වසන්ත මුදලිගේ වහාම මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කරන්නැයි නියෝග

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ වහාම මහේස්ත්‍රාත්වරයකු හමුවට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේය.
එම නියෝගය කළේ එම මූලික අයිතිවාසිකම් පෙත්සම විජිත් මලල්ගොඩ සහ ටී තුරෙයිරාජා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීය.
පෙත්සම කැඳවූ අවස්ථාවේදී දීර්ඝ කරුණු දැක්වීමක් සිදු කරමින් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ප්‍රකාශ කළේ වසන්ත මුදලිගේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන සිටින්නේ සාක්කි අනාවරණය වීමකින් තොරව බවයි.
ඔවුන් රඳවා තබා ගැනීම සඳහා රැඳවුම් නියෝග ලබා ගැනීමට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් පොලිස්පති මගහැර කෙලින්ම ආරක්ෂක ලේකම්ට ලිපියක් යවා ඇතැයි අද හෙළිදරව් විය.
ඒ අනුව දේශබන්දු⁣ තෙන්නකෝන් මෙම මූලික අයිතිවාසිකම් නඩුවේ වගඋත්තරකරුවකු කිරීමට අධිකරණය අවසර ලබා දුන්නේය.
ඉදිරිපත් වී ඇති කරුණු සලකා බැලීමේදී මූලික අයිතිවාසිකම් කඩවීමක් සම්බන්ධයෙන් විභාග කිරීමට ප්‍රමාණවත් කරුණු ඇති බවට සෑහීමකට පත්වීමෙන් පසු නඩුව විභාග කිරීමට තීන්දු කළ ශ්‍රෙෂ්ඨාධ්කරණය අතුරු සහන ලබා දෙමින් වසන්ත මුදලිගේ වහාම මහේස්ත්‍රාත්වරයකු හමුවට ඉදිරිපත් කරන ලෙස ද නියෝග කළේය. එසේම ඔහුට නීතිඥ සහාය පහසුවෙන් ලබා ගැනීම සම්බන්ධයෙන් කළ ඉල්ලීමටත්, ඔහු අධිකරණ වෛද්‍ය නිලධාරියකු හමුවට ඉදිරිපත් කිරීමටත් අතුරු සහන ලබා දුන්නේය.
සිරිධම්ම හිමි වෙනුවෙන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමද අද කැඳවූ අතර සිරිධම්ම හිමි වෙනුවෙන් කරුණු දැක්වූයේ ජනාධිපති නීතිඥ එම් ඒ සුමන්තිරන් මහතාය. එම පෙත්සමේ සහ දිවුරුම් ප්‍රකාශයේ සිරිධම්ම හිමිගේ නමෙහි තිබූ වෙනසක් ගැන මතුවීමෙන් පසු නැවත දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කිරීමටත් පාඨ වෙනස් කිරීමටත් තීන්දු විය. ඒ අනුව එම පෙත්සම දෙසැම්බර් මාසයේ සැලකා බැලීමට නියමිතය.
හෂාන් ජීවන්තගේ පෙත්සම කැඳවූ අවස්ථාවේදී නීතිඥ නුවන් බෝපගේ මහතා පෙනී සිටි අතර එය ද දෙසැම්බර් මාසයේ කැඳවීමට නියමිතය.
පහත ඡායාරූපයේ සිටින්නේ මෙම පෙත්සම් තුන වෙනුවෙන් නොමිලයේ පෙනී සිටි නීතිඥ මඩුල්ලයි.

Previous articleඅවසන් යුද්ධයේ බාර වූ එල්ටීටීඊ සාමාජිකයන් ගැන හමුදාවෙන්ම පරස්පර ප්‍රකාශ
Next articleජනපති මැදුරෙන් මුදල් සොයා ගැනීම ; දේශබන්දු අතින් අඩුපාඩු වෙලා

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here