විපක්ෂයෙන් අරන් 20 සම්මත කරගනී

ආණ්ඩුව ඉදිරිපත් කළ 20 වැනි සංශෝධනයේ තෙවැනි වර කියවීම ද තුනෙන් දෙකක ඡන්දයෙන් මීට සුළු මොහොතකට පෙර සම්මත විය.

එහි තුන්වැනි වර කියවීමේදී ඊට පක්ෂව ඡන්ද 156ක් ද විපක්ෂව ඡන්ද 65ක්ද ලැබිණි. මීට පෙර පැවති දෙවැනි වර කියැවීමේ ඡන්ද විමසීම ද වැඩි ඡන්ද 91කින් සම්මත විය.

විපක්ෂයේ මන්ත්‍රීවරුන් අට දෙනකු පක්ෂව ඡන්දය ලබා දීම නිසා මෙලෙස සම්මත වූ අතර එසේ නොවුණේනම් 20ට පක්ෂව ඡන්ද ලැබෙන්නේ 148ක් පමණි. එය සම්මත වීම සඳහා 150ක ඡන්ද සංඛ්‍යාවක් අවශ්‍යව තිබිණි.

20ට පක්ෂව ඡන්දය ලබාදුන් විපක්ෂ මන්තීවරුන්

1.සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ

2. ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රස් මන්ත්‍රී නසීර් අහමඩ්

3. මුස්ලිම් ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.ඒ.එස්.එම්. රහීම්

4. ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රස් මන්ත්‍රී ෆයිසාල් කසීම්

5. ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රස් මන්ත්‍රී එච්.එම්.එම් හාරීස්

6. ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රස් මන්ත්‍රී එම්.එස් තව්ෆික්

7. SJB MP / TPA පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද් කුමාර්

8. SJB / සමස්ත ලංකා ජනතා කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහ්මාන්

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 91කින් එනම් තුනෙන් දෙකක අති බහුතරයකින් පාර්ලිමේන්තුවේදී සම්මත විය.
ඊට පක්ෂව ඡන්ද 156ක්ද විපක්ෂව ඡන්ද 65ක්ද ලැබිණි.

අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා විසින් 20 වැනි ව්‍යවස්ථා සං⁣ශෝධන කෙටුම්පත අගෝස්තු 19 වැනිදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අතර ඊට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි විය.

ඉන්පසු එය ඉකුත් 03 වැනිදා ගැසට් මගින් ප්‍රකාශයට පත් කෙරුණු අතර සැප්තැම්බර් 22 වැනිදා එය පාර්ලිමේන්තුවට මෙන්ම අධිකරණයට ඉදිරිපත් කෙරිණි. ඊට එරෙහිව පෙත්සම් 39ක් ආසන්න ප්‍රමාණයක් ඉදිරිපත් වූ අතර එහි තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා පාර්ලිමේන්තුවේ කථානායකවරයාට දැනුම් දුන්නේය.

මෙි සම්බන්ධයෙන් වන විවාදය ඊයේ(21) සහ අද(22) පැවැත්විණි.

 

Previous articleදුරකතනයේ පක්ෂ හිමිකරුත් 20ට පක්ෂයි
Next articleජනිත් මධුසංඛගේ ආරක්ෂාව ගැන ඉල්ලීමක් : පොලිස්පතිටත් නොතීසි

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here