Blog : තවත් කොරෝනා මරණ පහක් : තුනක් නි⁣වෙස්වල

2020.11.17


Update : 22.45 PM

තවත් කොරෝනා මරණ පහක් වාර්තා වූ බවත් ඉන් මරණ තුනක්ම සිදුව ඇත්තේ නිවෙස්වල බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව මෙරටින් වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 66ක් බව ද එම දෙපාර්තමේන්තුව කියයි.

එම මරණවල විස්තර පහතින්..


Update : 22.35 PM

තවත් කොරෝනා ආසාදිතයින් 241 දෙනකු තහවුරු වූ බවත් ඒ අනුව අද වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 398ක් බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි.


Update : 19.16 PM

තවත් කොරෝනා රෝගීන් 157 චෙනකු තහවුරු වූ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.


2020.11.16


 

Update : 22.10 PM

තවත් කොරෝනා රෝගීන් 153 දෙනකු තහවුරු වීමත් සමග අද (16) තහවුරු වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 382 දක්වා ඉහළ ගොස් ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියයි.


Update : 21.45 PM

තවත් කොවිඩ් 19 ආසාදිත මරණ තුනක් වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මිය ගිය පුද්ගලයන් මොරටුව ,කොළඹ 10 සහ කොළඹ 13 ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් වන බවත් ඉන් මරණ දෙකක්ම රෝහලෙන් පිට සිදුවූ මරණ බවත් එම දෙපාර්තමේන්තුව කියයි.

ඒ අනුව මෙරට සිදුවූ කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 61ක් බව එම දෙපාර්තමේන්තුව පවසයි

එම මරණවල විස්තර පහතින්..


Update : 18.55 PM

තවත් කොරෝනා ආසාදිතයන් 229 දෙනකු තහවුරු වූ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියයි.


Update : 12.14 PM

කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ (15) දිනට පමණක් කොරෝනා රෝගීන් 541 දෙනකු වාර්තා වී ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් 39 දෙනකුද තහවුරු වී ඇති අතර පොලිසියේ 54කට කොරෝනා වෛරසය ආසාදිත බවට ද එම මධ්‍යස්ථානය පවසයි.

කිසිදු ස්ථානයක් හෝ දිස්ත්‍රික්කයක් සඳහන් නොවන ආසාදිතයින් 14 දෙනකුද එම මධ්‍යස්ථානය නිකුත් කළ ලැයිස්තුවේ සඳහන් වන අතර මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී එම මධ්‍යස්ථානයේ ප්‍රකාශකයකු පැවසූවේ එම ආසාදිතයින්ගේ පදිංචිය සම්බන්ධ විස්තරවල ඇති දෝෂයක් හේතුවෙන් ඒවා දැනට නිශ්චිත ස්ථානයකට දැමිමට නොහැකි වූ බවත් විස්තර සොයාගැනීමෙන් පසු අදාළ විස්තර සකස් කරන බවත්ය.

ඊයේ කොරෝනා රෝගීන් තහවුරු වූ ආකාරය

කොළඹ දිස්ත්‍රික්කය – 541
ගම්පහ දිස්ත්‍රික්කය – 39
කළුතර දිස්ත්‍රික්කය – 03
රත්නපුර දිස්ත්‍රික්කය – 04
ගාල්ල දිස්ත්‍රික්කය – 08
කෑගල්ල දිස්ත්‍රික්කය – 03
මාතලේ දිස්ත්‍රික්කය – 01
කුරුණෑගල දිස්ත්‍රික්කය – 05
නුවර දිස්ත්‍රික්කය – 03
මඩකලපුව දිස්ත්‍රික්කය – 07
පොලොන්නරුව දිස්ත්‍රික්කය – 01
පුත්තලම දිස්ත්‍රික්කය – 02
බදුල්ල දිස්ත්‍රික්කය – 03

පොලිසිය – 54
බෝගම්බර බන්ධනාගාරය – 12
කුරුවිට බන්ධනාගාරය – 01
විදේශ රටවල සිට පැමිණි – 03
වෙනත් යැයි සඳහන් – 14


2020.11.15


 

Update : 20.15 PM

තවත් කොරෝනා ආසාදිතයින් 160 දෙනකු තහවුරු වූ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියයි.

ඒ අනුව අද(15) මේ වන තෙක් තහවුරු වූ මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 704ක් බව එම මධ්‍යස්ථානය පවසයි.


Update : 18.30 PM

තවත් කොරෝනා රෝගීන් පස් දෙනකු මිය ගොස් ඇතැයි ⁣රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඉන් මරණ තුනක්ම රෝහලෙන් පිට සිදුව ඇති අතර මේ අනුව මෙරට සිදුව ඇති මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 58 දක්වා ඉහළ ගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි.

එම මරණවල විස්තර පහතින්.


Update : 18.00 PM

තවත් කොරෝනා ආසාදිතයින් 544 දෙනකු තහවුරු වූ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියයි.


Update :17.00 PM

හෙට (16) සිට උදෑසන සහ පස්වරු විශේෂ කාර්යාල දුම්රිය ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.

හුදකලා කර ඇති ප්‍රදේශවල දුම්රිය ස්ථානවල එම දුම්රියන් නොනවත්වා ධාවනය වන බව එම දෙපාර්තමේන්තුව පවසන නමුත් හුදකලා කිරීමට නියමිත කොටුව පොලිස් වසමේ පිහිටි කොටුව දුම්රිය ස්ථානයේ දුම්රිය නවතන බවත් එහි සිට දුම්රිය ගමන්වාර ආරම්භ කරන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.


Update : 10.00 AM

කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ(14) කොරෝනා රෝගීන් 205 දෙනකු වාර්තා වී ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

ඊයේ කොරෝනා රෝගීන් තහවුරු වූ ආකාරය

කොළඹ දිස්ත්‍රික්කය – 205
ගම්පහ දිස්ත්‍රික්කය – 40
කළුතර දිස්ත්‍රික්කය – 14
රත්නපුර දිස්ත්‍රික්කය – 04
ගාල්ල දිස්ත්‍රික්කය – 03
කෑගල්ල දිස්ත්‍රික්කය – 09
මාතලේ දිස්ත්‍රික්කය – 01
කුරුණෑගල දිස්ත්‍රික්කය – 02
අනුරාධපුර දිස්ත්‍රික්කය – 04
නුවර දිස්ත්‍රික්කය – 03
අම්පාර දිස්ත්‍රික්කය – 01
මාතර දිස්ත්‍රික්කය – 01
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය – 01
මඩකලපුව දිස්ත්‍රික්කය – 01
යාපනය දිස්ත්‍රික්කය – 02

පොලිසිය – 04
බෝගම්බර බන්ධනාගාරය – 18
බූස්ස බන්ධනාගාරය – 44
වැලිකඩ බන්ධනාගාරය – 32
විදේශ රටවල සිට පැමිණි 03


Update : 9.30 AM

හෙ⁣ට (16) උදෑසන 5.00 සිට හුදකලා කරන මරදාන, කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤ වීදිය,වේල්ල වීදිය යන පොලිස් වසම්වල පිහිටා ඇති ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) හා අපනයන සංවර්ධන මණ්ඩලය(EDB) යටතේ ක්‍රියාත්මක වන කර්මාන්ත ශාලා, එම ප්‍රදේශවල උසාවි කටයුතු සහ අත්‍යවශ්‍ය වෙනත් රාජ්‍ය ආයතන සෞඛ්‍ය බලධාරීන්ගේ දැඩි අධීක්ෂණය යටතේ හා මාර්ගෝපදේශ යටතේ පවත්වාගෙන යා හැකි බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.


2020.11.14


 

Update : 21.45 PM

තවත් කොරෝනා ආසාදිතයින් 175 දෙනකු තහවුරු වූ බවද ඒ අනුව අද (14) දිනයේ තහවුරු වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 389ක් බව ද කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.


Update : 21.40 PM

බස්නාහිර පළාතෙන් පිටතට යාම තහනම් කරමින් පනවා තිබූ සංචරණ සීමාව හෙට (15) මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි.


Update : 21.15 PM

කොළඹ දිස්ත්‍රික්කයේ මරදාන, කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤ වීදිය සහ වේල්ල වීදිය යන පොලිස් බල ප්‍රදේශ ලබන සඳුදා (නොවැම්බර් 16) අලුයම 5.00 සිට හුදකලා කරන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියයි.

එම දිස්ත්‍රික්කයේ දැනටමත් හුදකලා කර ඇති ප්‍රදේශවල එම තත්ත්වය දිගටම පවතිනු ඇති බවත් එම මධ්‍යස්ථානය කියයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව, ජා-ඇල, රාගම, කඩවත, වත්තල, පෑලියගොඩ සහ කැලනිය පොලිස් වසම් තවදුරටත් හුදකලා කර තැබෙන බව ද එම දිස්ත්‍රික්කයේ හුදකලා කර ඇති සෙසු පොලිස් වසම්වල හුදකලා තත්ත්වය ඉවත් කරන බවද එම මධ්‍යස්ථානය කියයි.

මීට අමතරව කළුතර, කුරුණෑගල සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල මේ වන විට හුදකලා කර තිබෙන සියලු ප්‍රදේශවල එම හුදකලා තත්ත්වය හෙට අලුයම 5.00ට ඉවත් කරන බව එම මධ්‍යස්ථානය සඳහන් කරයි.


Update : 18.20 PM

බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් 44 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.

ඒ සමග බන්ධනාගාර පොකුරේ ආසාදිතයින් ගණන 329 දක්වා ඉහළ ගිය බව ද එම මධ්‍යස්ථානය පවසයි.


Update : 17.10 PM

තවත් කොරෝනා ආසාදිතයින් 214 දෙනකු තහවුරු වූ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියයි.


Update : 13.05 PM

බෝගම්බර පැරණි බන්ධනාගා⁣රයෙන් කොරෝනා වෛරස ආසාදිතයින් 80 දෙනකු සහ කුරුවිට බන්ධනාගාරයෙන් ආසාදිතයින් 14 දෙනකු තහවුරු වූ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

ඒ අනුව බන්ධනාගාර පොකුරේ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 285 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි එම මධ්‍යස්ථානය පවසයි.


2020.11.13


Update : 22.10 PM

තවත් කොරෝනා රෝගීන් 270 දෙනකු තහවුරු වු බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව අද තහවුරු කෙරුණු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 468 දක්වා ඉහළ ගොස් තිබේ.


Update :19.25 PM

තවත් කොරෝනා මරණ පහක් වාර්තා වූ බවත් ඉන් 04ක්ම රෝහල්වලින් පිටත බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එ අනුව මෙරට මිය ගිය කොරෝනා රෝගීන් සංඛ්‍යාව 53ක් බව එම දෙපාර්තමේන්තුව පවසයි.

එම මරණවල විස්තර පහතින්…


Update : 19.20 PM

තවත් කොරෝනා ආසාදිතයින් 198 දෙනකු තහවුරු වූ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.


Update 15.00 PM

කොළඹ නිරෝධායනයට ලක්කර ඇති මහල් නිවාසවල දිගු කාලීන රෝගවලින් පෙළෙන රෝගීන්ට නිවසටම ඖෂධ ගෙනවිත් දීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.

උණ, කැස්ස, හුස්ම ගැනීමේ අපහසුතා ඇත්නම් 1999ට අමතන ලෙස ද සෞඛ්‍ය අමාත්‍යංශය ඉල්ලා සිටී.


Update : 11.00 AM

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියන් 12 දෙනෙකුට කොවිඩ්-19 ආසාදිත වී ඇතැයි තහවුරු වූ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියයි.

ඒ අනුව කොරෝනා ආසාදිත මුළු රැඳවියන්ගේ සංඛ්‍යාව 172 දක්වා වැඩි වී තිබේ.


Update : 10.00 AM

කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ කොරෝනා ආසාදිතයින් 271 දෙනකු වාර්තා වූ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොවිඩ්-19 ආසාදිතයින් 46 දෙනකු ද කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 12 දෙනකු ද තහවුරු වී ඇතැයි එම මධ්‍යස්ථානය පවසයි.

කොළඹ දිස්ත්‍රික්කය – 271
ගම්පහ දිස්ත්‍රික්කය – 46
කළුතර දිස්ත්‍රික්කය – 12
පුත්තලම දිස්ත්‍රික්කය – 01
රත්නපුර දිස්ත්‍රික්කය – 01
හම්බන්තොට දිස්ත්‍රික්කය – 01
ගාල්ල දිස්ත්‍රික්කය – 04
කෑගල්ල දිස්ත්‍රික්කය – 10
පොලොන්නරුව දිස්ත්‍රික්කය – 02
මාතලේ දිස්ත්‍රික්කය – 01

පොලිසිය – 20
විදෙස් රටවල සිට පැමිණි – 04


2020.11.12


Update : 21.40 PM

තවත් ආසාදිතයින් 92 දෙනකු තහවුරු වූ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියයි.

ඒ අනුව අද තහවුරු කෙරුණු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 367කි.


Update : 18.20 PM

තවත් ආසාදිතයින් 277 දෙනකු.තහවුරු වූ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.


Update : 17.10 PM

තවත් කොරෝනා මරණ දෙකක් වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි.

කොළඹ 12 පදිංචි 54 හැවිරිදි පිරිමි පුද්ගලයකු සහ මීගොඩ ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පිරිමි පුද්ගලයකු මෙලෙස මියගොස් ඇතැයි එම දෙපාර්තමේන්තුව පවසයි.

මීගොඩ පදිංචි පුද්ගලයාගේ මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ කොවිඩ්-19 නියුමෝනීයාව සමග ද්වීතියික බැක්ටීරියා ආසාදනයක් ලෙසටයි.


Update : 3.30 PM

බත්තරමුල්ල ප්‍රදේශයේ යාචකයකුට ද කොරෝනා ආසාදිත වී ඇති බවට තහවුරු වූ බවත් ඔහුගේ ආශ්‍රිත යාචකයින් අට දෙනකු නිට්ටඹුව නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කර තිබේ.

 

Update : 11.50 PM

කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 273 සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 136 දෙනකු ඊයේ (11) දිනයේදී තහවුරු වී ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

ඊයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති ප්‍රදේශ වන කොළඹ 1-18 ප්‍රදේශවලින් ආසාදිතයින් 74 දෙනකුද, කෙසෙල්වත්ත ප්‍රදේශයෙන් 20 දෙනකුද පිටකොටුව ප්‍රදේශයෙන් 20 දෙනකුද කඩුවෙලින් ආසාදිතයින් 20 දෙනකුද තහවුරු වී ඇත.

එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් ඊයේ හඳුනාගෙන තිබුණේ වත්තල(47) සහ ගම්පහ (22) ප්‍රදේශවලිනි.

එමෙන්ම චීන වරායෙන් කොරෝනා ආසාදිතයින් 47 දෙනකු ද කොළඹ වරායෙන් ආසාදිතයින් 31 දෙනකුද තහවුරු වී තිබේ.

කොරෝනා ආසාදිතයින් ඊයේ තහවුරු වූ ආකාරය

ගම්පහ දිස්ත්‍රික්කය – 136
කොළඹ දිස්ත්‍රික්කය – 273
මහනුවර දිස්ත්‍රික්කය – 25
කළුතර දිස්ත්‍රික්කය – 18
පුත්තලම දිස්ත්‍රික්කය – 04
මාතර දිස්ත්‍රික්කය – 05
ගාල්ල දිස්ත්‍රික්කය – 03
හම්බන්තොට දිස්ත්‍රික්කය – 02
රත්නපුර දිස්ත්‍රික්කය – 01
අම්පාර දිස්ත්‍රික්කය – 01
නුවරඑලිය දිස්ත්‍රික්කය – 01
බදුල්ල දිස්ත්‍රික්කය – 01
යාපනය දිස්ත්‍රික්කය – 01

චීන වරාය – 47
කොළඹ වරාය – 31
ගුවන් විදුලි සංස්ථාව – 05
බෝගම්බර බන්ධනාගාරය – 06
පොලිසිය – 74
විදේශ රටවල සිට පැමිණි – 10
එකතුව – 635


2020.11.11


 

Update : 22.10 PM

මහරගම අපේක්ෂා රෝහලේ මිය ගිය 63 හැවිරිදි පුද්ගලයකුට මිය යාමෙන් පසුව කරන ලද පීසීආර් පරීක්ෂණයකදී ඔහුට කොරෝනා ආසාදිත බවට තහවුරු වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි.

ඔහු ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බවත් මෙය මෙරට සිදුවූ 46 වඅනි කොරෝනා මරණය බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.


Update : 21.45 PM

අද(11) තහවුරු කෙරුණු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 625ක් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියයි.

ඒ තවත් කොරෝනා ආසාදිතයින් 316 දෙනකු තහවුරු වීමත් සමගය.


Update : 20.15 PM

කොළඹ මාළිගාවත්ත ප්‍රදේශයේ නිවසකදී මිය ගිය 68 හැවිරිදි කාන්තාවකටත් කොරෝනා ආසාදිත බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරු වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මෙය මෙරට වාර්තා වු 45 වැනි කොරෝනා මරණය බව එම දෙපාර්තමේන්තුව කියයි.


Update : 19.30 PM

බස්නාහිර පළාතෙන් පිට වීම වහාම ක්‍රියාත්මක වන පරිදි ලබන 15 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00 දක්වා තහනම් කරන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.


Update : 18.20 PM

තවත් කොරෝනා ආසාදිතයින් 309 දෙනෙකු හඳුනා ගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.


Update : 18.00 PM

කොවිඩ් ආසාදිතයන් වැඩි සංඛ්‍යාවක් හඳුනා ගෙන ඇති බස්නාහිර පළාතේ සිට සෙසු පළාත්වලට කරන සංචරණය වළක්වාලීමට පියවර ගන්නා ලෙස ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි.


Update : 16.00 PM

තවත් කොරෝනා මරණ දෙකක් වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 44ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

එම මිය ගිය පුද්ගලයන්ගේ විස්තර පහතින්..


 

Update : 14.45 PM

පොලිස් රෝහලට ඇතුළත් කරන විටත් මිය ගොස් සිටි පානදුර ප්‍රදේශයේ පුද්ගලයකුට කොරෝනා ආසාදිත වී ඇතැයි තහවුරු වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි.

මෙය කොවිඩ්-19 නිසා ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් සිදුවූ මරණයක් බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරු වී ඇතැයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 42ක් බව එම දෙපාර්තමේන්තුව පවසයි.


Update : 14.00 PM

සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ ලබාදී ඇති උපදෙස්වලට පටහැනිව දුම්රිය මගීන් ප්‍රවාහනය කිරීම තවත් කොවිඩ්-19 පොකුරක ආරම්භයට හේතු වනු ඇතැයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සදහන් කරයි.

දුම්රිය මගීන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීම සඳහා මේ වන විට ගෙන ඇති පියවර කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවද එම සංගමය කියයි.

මගීන් සිය නම, ලිපිනය, දුරකථන අංකය සහ හැදුනුම්පත් අංකය ලියූ කොල කැබැල්ලක් දුම්රිය ස්ථානයේ ඇති පෙට්ටියකට දමා දුම්රිය ස්ථානයෙන් ප්‍රවේශපත්‍ර ලබාගෙන දුම්රියට නගින බවත් එය සාර්ථක වැඩපිළිවෙළක් නොවන බවත් එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පැවසීය.

“අත්‍යාවශ්‍ය සේවා සදහා මගීන් දුම්රියේ ගමන් කරද්දී දුම්රිය ස්ථානයේ සනීපාරක්ෂක කටයුතු සැලැසිය යුතුයි. ගමන් ගන්නා මගීන්ගේ තොරතුරු නිවැරදිව රැස්කළ යුතුයි. දුම්රිය මැදිරියක ගමන් ගත හැකි මගීන් ප්‍රමාණයෙන් සියයට හැත්තෑ පහකට අඩු ප්‍රමාණයක් ගමන් කළ යුතුයි කියා රජය ගැසට් නිවේදනයක් මගින් දැනුම් දී තිබෙනවා. නමුත් අද දුම්රිය දෙපාර්තුමේන්තුවේ ක්‍රමවේදයන්ට අනුව මගීන් ගණනය කරන්න හැකියාවක් නැහැ. යන මගීන්ගේ නිශ්චිත තොරතුරු ගන්න ක්‍රමවේදයක් නැහැ. මෙය ප්‍රායෝගික නැහැ”, ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

එමෙන්ම පලමු කොවිඩ්-19 රැල්ල ව්‍යාප්ත වූ අවස්ථාවේ දී ක්‍රියාත්මක කළ අන්තර්ජාලය හරහා දුම්රිය ටිකට්පත් නිකුත් කිරීමේ ක්‍රමවේදය මේ වන විට ක්‍රියාත්මක නොවන බව සදහන් කළ හෙතෙම එම ක්‍රමය හරහා ඒ ඒ මගියා ගමන් ගන්නා දුම්රිය, දුම්රිය මැදිරිය, දුම්රිය ට ගොඩ වූ සහ බසින ලද දුම්රිය ස්ථානය වැනි තොරතුරු විධිමත්ව ජාලගත වූ බව ද පෙන්වා දුන්නේය .

“කෙසේ නමුත් මේ දින වල ක්‍රියාත්මක වන වැඩපිළිවෙළ යටතේ ඒ ඒ මගීන් ඔවුන්ට අවශ්‍ය ආකාරයෙන් දුම්රියේ ගමන් කරනවා. ඔවුන් මීටරයක දුරස්ථභාවය තියාගනියි කියලා කොහොමද තහවුරු කරන්නේ. මේ ක්‍රමවේදය වෙනස් කර ඉදිරි දිනවලදීවත් ආරක්ෂිත ක්‍රමවේදවලට නොගියහොත් හදිසියේවත් ආසාදිතයකු සිටියහොත් දුම්රියේ ගමන් ගත් සියළුම මගීන් නිරෝධායනය කරන්න වෙයි, ” යැයි සුමේධ මහතා පැවසීය .

දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් හදුන්වා දුන් ඔන්ලයින් ක්‍රමවේදය බලධාරීන් ඉදිරියේදීවත් අනුගමනය නොකළ හොත් කොවිඩ්-19 වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ජනාධිපතිතුමා ,ආරක්ෂක අංශ හා සෞඛ්‍ය අංශ ගන්නා උත්සාහය නිෂ්ඵල වනු ඇති බවත් සෝමරත්න මහතා වැඩි දුරටත් පැවසුවේය.


Update : 8.32 AM

කොටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් 82 දෙනකුට කොරෝනා ආසාදිත වී ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

පොලිස් මූලස්ථානයේ නිලධාරීන් හය දෙනකුට ද කොරෝනා ආසාදනය වී ඇතැයි එම මධ්‍යස්ථානය පවසයි.


Update : 8.30 AM

මේ වන විට කොරෝනා ආසාදනය වී ඇති මුළු නිලධාරීන් සංඛ්‍යාව 612ක් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියයි. ( පොලිස් විශේෂ කාර්ය බලකායේ 145 දෙනා සමග)


2020.11.10


Update : 21.10 PM

තවත් කොරෝනා ආසාදිතයින් 125ක් තහවුරු වූමත් සමග අද තහවුරු කෙරුණු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 430 දක්වා ඉහළ ගිය බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියයි.


Update : 19.30 PM

රාගම 48 හැවිරිදි පුද්ගලයකු නිවසක දී මිය ගොස් ඇතැයිද පශ්චාත් මරණ පරීක්ෂණයේදී කරන ලද පීසීආර් පරීක්ෂණයේදී ඔහු⁣ට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

මෙය මෙරට සිදුවු 41 වැනි කොවිඩ්-19 මරණය බවද එම දෙපාර්තමේන්තුව කියයි.

එ් අනුව අද තහවුරු කෙරුණු මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 05කි.


Update : 18.35 PM

තවත් කොවිඩ් ආසාදිතයින් 305 දෙනකු තහවුරු වූ බව කොවිඩ්-19 පැතිරීම වැළක්වීමේ මධ්‍යස්ථානය කියයි.


Update : 17.10 PM

තවත් කොරෝනා ආසාදිත මරණ හතරක් වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මිය ගිය අතර හඳුනා නොගත් පිරිමි පුද්ගලයකුගේ දේහයක් ඇති බවත් එම දේහය සම්බන්ධයෙන් කරන ලද මරණ පරීක්ෂණයේදී ඔහුට කොරෝනා ආසාදිත වී ඇතැයි තහවුරු වූ බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි.

මිය ගිය අය අතර උඩුගම්පොල ප්‍රදේශයේ 63 හැවිරිදි කාන්තාවක් ද, කොළඹ 10 පදිංචි අවුරුදු 47ක පිරිමි පුද්ගලයෙකු ද, රාජගිරිය වැඩිහිටි නිවාසයක වයස අවුරුදු 51ක පිරිමි පුද්ගලයෙකු ද සිටින බව එම දෙපාර්තමේන්තුව කියයි.

ඒ අනුව මෙරට සිදුවූ මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 40ක් දක්වා ඉහළ ගොස් ඇතැයි එම දෙපාර්තමේන්තුව පවසයි.

මිය ගිය අයගේ විස්තර පහත දැක්වෙයි.


2020.11.09


Update : 22.35 PM

පෞද්ගලික රෝහලක සිට IDH රෝහලට මාරු කර එවන ලද කඳාන ප්‍රදේශයේ පදිංචි 84 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇතැයි ද එය මෙරට 36 වැනි කොරෝනා මරණය බව ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

දීර්ඝ කාලයක් රෝගාතුරව සිට ඇති බවත් මිය යාමට ආසන්නම හේතුව කොවිඩ්-19 නියුමෝනීයා තත්ත්වය බවත් එම දෙපාර්තමේන්තුව කියයි.


Update : 22.00 PM

තවත් කොරෝනා ආසාදිතයින් 184 දෙනකු වාර්තා වීමත් සමග අද තහවුරු කෙරුණු මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 356 දක්වා ඉහළ ගොස් තිබේ.


Update : 20.10 PM

කඳාන සහ මහබාගේ පොලිස් වසම් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කරන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.


Update : 18.50 PM

අඟුලාන පොලිස් කොට්ඨාසයේ අඟුලාන උතුර සහ අඟුලාන දකුණ ග්‍රාම නිලධාරී කොට්ඨාස වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු හුදකලා කළ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියයි.


 

Update : 18.40 PM

තවත් කොරෝනා ආසාදිතයින් 172 දෙනකු තහවුරු වූ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියයි. ඒ අනුව මෙරට ආසාදිතයින් සංඛ්‍යාව 14,101 දක්වා ඉහළ ගොස් තිබේ.


Update : 18.00 PM

බස්නාහිර පළාතේ සහ හුදකලා ප්‍රදේශවල ගර්භනී සහ අවුරුදු දෙකට අඩු දරුවන් සිටින කාන්තා පොලිස් නිලධාරීන්ට නිවසේ රැඳී සිටීමට අවසර ලබා දෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.


Update : 17.50PM

කුරුණෑගල නගර සභා සිමාවේ ඉලුප්පුගෙදර ග්‍රාම සේවා වසම හා කඩ වීදිය ග්‍රාම සේවා වසම හැර , එම ප්‍රදේශයට අයත් හුදකලා කර තිබු සෙසු ප්‍රදේශ යළි විවෘත කිරීමට පියවර ගෙන ගන්නා බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශයේ ගලගෙදර ග්‍රාම නිලධාරී වසම , හෙම්මම්මලුව ග්‍රාම නිලධාරී වසම හා ඉහළ කළුගමුව ග්‍රාම නිලධාරී වසම හැර ප්‍රදේශයේ හුදකලා කර තිබූ සෙසු ප්‍රදේශ යළි විවෘත කිරීමට පියවර ගෙන ඇති බවද එම දෙපාර්තමේන්තුව කියයි.


Update : 16.52 PM

පොලිසියේ මුළු කොරෝනා ආසාදිත සංඛ්‍යාව 424 (එස්ටීඑෆ් ඇතුළුව) දක්වා ඉහළ ගොස් ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියයි.


Update : 16.52 PM

කොරෝනා ආසාදිත පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයන් ගණන 145 දක්වා ඉහළ ගොස් ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.


Update : 16.30 PM

වැලිකඩ සහ බෝගම්බර බන්ධනාගාරවල මුළු කොරෝනා ආසාදිතයින් ගණන 107 දක්වා ඉහළ ගිය බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.


Update : 11:37 AM

අනුරාධපුර නගරයේ යාචකයකුට කොරෝනා ආසාදිත බවට තහවුරු වූ බවද ඔහුගේ ආශ්‍රිතයින් 81 දෙනකු නිරෝධායනයට යොමු කළ බව ද කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියයි.


Update : 10.00 AM

ඇඳිරිනීතිය අද (09) ඉවත් කෙරුණු බස්නාහිර පළාතෙන් ඊයේ කොරෝනා රෝගීන් 402 දෙනකු හමුවී ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දත්ත පෙන්වා දෙයි.

ඊයේ (08) දිනයේ දී නව ආසාදිතයින් 510 දෙනෙක් වාර්තා වු අතර ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් එනම් ආසාදිතයින් 213 දෙනකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා විය.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේ දී ආසාදිතයින් 183 දෙනෙක් වාර්තා වී ඇති අතර කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 6 දෙනකුද වාර්තා වී තිබේ

කුරුණෑගල දිස්ත්‍රික්කය -12
ගාල්ල දිස්ත්‍රික්කය – 9
කෑගල්ල දිස්ත්‍රික්කය – 4
මහනුවර දිස්ත්‍රික්කය – 3
නුවරඑළිය දිස්ත්‍රික්කය – 02
මඩකලපුව දිස්ත්‍රික්කය – 01
බදුල්ල දිස්ත්‍රික්කය – 01
අම්පාර දිස්ත්‍රික්කය – 01
මොණරාගල දිස්ත්‍රික්කය – 01
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය – 01

වැලිකඩ බන්ධනාගාරයෙන් ආසාදිතයින් 72ක් හා කිරුළපන පොලිස් ස්ථානයෙන් එක් ආසාදිතයෙක් වාර්තා වු බව ද කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.


2020.11.08


Update : 10.30 PM

තවත් ආසාදිතයින් 227ක් වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව අද දින වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 510කි.


Update : 21.30 PM

රෝහලට ඇතුළත් කරන විට මිය ⁣ගොස් සිටි පුද්ගලයෙකුට කොරෝනා ආසාදිත වී අැතැයි පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරු වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

78 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගිය ගොස් තිබේ.

මෙය මෙරටින් වාර්තා වූ 35වන කොරෝනා මරණය බවද එම දෙපාර්තමේන්තුව කියයි.


Update : 18.40 PM

වැලිකඩ බන්ධනාගාරයේ තවත් රැඳවියන් 71 දෙනකුට සහ එක් සේවකයකුට කොරෝනා ආසාදිත වී ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.


Update : 18.30 PM

තවත් ආසාදිතයින් 283ක් වාර්තා වූ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියයි.


Update : 15.40 PM

හුදෙකලා කර ඇති ප්‍රදේශවල නතර නොකර කාර්යාල දුම්රිය හෙට(09) සිට ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.

දුම්රිය නතර නොකරන ප්‍රදේශවල දුම්රිය ස්ථාන පහතින් දැක්වෙයි.

ප්‍රධාන මාර්ගය

1) දෙමටගොඩ උප දුම්රිය ස්ථානය
2) කැළණිය දුම්රිය ස්ථානය
3) වනවාසල උප දුම්රිය ස්ථානය
4) එඩේරමුල්ල උප දුම්රිය ස්ථානය
5) හොරපේ උප දුම්රිය ස්ථානය
6) රාගම දුම්රිය ස්ථානය
7) වල්පොල උප දුම්රිය ස්ථානය
8) බටුවත්ත උප දුම්රිය ස්ථානය

පුත්තලම මාර්ගය.

1) පේරලන්ද උප දුම්රිය ස්ථානය
2) ජා-ඇළ දුම්රිය ස්ථානය
3) තුඩැල්ල උප දුම්රිය ස්ථානය
4) කුඩහකපොල උප දුම්රිය ස්ථානය
5) කුරණ දුම්රිය ස්ථානය
6) මීගමුව දුම්රිය ස්ථානය
7) කට්ටුව උප දුම්රිය ස්ථානය

මුහුදු බඩ මාර්ගය.

1) පාණදුර දුම්රිය ස්ථානය
2) පිංවත්ත උප දුම්රිය ස්ථානය

කැළණිවැළි මාර්ගය.

1) බේස්ලයින් දුම්රිය ස්ථානය
2) කොටා රෝඩ් උප දුම්රිය ස්ථානය

උතුරු මාර්ගය.

1) කුරුණෑගල දුම්රිය ස්ථානය


Update : 15.35 PM

හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කර තිබෙන ප්‍රදේශවල සිටින කිසිවෙකුට, කිසිදු හේතුවක් නිසා පිටතට පැමිණීමට හෝ පිටස්තර අයට ඇතුළුවීමට නොහැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.එම ප්‍රදේශවල සිටින කිසිවෙකුට රැකියාවලට ද යා නොහැකි බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.


Update : 15.30 PM

වසා දැමුණු බස්නාහිර පළාතේ අධිවේගී මාර්ග පිවිසුම්, ප්‍රවාහන කටයුතු සඳහා හෙට (09) සිට යළි විවෘත කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.


Update : 10.00 AM

හෙට (09) සිට ඇඳිරිනීතිය ඉවත් කරන බවට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළ ප්‍රදේශවලින් ද ඊයේ (07) කොරෝනා රෝගීන් හමුව ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන දත්ත අනුව පෙනී යයි.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ(08) දිනයේ කොරෝනා රෝගීන් 174 දෙනකු හමුව ඇති අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් කොරෝනා රෝගීන් 176 දෙනකු තහවුරු වී තිබේ.

ඒ අනුව ඊයේ තහවුරු කෙරුණු කොරෝනා රෝගීන් 449න් 360ක් එනම් 80%ක්ම බස්නාහිර පළාතෙනි. (සම්පූර්ණ විස්තරය මෙතැනින්)


Update : 8.10 AM

දැනට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය හෙට (09) පෙ.ව. 5.00 ට ඉවත් කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

නමුත් අවදානම් කලාප ලෙස හඳුන්වා ඇති ප්‍රදේශ තවදුරටත් හුදකලා කරන බව ⁣එම දෙපාර්තමේන්තුව කියයි.

එ් අනුව කොළඹ දිස්ත්‍රික්කයේ මට්ටක්කුලිය, මෝදර, බ්ලූමැන්ඩල්, කොටහේන, ග්‍රෑන්ඩ්පාස්, වෙරළබඬ පොලිස් බල ප්‍රදේශය, ආදුරුප්පු වීදිය, මාලිගාවත්ත,දෙමටගොඩ, වැල්ලම්පිටිය, බොරැල්ල , කෙසෙල්වත්ත ප්‍රදේශ හුදකලා කර තිබේ..

පහත නිවාස සංකීර්ණවලින් පිටතට පැමිණීම සම්පූර්ණයෙන් තහනම් කර අැත

මට්ටක්කුලිය – මෙත්සඳ සෙවණ, මිණිජය සෙවණ මහල් නිවාස
මෝදර – රන්මුතු සෙවණ මහල් නිවාසය
ග්‍රෑන්ඩ්පාස් – මුවදොර උයන මහල් නිවාසය
දෙමටගොඩ – සිරිසර උයන මහල් නිවාසය
මාලිගාවත්ත – NHS මහල් නිවාස සංකීර්ණය

ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල, පෑලියගොඩ,කඩවත, රාගම, මීගමුව, පමුණුගම, ජාඇල සහ සපුගස්කන්ද යන හුදකලා කරයි.

කළුතර දිස්ත්‍රික්කයේ හොරණ, ඉංගිරිය පොලිස් බල ප්‍රදේශය සහ වෑකඩ බටහිර ග්‍රාම නිලධාරී කොට්ඨාස හුදකලා කර තිබේ.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුරුණෑගල නගර සභාව අවට ප්‍රදේශය සහ කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශය හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කර ඇත.

කෑගල්ල දිස්ත්‍රික්කයේ හුදෙකලා ප්‍රදේශ ලෙස මාවනැල්ල සහ රුවන්වැල්ල පොලිස් බල ප්‍රදේශ හුදකලා කර ඇත.


Update : 8.00 AM

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළ කොවිඩ් 19 මරණ ලැයිස්තුවේ 4 වැනි පුද්ගලයා ලෙස එනම් ගනේමුල්ල ප්‍රදේශයේ මිය ගිය කාන්තාවක් ලෙසට සඳහන් කළ මරණය කාන්තාවක් නොව පිරිමි පුද්ගලයෙකු බවට නැවත නිවේදනයක නිකුත් කර ඇත.


2020.11.07


Update : 22.10 PM

තවත් කොවිඩ් 19 ආසාදිතයින් 188 ක් තහවුරු වූ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියයි.

ඒ අනුව අද තහවුරු වූ කොරෝනා ආසාදිත සංඛ්‍යාව 445කි.


Update : 21.10 PM

කොවිඩ් -19 ආසාදිත මරණ 04ක් වාර්තා වු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

කාන්තාවන් තිදෙනකු සහ පිරිමි පුද්ගලයකු මෙලෙස මිය ගොස් ඇති අතර මෙරට තහවුරු කෙරුණු සමස්ත කොවිඩ් -19 මරණ ගණන 34 දක්වා ඉහළ ගොස් තිබේ.

එම මරණ හතරෙන් දෙකක්ම සිය නිවෙස්වලදී සිදුව ඇත.

එම මරණවල විස්තර පහතින්..


Update : 18.40 PM

තවත් කොරෝනා රෝගීන් 257 දෙනකු තහවුරු වූ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.


Update : 14.40 PM

සහරාන් හෂීම්ගේ බිරිඳට කොරෝනා ආසාදිත වී ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

ඇය වැලිකන්ද රෝහලට යොමුකරන බව එම මධ්‍යස්ථානය සඳහන් කරන නමුත් ඇයට කොරෝනා ආසාදනය වූ ආකාරය සඳහන් කර නොමැත.


Update : 1.00 PM

බෝගම්බර බන්ධනාගාරයේ සිටින රැඳවියන් 07 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

ඔවුන් වැලිකන්ද රෝහලට යොමු කරන බව ද එම මධ්‍යස්ථානය කියයි.


Update : 11.45 AM

පසුගිය පැය 24 තුළ තහවුරු කෙරුණු කොරෝනා රෝගීන් 400 දෙනාගෙන් 319ක්ම බස්නාහිර පළාතෙන් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

ඊයේ (06) කොරෝනා රෝගීන් තහවුරු වූ ප්‍රදේශ සම්බන්ධයෙන් අද උදැසන නිකුත් කළ දත්ත අනුව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 203 දෙනකුද කොළඹ දිස්ත්‍රික්කයෙන් 103ක් ද කළුතර දිස්ත්‍රික්කයෙන් 13 දෙනකුද තහවුරු වී තිබේ.

ඊයේ කොරෝනා ආසාදිතයින්  තහවුරු වූ අනෙක් ප්‍රදේශ

  • කෑගල්ල දිස්ත්‍රික්කය – 18
  • කුරුණෑගල දිස්ත්‍රික්කය – 17
  • නුවර දිස්ත්‍රික්කය – 01
  • මාතලේ දිස්ත්‍රික්කය – 01
  • නුවරඑලිය දිස්ත්‍රික්කය – 01
  • බදුල්ල දිස්ත්‍රික්කය – 02
  • පොලොන්නරුව – 01
  • අම්පාර දිස්ත්‍රික්කය – 01
  • ගාල්ල දිස්ත්‍රික්කය – 03
  • මාතර දිස්ත්‍රික්කය – 01
  • හම්බන්තොට දිස්ත්‍රික්කය – 01
  • වවුනියාව දිස්ත්‍රික්කය – 01
  • රත්නපුර දිස්ත්‍රික්කය – 02
  • අනුරාධපුර දිස්ත්‍රික්කය – 01
  • මොණරාගල දිස්ත්‍රික්කය – 01
  • පොලිසිය – 06
  • වැලිකඩ බන්ධනාගාරය – 23

2020.11.06


Update : 23.20 PM

කොරෝනා වෛරසය ආසාදිත වූ 23 හැවිරිදි තරුණයෙකු දියවැඩියා රෝගයේ සංකූලතා හේතුවෙන් මිය ගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මෙය මෙරට තහවුරු වූ 30 වැනි කොරෝනා මරණය බව ද ඔහු ඊයේ (05) මිය ගොස් ඇතැයි ද එම දෙපාර්තමේන්තුව කියයි.

අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 23 හැවිරිදි තරුණයෙකු මෙලෙස දියවැඩියා රෝගයේ සංකූලතා සමග කොවිඩ්-19 ආසාදිත විම නිසා මිය ගිය බව එම නිවේදනයේ දැක්වෙයි.


Update : 22.20

තවත් කොරෝනා රෝගීන් 187 දෙනකු වාර්තා වීමත් සමග අද (06) තහවුරු කෙරුණු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 400 දක්වා ඉහළ ගිය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.


Update : 6.45 PM

වැලිකඩ බන්ධනාගාරයේ තවත් 23 දෙනකුට කොරෝනා ආසාදිත වී ඇති බවට කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඔවුන් වැලිකන්ද රෝහලට යොමු කළ බව ද එම මධ්‍යස්ථානය කියයි.

ඒ අනුව එම බන්ධනාගාරයේ කොරෝනා ආසාදිත වූ මුළු රැඳවියන් සංඛ්‍යාව 30 දක්වා ඉහළ ගොස් තිබේ.


Update : 6.40 PM

තවත් 213 දෙනකුට කොරෝනා අසාදනය වී ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි


Update : 12.30 PM

කොළඹ වරායේ 67 දෙනකුට කොරෝනා අසාදනය වී ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

ශ්‍රී ලංකා රේගුවේ දෙදනකුටද, වරාය අධිකාරියේ 15 දෙනකුට ද ඩොක්යාඩ් ලිමිටඩ් ආයතනයේ 50 දෙනකුට ද මෙලෙස කොරෝනා ආසාදිත වී ඇතැයි එම මධ්‍යස්ථානය පවසයි.


Update : 10.36 AM

පොලිසියේ තවත් 85 දෙනකුට කොරෝනා ආසාදිත බවට ඊයේ (05) තහවුරු වූ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.

ඒ අනුව කොරෝනා ආසාදිත මුළු පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 358 දක්වා ඉහළ ගොස් ඇතැයි එම මධ්‍යස්ථානය සඳහන් කරයි.


Update : 9.20 AM

වත්තල පැරඩයිස් ටෝයිස් ආයතනයේ 115 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියයි.


Update : 9.10 AM

රාගම පොලිසියේ ස්ථානාධිපතිවරයාට කොරෝනා ආසාදිත වී ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.


පෙර Updates සඳහා මෙතැනින්.. 

Previous articleකොරෝනා මරණ භුමදානය ගැන හිමිවරු කී කතා බොරු
Next articleවසංගතය මැද්දේ සෞඛ්‍ය ප්‍රතිපාදන කෝටි ගණනක් කපා දමයි

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here