ජනිත් මධුසංඛගේ ආරක්ෂාව ගැන ඉල්ලීමක් : පොලිස්පතිටත් නොතීසි

ජනිත් මධුසංඛගේ (පොඩිලැසී ලෙසට හදුන්වනුු ලබන) ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා ගොනු කළ ⁣රීට් පෙත්සමක් කැඳවූ අභියාචනාධිකරණය වැඩ බලන පොලිස්පතිවරයා ඇතුළු පෙත්සමේ වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙස අද (23) නියෝග කළේය.

රඳවාගෙන සිටින තමන්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නැයි බන්ධනාගාර බලධාරීන් වෙත සහ වැඩබලන පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජනිත් මධුශංකගේ නීතිඥවරිය මාර්ගයෙන් මෙම පෙත්සම ගොනු කර තිබූ අතර එය විභාග කිරීම සඳහා අභියාචනාධිකරණය විසින් මෙලෙස නොතීසි නිකුත් කරනු ලැබීය.

අත්අඩංගුවේ සිටින අතරතුර තම ජීවිතයට හානියක් සිදු නොවන බවට බූස්ස බන්ධනාගාර අධිකාරිවරයා, බුස්ස බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා, බන්ධනාගාර කොමසාරිස්වරයා සහ වැඩබලන පොලිස්පතිවරයාගෙන් ප්‍රතිඥවෙක් ලබාදෙන්නැයි නියෝග කරන ලෙසත් එම පෙත්සමේ සඳහන් වෙයි.

පෙත්සමේ වගඋත්තරකරුවන්

  1. බූස්ස බන්ධනාගාර අධිකාරිවරයා
  2. බුස්ස බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා
  3. බන්ධනාගාර කොමසාරිස්වරයා
  4. බන්ධනාගාර කොමසාරිස් – පරිපාලන
  5. බන්ධනාගාර කොමසාරිස් – මෙහෙයුම් සහ බුද්ධි තොරතුරු
  6. බන්ධනාගාර ප්‍රධාන බුද්ධි නිලධාරී
  7. වැඩබලන පොලිස්පති

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී නවාස් සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල මෙම නියෝගය ලබා දුන්නේය. පෙත්සම නැවත නොවැම්බර් 10 වැනිදා කැඳවීමට ද නියම කෙරිණි.

අපරාධ සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ තමන් මේ වන විට බූස්ස බන්ධනාගාරයේ රඳවා තිබෙන බවත් බන්ධනාගාරය තුළදී තමන්ට දැඩි ජීවිත තර්ජන එල්ල වන බවත් ඔහු එම පෙත්සමෙන් සඳහන් කර තිබේ. බන්ධනාගාරගතව සිටින අයෙකුගේ ආරක්ෂාව සහතික කිරීමට බන්ධනාගාර බලධාරීන් බැඳී සිටින බව ද එම පෙත්සමේ සඳහන් වෙයි.

එම පෙත්සමෙන් මෙසේද ඉල්ලා තිබේ.

a. වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙස

b. රජයේ සහ නිලධාරීන්ගේ අත්අඩංගුවේ සිටින අතරතුර තම ජීවිතයට හානියක් සිදු නොවන බවට 1,2,3 සහ 7 වැනි වගඋත්තරකරුවන්ගෙන් ප්‍රතිඥාවක් ලබාගන්නා ලෙස

c.අත්අඩංගුවවේ සිටින කාලය තුළ තමා ආරක්ෂා කිරීම සඳහා සහ නීතිය⁣ට අනුව තම ජීවිත ආරක්ෂාව තහවුරු කිරීම⁣ට අවශ්‍ය පියවර ගන්නා ලෙසට 1,2,3 සහ 7 වැනි වගඋත්තරකරුවන්⁣ට රීට් මැන්ඩමූස් ආකාරයේ නියෝගයක් නිකුත් කරන ලෙස

Previous articleවිපක්ෂයෙන් අරන් 20 සම්මත කරගනී
Next articleපාස්කු කොමිසම ආවරණයට ගිය මාධ්‍යවේදීන් එලවයි

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here