වසංගතය ආණ්ඩුවට ලැබුණු බලපත්‍රයක් නොවෙයි : විරෝධතාකරුවන් අනතුරේ හෙළන්න එපා – ඒකාබද්ධ නිවේදනයකින් ආණ්ඩුවට බලපෑම් !

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත හරහා අධ්‍යාපනය මිලිටරිකරණයට ගන්නා උත්සාහය නතර කරන ලෙසත්, විරෝධතාවන්ට නායකත්වය දුන් ක්‍රියාකාරීන් අඛණ්ඩව රඳවා තබාගනිමින් ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව අනතුරේ නොහෙළන ලෙසත් ආණ්ඩුවට බලකරමින් සිවිල් සංවිධාන සහ පුද්ගලයන් 127ක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබේ.
වසංගතය යනු අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් කටයුතු කිරීමට ආණ්ඩුවට ලැබෙන බලපත්‍රයක් නොවන බව ද එම සංවිධාන අදාළ නිවේදනය මගින් වැඩිදුරටත් අවධාරණය කර සිටී.
එම සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.
කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගැනීමට ආණ්ඩු පාර්ශ්වය ගන්නා ප්‍රයත්නය, සිවිල් අවකාශය මිලිටරිකරණය කිරීමේ පියවරක් බව අප නිරීක්ෂණයයි. විශේෂයෙන්ම වසංගත අර්බුදයක් මධ්‍යයේ මෙවැනි පනතක් ගෙන ඒමට කඩිනම් වීමත් ඊට එරෙහිව පෙනී සිටින ශිෂ්‍ය ක්‍රියාකාරීන් සහ විශ්වවිද්‍යාල ආචාර්යවරු මර්දනය කිරීමත් අපි දැඩි සේ හෙළා දකිමු. තවද, මෙම පනතට එරෙහි විරෝධතාවන්ට නායකත්වය දුන් ශිෂ්‍ය නායකයන් ව්‍යාජ චෝදනා නගා සිරගත කිරීමත් වසංගත සමයක ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව අනතුරේ හෙළමින් කටයුතු කිරීමත් සම්බන්ධයෙන් රජය වගකිව යුතු බව ද අපි අවධාරණය කරමු.
මෙරට ප්‍රජාතන්ත්‍රීය අවකාශය සුරක්ෂිත කිරීම, මානව හිමිකම් ආරක්ෂා කිරීම, නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කිරීම, සංහිඳියාව ගොඩනැගීම වෙනුවෙන් සිවිල් සමාජය ලෙස අප අඛණ්ඩව පෙනී සිට ඇති අතර, සිවිල් අවකාශය මිලිටරිකරණය කිරීමට ගන්නා උත්සාහයන්ට එරෙහිව අපගේ විරෝධය දක්වන පළමු අවස්ථාව මෙය නොවේ. විශේෂයෙන්ම වත්මන් ආණ්ඩුව බලයට පත් වීමෙන් අනතුරුව කෘෂිකර්මාන්තය, අධ්‍යාපනය, සංස්කාතික උරුමයන් ආරක්ෂා කිරීම, සෞඛ්‍ය යනාදි ක්ෂේත්‍රයන් සඳහා හමුදා ප්‍රධානීන්ගේ සහ හමුදා සමාජිකයින්ගෙන් යුතු කාර්ය සාධක බලකා පත් කිරීම ඇතුළුව හමුදාකරණය වන ප්‍රතිචාර ඉහළ යෑම සම්බන්ධව අප දිගින් දිගටම අවධානය යොමු කර ඇත්තෙමු. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත හරහා අධ්‍යාපනය මිලිටරිකරණයට ගන්නා උත්සාහයට එරෙහිව මතු වී ඇති ජනතා අරගලයට අධ්‍යාපන මිලිටරිකරණයට එරෙහි සිවිල් ව්‍යාපාරය වශයෙන් අප සහය පළකරන්නේ එම අරගලයේම දිගුවක් වශයෙනි.
මෙම පනතේ අඩංගුව විමසා බැලීමේදි මෙය පැහැදිලිව සිවිල් අධ්‍යාපනය මිලිටරිකරණය කිරීමට ගන්නා තිව්‍ර උත්සාහයක් බව අප නිරීක්ෂණයයි.
යෝජිත කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත අනුව, ආරක්ෂක අමාත්‍යංශය සහ මිලිටරිය මගින් මුලුමනින්ම පාලනය කෙරෙන්නා වූ ද, 1978 විශ්වවිද්‍යාල පනතෙන් පරිබාහිරව සහ ස්වාධීනව ක්‍රියාත්මක වන්නා වූ ද විශ්වවිද්‍යාලයක් බවට කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය පත්වේ. ශ්‍රී ලංකාවේ දැනට තිබෙන රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය පාලනය වන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගිනි. එහෙත් යෝජිත කොතලාවල පනත මගින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට සමාන බලයක් සහිත සමාන්තර මිලිටරිමය විශ්වවිද්‍යාල පද්ධතියක් නිර්මාණය වනු ඇත. එම විශ්වවිද්‍යාල පද්ධතිය පාලනය කරනු ලබන්නේ ආරක්ෂක අමාත්‍යංශයේ හා සන්නද්ධ හමුදාවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත පාලක මඩුල්ලක් විසිනි.
මෙකි මිලිටරි ව්‍යුහය තුළ, මිලිටරි විනයට සිවිල් සිසුන් සහමුලින් යටත් කරන වගන්ති මෙම පනතේ අඩංගු බව අප නිරීක්ෂණයයි. “විශ්වවිද්‍යාලය තුළ පවතින යම් තත්ත්වයක් ජාතික ආරක්ෂාවට අනතුරුදායක වීමේ නැඹුරුවක් පවතින බවට හෝ ජාතික ප්‍රතිපත්තියට අහිතකර හෝ අගතිදායක බව” හෝ නැතහොත් එම තත්ත්වය මගින් විශ්වවිද්‍යාලයේ නිසි ක්‍රියාකාරීත්වය බිඳ වැටීමේ නැඹුරුවක් ඇති බවට අමාත්‍යවරයාගේ මතය වන අවස්ථාවක, “එම තත්ත්වය පාලනය කිරීම සඳහා අවශ්‍ය විය හැකි යයි ඔහු විසින් සලකනු ලබන පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා විසින් පාලක මණ්ඩලයට විධානය කරනු ලැබිය හැකි ය.”
ප්‍රජාතන්ත්‍රවාදී පසුබිමක් තුළ ශිෂ්‍යය ක්‍රියාකාරිත්වයන්ට තිබෙන ඉඩකඩ මෙම පද්ධතිය තුළට ඇතුළත් වන සිසුන්ගෙන් සම්පුර්ණයෙන්ම අහිමි කර ඇති බව මෙමඟින් තහවුරු කරන බව අප අදහසයි.
මේ සම්බන්ධයෙන් සිය විරෝධය පෑමට විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු මේ පිළිබඳ උනන්දු සියලුදෙනාට අයිතියක් ඇති අතර, මේ සඳහා නායකත්වය දුන් විශ්වවිද්‍යාල ආචාර්යවරු, ශිෂ්‍ය ක්‍රියාකාරීන් මර්දනය කිරීමේ උත්සාහයට අපගේ විරෝධය පළ කරමු. ව්‍යාජ චෝදනා නගමින් ශිෂ්‍ය ක්‍රියාකාරීන් හා ආචාර්යවරු බලහත්කාරයෙන් අත්අඩංගුවට ගැනීම්, ප්‍රශ්න කිරීම් පිළිබඳ සිදුවීම් ගණනාවක් මේ වන විට වාර්තා වී ඇත.
අගෝස්තු 03 වැනි දා පාර්ලිමේන්තු පාරේ පැවැති උද්ඝෝෂණයට සම්බන්ධ වූ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, අගෝස්තු 05 වැනි දා රාත්‍රියේ සිරස රූපවාහිනියේ සාකච්ඡාවකට සහභාගී වී ආපසු යමින් සිටිය දි අත්අඩංගුවට ගනු ලැබීය. තවද විරෝධතාවලට සම්බන්ධව සිටි චමීර කොස්වත්ත සහ කෝෂිලා හංසමාලි යන ශිෂ්‍ය ක්‍රියාකාරීන් ද අත්අඩංගුවට ගෙන ඇති අතර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අමිල සන්දීප ද බලහත්කාරයෙන් රැගෙන ගොස් අත්අඩංගුවට ගෙන ඇත. පනතට එරෙහි විරෝධතාවයකට ගොස් නැවත පැමිණෙමින් සිටියදි පිරිසක් ගමන් කළ බස් රථයකට ඇතුළු වූ සිවිල් ඇඳුමෙන් සැරසුණු තැනැත්තෙකු කිසියම් අයෙකු අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීම සම්බන්ධ සිදුවීමක් ද කථිකාචාර්ය අමින්ද ලක්මාල් සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබුණි. එමෙන්ම, කොතලාවල පනතට එරෙහිව මෙන්ම ගුරු විදුහල්පති අර්බුදය තුළ ක්‍රියාකාරීව කටයුතු කරන ක්‍රියාධරයන් මර්දනය කිරීමට ගත් උත්සාහයන් කෙරෙහි ද අප අවධානය පළ කරමු.
මෙම අත්අඩංගුවට ගැනීම් බොහොමයක්, නිරෝධායන නීති උල්ලංඝනය කළේය යන ව්‍යාජ චෝදනා මත සිදුව තිබෙන බව අප නිරීක්ෂණයයි. විරෝධතාවයක් සඳහා යොදා ගත් මිනීපෙට්ටියක ආකෘතියක් ගිනි තැබීම නිසා පොදු දේපලවලට හානි කර ඇතැයි යන චෝදනාව එල්ල කරමින් ශිෂ්‍ය ක්‍රියාකාරීන්ට ඇප ලබා දීම ප්‍රතික්ෂේප කර ඇත.
එලෙස බන්ධනාගාර ගත කරනු ලැබූ වසන්ත මුදලිගේ, අමිල සන්දීප සහ චමීර කොස්වත්ත යන ශිෂ්‍ය නායකයින්ට බන්ධනාගාරය තුළ දි කෝවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව දැනගන්නට ලැබේ. බලධාරීන්ගේ මෙම වගකීම් විරහිතභාවය සහ මොවුන්ගේ ජීවිත ආරක්ෂාව අනතුරේ හෙළමින් කටයුතු කිරීමේ වගකීම රජය බාර ගත යුතුව ඇති බව අපි දැඩිව අවධාරණය කරන්නෙමු. රැඳවුම්භාරයේ සිටින්නන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව, ආරක්ෂාව සහ සුබසාධනය තහවුරු කිරීම අවශ්‍යයෙන්ම රජයේ වගකීමකි.
වසංගතය යනු අයිතිවාසිකම් පසෙකලා ක්‍රියාත්මක වීමට රජයට ලබාදෙන බලපත්‍රයක් නොවන බව අපි දැඩිව අවධාරණය කරමු.
මේ වන විට පාර්ලිමේන්තුවට ගෙන ඒමට ප්‍රමාද කර තිබෙන කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත සම්පූර්ණයෙන් ඉවත්කර ගන්නා ලෙසත්, විරෝධය පෑමට හා අදහස් ප්‍රකාශ කිරීමට ජනතාවට ඇති අයිතිය අහිමි නොකරන ලෙසත්, රඳවාගෙන සිටින ශිෂ්‍ය නායකයන් නිදහස් කිරීමට වහා පියවර ගන්නා ලෙසත් අපි රජයට බලකර සිටිමු.
අත්සන් කර ඇති සංවිධාන සහ පුද්ගලයන්
1. Anuradhapura District Citizen Committee
2. Asia Lanka Social Development Cooperation
3. Center for Community Empowerment, Batticaloa.
4. Centre for Human Rights and Development (CHRD)
5. Centre for Society and Religion
6. Civil Society Solidarity Centre
7. Eastern Social Development Foundation (ESDF)
8. Environment and Community Development Information Centre (ECDIC)
9. Families Of the Disappeared
10. Food Information Action Network- FIAN Sri Lanka
11. Human & Environment Links Progressive Organization (HELP-O)
12. Human Rights Office, Kandy
13. INFORM Human Rights Documentation Centre
14. Institute Social Development (ISD)
15. Janawaboda Kendraya
16. Lanka Organic Agriculture Movement  (LOAM)
17. Law and Society Trust
18. Lawyers for Democracy
19. Movement for National Land and Agriculture Reform (MONLAR)
20. Movement for Plantation Peoples’ Land Rights (MPPLR)
21. Muslim Women’s Development Trust
22. National convener -National Fisheries Solidarity Movement
23. National Peace Council
24. Organization of Environment and Children Rights Preservation OECRP
25. Partners in Alternative Training (PALTRA)
26.     PEF Sri lanka
27. People’s Alliance for Right to Land (PARL)
28. RED Organization
29. Right to Life Human Rights Centre (R2L)
30. Rights Now Collective for Democracy
31. Rural Development Planning Organization (RDPO)
32. SAFE Foundation
33. Samadana
34. Savisthri National Womens’ Movement
35. Social Institute for Development of Plantation Sector (SIDPS)
36. Sri Lanka Brief
37. Sri Lanka Nature Group
38. St John’s Church, Uranee, Batticaloa
39. Standup Movement Lanka
40. University of Peradeniya
41. Upcountry Civil Society Collective (UCSC)
42. UPSAC Sri Lanka
43. Uva Shakthi Foundation
44. Vikalpa
45. Viluthu–Centre for Human Resource Development
46. Women Development Organization
47. Women for Justice and Peace in Sri Lanka
48.   Women’s Action for Social Justice (WASJ) Net Work.
49. Women’s Action Network
Individuals
50. Anithra Varia
51. Anushaya Collure
52. Aruna Shantha Nonis
53. Ashila Dandeniya
54. B.Gowthaman, Attorney at law
55. Buhary Mohamed
56. Chaminda Piyasekara
57. Chandra Devanarayana
58. Chathura Walivitiya
59. D.A Saman Hamangoda
60. D.M. Nimal Disanayake
61. Dinushika Dissanayake, Attorney-at-Law
62. Fr. Jeevantha peiris
63. Fr. Nandana Manatunga –
64. Fr. Rohan Silva
65. Fr.M.Sathivel
66. Herman Kumara
67. Ian Ferdinands
68. J.A.N.N.Priyantha Fernando
69. Jagath Siriwardana
70. Jayani Abeysekara
71. Jayanthi Kuru-Utumpala
72. Jayasiri Jayasekara
73. Jehan Jegadeesan
74. Jehan Perera
75. Joanne Senn
76. Juwairiya Mohideen
77. K,S,Ratnavale , Attorney at law
78. K. Ajith Hadley Perera
79. K. J. Brito Fernando
80. L.W.R Wickramasinghe
81. Lal Wijenayake
82. Lucille Abeykoon
83. Maithreyi Rajasingam,
84. Marisa de Silva
85. N. Harsha Jayarathna,
86. N. Sukirtharaj,
87. Nadesan Suresh
88. Nadie Kammallaweera
89. Nagulan Nesiah
90. Nalini Rathnarajah
91. Niroshan Ekanayaka
92.    Niyanthini Kadirgamar
93.    P.Muthulingam
94.    P.N.Singham
95.    Peter Rezel
96.    Philip Dissanayaka
97.    Prabodha Rathnayaka, Attorney-at-Law
98.    Prof. Arjuna Parakrama
99.    Prof. Jayadeva Uyangoda
100. Puni Selvaratnam
101. Raman Sanjay Gandhi
102. Rev. Rajan Rohaan,
103. Rev.Andrew Devadason
104. Rev.Dr. Jayasiri Peiris
105. Rev.Reid Shelton Fernando
106. Ruki Fernando
107. Ruwan Laknath  Jayakody
108. S. Balakrishnan
109. S. Ratnajeevan H. Hoole
110. S. Visvalingam
111. S.C.C.Elankovan,
112. S.Sandanam
113. Sachitha Nandajith
114. Sampath Samarakoon
115. Sarala Emmanuel
116. Shereen Saroor
117. Suchith Abeyewickreme
118. Sunanda Deshapriya
119. Suren D. Perera,
120. Swasthika Arulingam, Attorney-at-Law
121. Thilak Kariyawasam
122. Tisaranlee Gunasekara
123. Udaya Kalupathirana
124. Vadivel Rameshananthan,
125. Vasuky Rajendra
126. Viboo Balakrishnan
127. Visakha Tillekeratne,
Previous articleබන්ධනාගාර සිද්ධිය ගැන මානව හිමිකම් කොමිසමෙන් පරීක්ෂණයක්
Next articleරාජ්‍ය පාලනය දුර්වල නිසා හැමදේටම හදිසි නීතිය යොදාගන්නවා ! – ආචාර්ය දීපිකා උඩගම

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here