20 දෙවැනි වර කියවීම සම්මතයි : විපක්ෂයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙකුත් පක්ෂව ඡන්දය දෙති

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 91කින් එනම් තුනෙන් දෙකක බහුතරයකින් පාර්ලිමේන්තුවේදී සම්මත විය.

ඊට පක්ෂව ඡන්ද 156ක්ද විපක්ෂව ඡන්ද 65ක්ද ලැබිණි. විපක්ෂයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් ද 20ට පක්ෂව ඡන්දය ලබාදුන්හ. සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ඩයනා ගමගේ මහත්මිය ද 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ලබා දුන්නාය.

කාරක සභා අවස්ථාවේදී ඊට සං⁣ශෝධන සිදුකිරීමට නියමිත අතර තෙවැනි වර කියවීම ද අද රාත්‍රියේ පැවැත්වීමට නියමිතය.

 

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here