ඇබ්සන්ට් කෝප්‍රල් අතුරුදන් බව හමුදාවෙන් පිළිගනී

(ශාලික විමලසේන)

2006 වසරේ සිට අතුරුදන්ව සිටින ශ‍්‍රී ලංකා යුද හමුදාවේ ජාතික ආරක්ෂක බලමුළුවේ 01009 කෝප‍්‍රල් අංකය දැරූ වීනා සිත්තම්බි වේල්නායගම් අතුරුදන්වූවකු ලෙස පිළිගැනීමට යුද හමුදාව තීරණය කර ඇත.

මෙම අතුරුදන්වීමට අදාළ විමර්ශන නිසි පරිදි සිදුනොවන බවටත්, එයින් තමන්ට බරපතළ අසාධාරණයක් සිදුවන බවටත් පවුලේ ඥාතීන් විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර තිබිණි. වසර ගණනාවක් තිස්සේ එම පැමිණිල්ල විභාග වූ අතර, හමුදාව පාර්ශ්වයෙන් අවසානයේ එහිදී එකඟ වී තිබුණේ අතුරුදන්වූවකු ලෙස වීනා සිත්තම්බි වේල්නායගම් පිළිගැනීමට ය. ඒ අනුව ඔහුට 2006 වසරේ සිට ලැබිය යුතු හිඟ වැටුප් සහ අනෙකුත් දීමනා ලබාදීමට ද හමුදාව කොමිසමේදී එකඟ වී තිබේ.

මෙම එකඟතාව ඇතිකර ගැනීමෙන් පසුව වුවද, මෙතෙක් අදාළ හිඟ වැටුප් හෝ දීමනා හෝ ලබාදීමට හමුදාව පාර්ශ්වයෙන් කටයුතු කර නැති අතර, ඒ පිළිබඳව විමසීමේදී පවුලේ ඥාතීන්ට දැනුම් දී ඇත්තේ ඒ සඳහා ජනාධිපතිවරයාගේ අනුමැතිය ද අවශ්‍ය වන බවත්, අදාළ ස්ථාන වෙත ලිපිගොනු යවා ඇති බවත් ය.

මේ සම්බන්ධයෙන් අප මීට පෙර කරන ලද වාර්තාව පහතින්…

කෝප‍්‍රල් අංකය : 01009 මරණයට හේතුව – අතුරුදන් වී වසරකට වැඩි කාලයක් ගතවීම

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here