මන්ත්‍රී ධුරත් බේරාගෙන ඡන්දය දුන් සිව්දෙනෙක් !

(ශාලික විමලසේන)

පක්ෂයේ මතයට විරුද්ධව විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට ඡන්දය ලබාදෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරන බවට සමගි ජන බලවේගය විසින් තීරණයක් ගෙන තිබුණද, එය පවතින නීතියට අනුව ප්‍රායෝගික නොවන තීරණයක් බව නීතිවේදීහු පෙන්වා දෙති.

පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමෙන් පසු ඔහුගේ හෝ ඇයගේ මන්ත්‍රී ධුරය ද අහිමි වේ. එහෙත් ඊට එරෙහිව දිසා අධිකරණයක නඩු පැවරීමෙන් ලබාගන්නා තහනම් නියෝගයක් මගින් මුළු ධුර කාලය ම පාර්ලිමේන්තුවේ සිටීමට ඔවුන්ට අවස්ථාව හිමි වේ. මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී නීතිඥ ජගත් ලියන ආරච්චි සඳහන් කළේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් මේ තත්ත්වය වෙනස් කිරීමට උත්සාහ කළද, ඊට මන්ත්‍රීවරුන් බහුතරයක් විරෝධය පළකිරීම නිසා එම වගන්තිය කාරක සභා අවස්ථාවේදී ඉවත් කෙරුණු බවයි.

එම ව්‍යවස්ථා සංශෝධනය මගින් මෙසේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කෙරෙන මන්ත්‍රීවරුන්ගේ අභියාචනා විමසීම ශ්‍රේෂ්ඨාධිකරණයට පැවරීමට යෝජනා කර තිබූ බව ද නීතිඥවරයා පෙන්වා දුන්නේය. විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පිළිබඳ දෙවැනි වර ඡන්ද විමසීමේදී සමගි ජන බලවේගයේ පක්ෂ සාමාජිකත්වය සහිත මන්ත්‍රීවරුන් හතර දෙනෙක් ඊට පක්ෂව ඡන්දය ලබාදුන්හ.

Previous article20 දෙවැනි වර කියවීම සම්මතයි : විපක්ෂයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙකුත් පක්ෂව ඡන්දය දෙති
Next articleකථානායකගේ ගණන් පරස්පරයි

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here