සහරාන්ගේ බිරිඳ ඇතුළු 06ක් රිමාන්ඩ්

(ශානක ද සිල්වා)

පාස්කු ප්‍රහාරය එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බකරු සහරාන් හෂීම්ගේ බිරිඳ ඇතුළු 06 දෙනකු ලබන මස 04 වැනිදා තෙක් රිමාන්ඩ් කිරීමට කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (22) නියෝග කළේය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ලබා ගැණුනු මාස 18ක රැඳවුම් නියෝග මත එම හය දෙනාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රඳවා තබාගෙන ප්‍රශ්න කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ සහරාන් හෂිම්ගේ බිරිඳ වන අබ්දුල් හමීඩ් ෆාතිමා හාදියා, අසරුඩීන් මොහොමඩ් ඉල්මි, අබ්දුල් හමීඩ් මොහොමඩ් රිෆාස්, මොහම්මදු මෂ්නුක් මොහහොම්මදු රිලා, මොහොම්මදු අමීර් එම් අයතුල්ලා, මොහොමඩ් මුබාරක් මොහොමඩ් රිෆායිල් අය වේ. මහේස්ත්‍රාත්වරයා එම නියෝගය සිදු කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම සැකකරුවන් රැඳවුම් නියෝග අවසානයේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

සහරාන්ගේ බිරිඳ හෙට (23) පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බැලෙන ජනාධිපති පරීක්ෂණ කොමිසමට ඉදිරිපත් කරන ලෙසටද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

Previous article17-18-19 තුනටම අත උස්සා 20ටත් අත උස්සන මන්ත්‍රීවරුන් 23ක් පාර්ලිමේන්තුවේ – රජීත් කීර්ති
Next article20 දෙවැනි වර කියවීම සම්මතයි : විපක්ෂයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙකුත් පක්ෂව ඡන්දය දෙති

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here