පාස්කු කොමිසම ආවරණයට ගිය මාධ්‍යවේදීන් එලවයි

පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව ආවරණය කිරීම සඳහා අද(23) ගිය මාධ්‍යවේදීන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයෙන් එලවා දැමිණි.

ජාතික තව්හීද් ජමාත් නායක සහරාන් හෂීම්ගේ බිරිඳ වූ අබ්දුල් කාදර් ෆාතිමා හාදියා අද දින එම කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දුන් අතර ඇයගේ සාක්ෂි විමසීම මාධ්‍ය නොමැතිව සිදුකිරීමට තීන්දු වූ අතර එම සභාවෙන් පිටතට වී සිටින ලෙස මාධ්‍යවේදීන්ට උපදෙස් ලැබිණි.

⁣මීට පෙර මාධ්‍ය නොමැතිව සාක්ෂි විමසීම් සිදුවූ අවස්ථාවලදී එම සභාවෙන් පිටත මාධ්‍යවේදීන්ට අසුන් ගැනීම සඳහා පහසුකම් සලසා දී තිබූ නමුත් අද වන විට එම පහසුකම් ඉවත් කර තිබේ. එම නිසා අද කොමිෂන් සභාවේ කටයුතු වාර්තා කිරීමට පැමිණි මාධ්‍යවේදීන්ට සිදු වූයේ අසුනක් හෝ නොමැතිව සිය කටයුතු කරගෙන යාමටයි. ඒ අවස්ථාවේ කොමිෂන් සභාව පැවැත්වෙන බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ප්‍රධාන විධායක නිලධාරී සුනිල් දිසානායක මහතා මාධ්‍යවේදීන්ට එම ස්ථානයෙන් ඉවත් වන ලෙස බැණ වැදුණේය.

ඒ පිළිබඳව මාධ්‍යවේදීන් ඔහුගෙන් විමසූ අවස්ථාවේ දිසානායක මහතා පැවසුවේ තමාට එම ප්‍රශ්නය අදාළ නොවන බැවින් කොමිෂන් සභාවේ ලේකම්වරයා සමග සාකච්ඡා කරන ලෙසයි. කෙසේ වෙතත් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ප්‍රධාන විධායක නිලධාරියා වන ඔහුට එම පරිශ්‍රයට අදාළ කරුණක් අදාළ නොවන්නේ කෙසේ ද යන්න විමතියට කරුණක් බවට මාධ්‍යවේදිහූ එම අවස්ථාවේ පෙන්වා දුන්හ.මාධ්‍යවේදීන් කොමිෂන් සභාවේ ලේකම් බුවනෙක හේරත් මහතාගෙන් මේ පිළිබඳව විමසූ අවස්ථාවේ ඔහු පැවැසුවේ මාධ්‍යවේදීන් සමග මෙවැනි ගැටළු සාකච්ඡා කිරීමෙන් ඵලක් නොවන බවයි. “ඔයාලත් එක්ක මේවා කතා කරල වැඩක් නැහැ” යැයි ඔහු පැවැසීය.

ජාතික තව්හීද් ජමාත් නායක සහරාන් හෂීම්ගේ බිරිඳ වූ අබ්දුල් කාදර් ෆාතිමා හාදියා ඊයේ දින ද කොමිෂන් සභාව හමුවට පැමිණි අතර ඇයගෙන් සාක්ෂි ලබාගැනීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීහු කොමිෂන් සභාවට රහසිගත කරුණු දැක්වීමක් සිදු කළහ. ඒ අනුව ඇයගෙන් සාක්ෂි ලබාගැනීම පිළිබඳව තීරණය අද ලබාදීමට කොමිෂන් සභාව තීරණය ක⁣ළ අතර ඇය අද පෙරවරු 9.00ට පමණ කොමිෂන් සභාව හමුවට පැමිණියාය. ඇයගෙන් සාක්ෂි විමසීම ආරම්භ වූයේ පෙරවරු 11.00ට පමණි

Previous articleජනිත් මධුසංඛගේ ආරක්ෂාව ගැන ඉල්ලීමක් : පොලිස්පතිටත් නොතීසි
Next articleසමාජය මාධ්‍යවේදියාව විශ්වාස කරන්නෙ නැහැ – සිනමාවේදී ප්‍රසන්න විතානගේ

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here