිය පනවා ඇති ප්‍රදේශවල ආහාර සහ ඖෂධ වෙළඳසැල් හෙට (20) පෙ.ව 8.00 සිට රාත්‍රී 10.00 දක්වා විවෘතව තැබීමට අවසර ලැබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි


Update :

කොළඹ වරායේ නැව් තටාංගණයෙන් තවත් කොරෝනා ආසාදිතයින් 11 දෙනෙකු තහවුරු වූ බවත් කුලියාපිටියෙන් තවත් කොරෝනා රෝගීන් 14 දෙනකු තහවුරු වූ බවත් COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

කුලියාපිටියේ ආසාදිත වූ පිරිස ස්වයං නිරෝධායනයේ සිටි අය බවද සඳහන් කරයි.


Update :

නිරෝධායන මධ්‍යස්ථානවලට පිටතින් කොරෝනා රෝගීන් 43 දෙනකුද , නිරෝධායන මධ්‍යස්ථානවලින් කොරෝනා රෝගීන් 4 දෙනකුද තහවුරු වූ බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.


2020.10.18


Update :

මතුගම ඕවිටිගම සුනන්දාරාම පිරිවෙනේ හිමිවරුන් පස් දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බවට COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

ඒ අනුව මතුගමින් හමුවූ රෝගීන් සංඛ්‍යාව 17 දක්වා ඉහළ ගොස් තිබේ.


Update :

මිනුවන්ගොඩ පොකුරේ තවත් කොරෝනා ආසාදිතයින් 39 දෙනකු තහවුරු වූ බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.

ඉන් 26 දෙනකු මිනුවන්ගොඩ පොකුරේ ආශ්‍රිතයින් බව ද ඔවුන් නිරෝධායන මධ්‍යස්ථානවලට පිටතින් තහවුරු වූ බව ද එම මධ්‍යස්ථානය පවසයි.


Update :

මතුගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ඕවිටිගල, බදුගම, සහ බදුගම නව ජනපදය හුදකලා ගම්මාන ලෙස නම් කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි.

එම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් 11 දෙනකු තහවුරු වී ඇතැයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

උසස් පෙළ සිසුන්ට මෙම හුදකලා කිරීම බලනොපාන බවද සෞඛ්‍ය පුරුදු අනුගමනය කරමින් එම විභාග කටයුතු වලට සහභාගි වන්නැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.


Update :

නිරෝධායන මධ්‍යස්ථානවලට පිටතින් තවත් 22 දෙනකුට කොරෝනා ආසාදිත වී ඇතැයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

මින් බහුතරය මිනුවන්ගොඩ පොකුරේ ආශ්‍රිතයින් බවද එම මධ්‍යස්ථානය කියයි.


2020.10.17


මිනුවන්ගොඩ පොකුරේ තවත් 42 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.

ඉන් 22 දෙනකු නිරෝධායන මධ්‍යස්ථානවලින් බවත් 20 දෙනකු නිරෝධායන මධ්‍යස්ථානවගට එපිටින් බවත් එම 20 දෙනා එම පොකුරේ ආශ්‍රිතයින් බවත් එම මධ්‍යස්ථානය කියයි.

ඒ අනුව අද(17) දිනයේ තහවුරු වූ කොරෝනා ආසාදියන් ගණන 115 දක්වාත් මිනුවන්ගොඩ පොකුරේ ආසාදිතයින් ගණන 2014 දක්වාත් ඉහළ ගොස් ඇතැයි එම මධ්‍යස්ථානය පවසයි.


Update :

කන්කසන්තුරේ නාවික හමුදා කඳවුරේ නාවිකයින් දෙදෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියයි.

ඔවුන් දෙදෙනා නිවාඩු ගොස් ආපසු පැමිණ නිරෝධායනය වෙමින් සිටි නාවිකයින් දෙදෙනකු බවත් නිරෝධායනය වෙමින් සිටියදී ඇතිවූ අසනීප තත්ත්වයක් නිසා රෝහල්ගත කිරීමෙන් අනතුරුව කරන ලද පීසීආර් පරීක්ෂණයකින් ඔවුන්ට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බවත් එම මධ්‍යස්ථානය සඳහන් කරයි.


Update :

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් තවත් කොරෝනා රෝගීන් 73 දෙනකු වාර්තා වූ බවත් ඉන් 71 දෙනකු නිරෝධායන මධ්‍යස්ථානවලින් පිටතින් හමූවී ඇති බවත් COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එම 73 දෙනාගෙන් දෙදෙනකු නිරෝධායන මධ්‍යස්ථානවලින් බව ද එම මධ්‍යස්ථානය කියයි.


2020.10.16


Update :

නිට්ටඹුව MAS Active ඇඟළුම් කම්හලේ සේවකයකුට කොරෝනා ආසාදිත වී ඇතැයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.


Update :

කළගෙඩිහේන Ortol clothing කම්හලේ සේවය කළ රඹුක්කන ඊරියගොල්ල ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට කොරෝනා ආසාදනය වී ඇතැයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.


Update :

තවත් කොරෝනා රෝගීන් 49 දෙනකු තහවුරු වූ බවත් ඉන් 35 දෙනකු නිරෝධායන මධ්‍යස්ථානවලින් බවත් 14 දෙනකු එම පොකුරේ ආශ්‍රිතයින් බවත් COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියයි.


Update :

මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් තවත් ආසාදිතයින් 61 දෙනකු තහවුරු වූ බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඉන් 58 දෙනකුම මිනුවන්ගොඩ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව ද තිදෙනකු නිරෝධායන මධ්‍යස්ථානවලින් බව ද එම මධ්‍යස්ථානය කියයි.


Update :

ඔක්තෝබර් 13 වැනිදා පෙරවරු 9.30ට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්වුණු මාධ්‍ය හමුවට සහභාගි වූ මාධ්‍යවේදියකු කොවිඩ්-19 වෛරස ආසාදිත වී ඇතැයි සැක කෙරෙන බවත් ඒ හා සම්බන්ධව තවදුරටත් පරීක්ෂණ කටයුතු සිදුකරන බවත් සෞඛ්‍ය අංශ සනාථ කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මේ හේතුවෙන් එම මාධ්‍ය හමුවට සහභාගි වු සියලු මාධ්‍යවේදීන්ගේ තොරතුරු රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් මේ වන විටත් අදාළ සෞඛ්‍ය අංශ වෙත දැනුම් දී ඇතැයි ද ඒ අනුව අවශ්‍යතාවක් මතු වුවහොත් අදාළ සෞඛ්‍ය උපදෙස් හා මගපෙන්වීම සෞඛ්‍ය අංශ විසින් එම මාධ්‍යවේදීන් වෙත කඩිනමින් ලබා දෙනු ඇතැයි ද එම දෙපාර්තමේන්තුව කියයි.

කෙසේ වුවද වෛරසය ආසාදිත බවට සැක කෙරෙන මාධ්‍යවේදියාගේ ඉදිරි සෞඛ්‍ය පරීක්ෂණවල ප්‍රතිඵල ලැබෙන තෙක් අදාළ මාධ්‍ය හමුවට සහභාගී වූ සියලු මාධ්‍යවේදීන්ට බාහිර සමාජයට විවෘත නොවී ආරක්ෂිතව නිවෙස්වල රැඳී සිටින ලෙස උපදෙස් ලබා දෙනමෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය දැනුම් දී ඇති බව එම දෙපාර්තමේන්තුව පවසයි.


Update :

ස්වාධීන රූපවාහිනී සේවයේ (ITN) සේවකයෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඔහු බලන්ගොඩ පදිංචිකරුවකු වන බව ද මෑත කාලයේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අසල පදිංචි වී සිට ඇතැයි ද එම මධ්‍යස්ථානය කියයි.


2020.10.15


Update :

මිනුවන්ගොඩ පොකුරෙන් තවත් කොරෝනා ආසාදිතයින් 19ක් වාර්තා වූ බවත් ඉන් 10 දෙනකු නිරෝධායන මධ්‍යස්ථානවලට පිටින් බවත් COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එම 10 දෙනා කම්හල් සේවකයින්ගේ ආශ්‍රිතයින් බව ද ඉතිරි 09 දෙනා නිරෝධායන මධ්‍යස්ථානවලින් බවද එම මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.


Update :

දැනට නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති ප්‍රදේශවල ආහාර ද්‍රව්‍ය අලෙවි කරන වෙළෙඳසැල් සහ ඖෂධහල් හෙට (16) උදෑසන 8.00 සිට රාත්‍රී 10.00 දක්වා විවෘත කිරීමට අවසර ලබාදෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හරහා COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දෙයි.


Update :

ටීබි ජයා මාවතේ හැටන් නැෂනල් බැංකු ගොඩනැගිල්ලේ එක් අයෙකුට කොරෝනා ආසාදිත වී ඇතැයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.


Update :

තවත් කොරෝනා ආසාදිතයින් 49ක් වාර්තා වූ බවත් ඉන් 36ක්ම නිරෝධායන මධ්‍යස්ථානවලට පිටතින් බවත් COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

13 දෙනකු නිරෝධායන මධ්‍යස්ථානවලින් බවද එම 49 දෙනාගෙන් බහුතරය මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කම්හලේ සේවකයින්ගේ ආශ්‍රිතයින් බවද එම මධ්‍යස්ථානය කියයි.


Update :

කළුතර රෝහලේ සේවය කරන හෙදියකට කොරෝනා ආසාදනය වී ඇතැයි ද ඇය පොදු ප්‍රවාහන සේවා භාවිත කර ඇතැයි ද COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.


Update :

කොළඹ නගර සභාවේ පුද්ගලයකුට කොරෝනා ආසාදිත වී ඇතැයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියයි. ඔහු කඩුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවකු බව ද එම මධ්‍යස්ථානය පවසයි.

 

Previous articleබොරුව පිළිගන්න සූදානම් සමාජයක ඇත්ත පෙන්වන එක අමාරු වැඩක් – නීතිඥ ජයන්ත දෙහිඅත්තගේ
Next articleමදූෂ් මරා දැමීමෙන් පසු කුඩු මාෆියාව ඉවරයි : පොලිසිය මදූෂ් මැරුවැයි කී කතාවත් බොරු

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here