අගමැති ආරක්ෂකයන්ට පුහුණුව ඉන්දියාවෙන් – විපක්ෂ නායක මහින්ද 2019 දී ප්‍රතික්ෂේප කරලා

අගමැති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව බාරව කටයුතු කරන අගමැති ආරක්ෂක කොට්ඨාසයේ නිලධාරීන්ට පුහුණුව ලබාදීමේ වගකීම ඉන්දියාවේ ජාතික ආරක්ෂක බලකායට පවරා ඇත.

ඉන්දියාවේ PTI – Press Trust of India පුවත් සේවය වාර්තා කර ඇත්තේ මේ යටතේ එම කොට්ඨාසයේ නිලධාරීන් 31 දෙනෙකු මුල් වටයේදී පුහුණුව ලබා ඇති බවයි. ඉන්දීය ජාතික ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජනරාල් එස්.එස්.දේස්වාල් එරට ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් පැවැති උත්සවයකදී පවසා ඇත්තේ ශ්‍රී ලංකා අගමැතිවරයා විසින් ඉන්දීය අගමැතිවරයාගෙන් කරන ලද ලිඛිත ඉල්ලීමකට අනුව මෙම පුහුණු කටයුතු සිදුවන බවයි. ලෝකයේ ඇති දුර්වලතා නොමැති බලකාය මෙය බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා එහි දී සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් 2019 අප්‍රේල් 28 වැනිදා ඉන්දියාවේ News 18 නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඒ වනවිට විපක්ෂ නායක ධුරයේ කටයුතු කළ මහින්ද රාජපක්ෂ පවසා ඇත්තේ ඉන්දියාවේ ජාතික ආරක්ෂක බලකායේ සහාය මෙරටට අනවශ්‍ය බවත්, ලංකාවේ ආරක්ෂාව සහතික කිරීමට මෙරට ආරක්ෂක අංශවලට හැකියාව පවතින බවත් ය. 2019 අප්‍රේල් 21 දා සිදු වූ පාස්කු ප්‍රහාරයෙන් පසු, මෙරට ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය වුවහොත් ඉන්දියානු ආරක්ෂක අංශවල සහාය ලබාගන්නා බවට එවකට පැවැති ආණ්ඩුවේ පාර්ශ්ව කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදාළ නාලිකාව කළ විමසීමකදී අගමැතිවරයා එසේ පවසා තිබිණි.

Previous articleඇබ්සන්ට් කෝප්‍රල් අතුරුදන් බව හමුදාවෙන් පිළිගනී
Next articleහමුදාව, මාධ්‍ය සහ හාම්පුතුන් නිසා ඇඟළුම් සේවකයින් පීඩාවට පත්වෙලා – මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here