බස්නාහිර ඇඳිරිනීතිය ඉවත් වෙන ප්‍රදේශවලිනුත් ඊයේ කොරෝනා රෝගීන් හමුවෙලා

හෙට (09) සිට ඇඳිරිනීතිය ඉවත් කරන බවට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළ ප්‍රදේශවලින් ද ඊයේ (07) කොරෝනා රෝගීන් හමුව ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන දත්ත අනුව පෙනී යයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ හුදකලා ප්‍රදේශය එනම් සංචරණය සීමා වන්නේ පහත පහත පොලිස් බල ප්‍රදේශවල පමණි.

  • වත්තල
  • පෑලියගොඩ
  • කඩවත
  • රාගම
  • මීගමුව
  • පමුණුගම
  • ජාඇල
  • සපුගස්කන්ද

නමුත් ගම්පහ දිස්ත්‍රික්කයේ පහත ප්‍රදේශවලින් සහ තවත් ප්‍රදේශ කිහිපයකින් ඊයේ දිනයේ කොරෝනා රෝගීන් 174 දෙනකු හමුව තිබේ.

  • ගම්පහ – 04
  • වත්තල – 25
  • හැඳල – 10
  • කෙරවලපිටිය – 03
  • රදාවාන – 01
  • රාගම – 07
  • කඩවත – 16
  • කඳාන – 06
  • ගෝනවල – 25
  • කැලණිය – 15
  • හෙයියන්තුඩුව – 03
  • යක්කල – 06
  • ලෝලුවාගොඩ – 01
  • දෙබහැර – 02
  • පල්ලේවෙල – 02
  • නිට්ටඹුව – 04
  • දංඕවිට – 02
  • බියගම – 07
  • වේවැල්දූව – 02
  • වෙදමුල්ල – 04
  • බාඳුරාගොඩ – 02
  • බොකලගම – 01

කොළඹ දිස්ත්‍රික්කයේ හෙට සිට හුදකලා ප්‍රදේශ වන්නේ පහත පොලිස් බල ප්‍රදේශ පමණි.

  • මට්ටක්කුලිය
  • මෝදර
  • බ්ලූමැන්ඩල්
  • කොටහේන
  • ග්‍රෑන්ඩ්පාස්
  • වෙරළබඬ පොලිස් බල ප්‍රදේශය
  • ආදුරුප්පු වීදිය
  • මාලිගාවත්ත
  • දෙමටගොඩ
  • වැල්ලම්පිටිය
  • බොරැල්ල
  • කෙසෙල්වත්ත

එමෙන්ම පහත නිවාස සංකීර්ණ ද හුදකලා කරනු ලබයි.

  • මට්ටක්කුලිය – මෙත්සඳ සෙවණ, මිණිජය සෙවණ මහල් නිවාස
  • මෝදර – රන්මුතු සෙවණ මහල් නිවාසය
  • ග්‍රෑන්ඩ්පාස් – මුවදොර උයන මහල් නිවාසය
  • දෙමටගොඩ – සිරිසර උයන මහල් නිවාසය
  • මාලිගාවත්ත – NHS මහල් නිවාස සංකීර්ණය

නමුත් කොළඹ දිස්ත්‍රික්කයේ පහත ප්‍රදේශවලින් කොරෝනා රෝගීන් ඊයේ 176 දෙනකු තහවුරු වී තිබේ.

  • කොළඹ (1-18) – 72
  • නුගේගොඩ – 09
  • කොටහේන – 03
  • බ්ලූමැන්ඩල් – 04
  • බොරැල්ල – 05
  • පිටකොටුව – 05
  • බත්තරමුල්ල – 03
  • කොලොන්නාව – 06
  • පුවක්පිටිය – 03
  • හංවැල්ල – 06
  • කොස්ගම – 02
  • රාජගිරිය – 03
  • වටරැක – 04
  • පන්නිපිටිය – 05
  • මහරගම – 03
  • දෙහිවල – 13
  • අතුරුගිරිය – 06
  • පාදුක්ක – 01
  • කෝට්ටේ – 01
  • වැල්ලම්පිටිය – 04
  • දෙමටගොඩ – 07
  • තලංගම – 05
  • බම්බලපිටිය – 04

ඒ අනුව ඊයේ තහවුරු කෙරුණු කොරෝනා රෝගීන් 449න් 360ක් එනම් 80%ක්ම බස්නාහිර පළාතෙනි.

Previous articleවසංගතයේදී විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සියදිවි නසාගැනීමට පොළඹවන්නේ කවුද?
Next articleකොවිඩ් ගැන සෞඛ්‍ය උපදෙස් නොතකා ගත් දේශපාලන තීන්දුව !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here