චෝදනා නෑ ; දින 50කට පසු හෂාන් ජීවන්ත නිදහස් කරයි

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සමඟ අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටි කැලණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය හෂාන් ජීවන්ත අද තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය මගින් මුදා හරිනු ලැබීය.
කොළඹ පැවැති සාමකාමී විරෝධතාවයකට පොලිසිය පහරදීමෙන් පසු එම ස්ථානයේ සිට විශ්ව විද්‍යාලය බලා යමින් සිටියදී වසන්ත මුදලිගේ සමඟ හෂාන් ජීවන්ත අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය අගෝස්තු 18 වැනිදාය. 18 වැනිදා අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිස් අධිකාරීවරයකුගේ රැඳවුම් නියෝග මත හෂාන් ජීවන්ත පෑලියගොඩ පොලිසියේ සහ තවත් ස්ථානයක පැය 72ක් රඳවා තබාගෙන සිටි අතර ඉන් අනතුරුව පැය 24ක කාලයක් රැඳවුම් නියෝගයක් නැතිව රඳවා තැබීමෙන් පසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඔහු දින 90ක කාලයක් රඳවා තබා ගැනීමට නියෝග නිකුත් කළේය.
අගෝස්තු 18 වැනිදා සිට අද දක්වා දින 50ක කාලයක් තංගල්ලේ සහ කොළඹ රැඳවුම් මධ්‍යස්ථානවල පහසුකම් රහිතව රඳවා තබාගෙන සිටි හෂාන් ජීවන්ත අද ත්‍රස්තවාදය වැලැක්වීමේ කොට්ඨාසය විසින් තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහුට එරෙහිව චෝදනා නොමැතිවීම නිසා මුදා හරිනු ලැබීය.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි තවදුරටත් රඳවනු ලැබ සිටිති.

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here