දුරකතනයේ පක්ෂ හිමිකරුත් 20ට පක්ෂයි

දුරකතනය ලකුණ සහිත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය පක්ෂයේ හිමිකරු වූ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය ද විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ලබාදුන්නාය.

ඩයනා ගමගේගේ නමින් ලියාපදිංචි කර ඇති අපේ ජාතික පෙරමුණ පක්ෂය නම වෙනස් කොට සමගි ජන බලවේගය ලෙස මැතිවරණයට තරග කිරීම සඳහා ලබා දෙන ලදි. පක්ෂයේ හිමිකරු මෙසේ වෙනත් මතයක් දැරීම නිසා ගැටළුවක් මතුවන්නේද යනුවෙන් අප කළ විමසීමකදී සමගි ජන බලවේගයේ ප්‍රධානියෙකු පැවසුවේ ඩයනා ගමගේ විසින් ඇයට අයත් පක්ෂය ලබා දී ඇත්තේ වසර හතරක් සඳහා බවයි. ඊට අදාළ ගිවිසුමක් සමගි ජන බලවේගයේ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සමග අත්සන් කර ඇති බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

ඩයනා ගමගේ මහත්මියට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුරයක් ලබාදුන්නේ ද අදාළ ගිවිසුමට අනුව බව අප කළ විමසීමට පිළිතුරු දෙමින් එම ප්‍රධානියා සඳහන් කළේය.

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here