අපේ බිය අපව පහත් කරනවා : අපේ නිදහස නැතිකරනවා – මහාචාර්ය හූල්

රත්නජීවන් හූල් මහතා විසින් Colombo Telegraph වෙබ් අඩවියට ලියන ලද ලිපියක සිංහල පරිවර්තනයකි.


“තරුණයින් දේශපාලනයට සම්බන්ධ කර ගැනීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව සමඟ වවුනියාවේ මුන්ඩ්රු මුරිප්පු හි AFRIEL සංවිධානයේ වැඩසටහනට සහභාගී වීමට ලැබීමේ සතුට 2020 ඔක්තෝබර් 5 දින මා හට ලැබ ගැනීමට හැකි විය. මෙම උත්සවයේදී AFRIEL හි හත්වන සංවත්සරය සමරනු ලැබීය.

AFRIEL හි අධ්‍යක්ෂ රවින්ද්‍ර ද සිල්වා සැබවින්ම සාරධර්ම පිළිබඳ ජාත්‍යන්තරවාදියෙකි. වවුනියාවේ සිටින ඔහු සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයේම චතුර කථිකයෙකි.ඔහු මාගේ පාසල ද වන යාපනයේ ශාන්ත ජෝන් විද්‍යාලයේ සිංහල භාෂාව ඉගැන්වීය. 2013 උතුරු පළාත් සභා මැතිවරණය සඳහා ජාත්‍යන්තර නිරීක්ෂකයෙකු ලෙස  තායිවානයේ සිට පැමිණි ඔහුගේ බිරිඳ Grace En-Tzu Chang මෙරට රැඳී සිටිමින් AFRIEL හි ස්වේච්ඡා කළමනාකරු ලෙස සේවය කරයි. AFRIEL හි තරුණියන්ට ඇගෙන් ලැබෙනා සහාය සහ සුහදශීලීත්වය මිල කළ නොහැකි ය. දිස්ත්‍රික්ක පහ⁣ළොවක් නියෝජනය කරමින් 250ක පමණ සිංහල දමිළ සහ මුස්ලිම් ජනකායක් එදින රැස්ව සිටියහ.සියලු දෙනාගේ පහසුව පිණිස භාෂා පරිවර්තන පහසුකමද එම අවස්ථාවට සලසා දී තිබිණ.



රවින්ද්‍ර ද සිල්වා මහතාට අනුව, AFRIEL සමාගමට අනුබද්ධ තරුණ තරුණියන් යෝජිත විසිවන ව්‍යවස්ථා සංශෝධනය ගැන කනගාටු වන අතර ඔවුන්ගේ අදහස වූයේ මෙම සංශෝධනයෙන් මානව හිමිකම් සම්බන්ධයෙන් සහ රට ගෙන යන දිශානතිය පිළිබදව භයානක තත්වයක් උදාවන බවයි. වැඩිහිටියන් සමඟ මේ කරුණු සාකච්ඡා කළ හැකි සංසදයක් සඳහා වූ ඔවුන්ගේ ඉල්ලීම මත මෙම රැස්වීම සංවිධානය විය. හදිසියේ පැමිණි බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙක් ප්‍රශ්න කර සිටියේ  සංවිධායකයින් මෙම රැස්වීම පිළිබඳව පොලිසියට දැනුම් නොදීමට හේතුව ඇතුළු සියලු ආකාරයේ කරැණුය. ඊට ප්‍රතිචාර දක්වමින් සංවිධායකයින් මෙය පොලිසියට දැනුම් දිය යුත්තේ කුමක් නිසාදැයි විමසූ නමුත් පිළිතුරක් නොලැබුණි. පොලිස් පරීක්ෂක පෙරමුණ මහතා ද මෙම සභාවේ කථිකයෙකු බව පැවසූවද ඔවුන්ගේ සැක සංකා පහව ගියේ නැත. බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනා ද රැස්වීම පුරා බලා සිටියහ. මෙය විසිවන ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු ජීවිතය කෙබඳු වේද යන්න පිළිබඳ පුරෝකථනයකි.

මෙම සිදුවීම 2011 මැයි 29 වන දින බිහිසුණු මතකයන් ගෙන ඒමට සමත් විය. එදින Noolaham පදනමේ පසු පරම්පරාව සඳහා පොත් සංරක්ෂණය කිරීම හා පර්යේෂණ කිරීම සඳහා යාපනයේ දී රැස්විය. මාතෘකාව වූයේ සංවර්ධනය වෙමින් පවතින වේගයෙන් අතුරුදහන් වෙමින් පවතින ⁣ඓතිහාසික ගොඩනැගිලි සහ ඒවායේ ගෘහ නිර්මාණ ශිල්පයේ පින්තූර ආරක්ෂා කිරීමයි. හමුදාව රැස්වීමට හදිසියේ කඩා පැන බාධා කළේය. බුද්ධි අංශ නිලධාරියෙකු අප සමඟ ඉඳගෙන සටහන් සහ පින්තූර ගැනීම් එකඟතාවය මත අපට වැඩසටහන ඉදිරියට යාමට අවසර ලැබුණි. පිටත්ව යාමට පෙර, අපගේ හැඳුනුම්පත් විස්තර සටහන් කරගන්නා ලදී. අපගේ දමිළ අත්දැකීම්වල වෙනස් නොවන අංගයක් වන්නේ අපගේ අයිතිවාසිකම් ඉල්ලා සිටීමට අප දක්වන අකමැත්තයි. මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස මම පුවත්පත් නිවේදනයක් නිකුත් කළෙමි. සමහර එක්සත් රාජධානියේ මණ්ඩල සාමාජිකයන් මා එය ප්‍රශ්නයක් ලෙස දකිමින් කටයුතු කිරීම නිසා අනාගත රැස්වීම් සඳහා හමුදාව සමඟ ඇති සම්බන්ධතාවය දුෂ්කර බවට අනුමාන කරමින් මා සමග සිත් අමනාපයෙන් පසුවිය. Noolaham සමඟ මාගේ සම්බන්ධතාවය ඒ අයුරින් වෙනස් විය. මූඩ්රු මුරිප්පුහි සිල්වා සහ රූකි ප්‍රනාන්දු වැනි සිංහලයන්ගේ මැදිහත්වීම මෙම සිද්ධිය හෙළි කිරීමට උපකාරී වේ. අප බිය වන විට, හිරිහැර කරන හමුදාව සෑමවිටම ඉහළින් සිටියි.

පොලිසිය අපගේ අයිතිවාසිකම් පාගා දැමීම අපගේ COVID ඇඳිරි නීතිය හා සමානය. 2020 ඔක්තෝබර් 4 වන ඉරිදා, එම්. ඒ. සුමන්තිරන් විසිවන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයක දී (ඔහු මීට පෙර බොහෝ වාර ගණනක් කළ පරිදි) ජනාධිපති මාධ්‍ය කාර්යාලය විසින් ප්‍රකාශයට පත් කරන ලද ඇඳිරි නීතියට නීතිමය බලයක් නොමැති බව ප්‍රකාශ කළේය. මෙම නීති විරෝධී නියෝගවල ශක්තිය අපගේ බියයි.  නීතයට අවනත නොවන අවිගත් පාර්ශ්වයන්ට ඇති බිය නිසාම අපි ඔවුන්ට කීකරු වන්නෙමු.

පෙරමුණ මහතා සිය කතාව පළමුවම සිදු කර වහාම පිටත්ව ගියේය. සභාපති මහින්ද දේශප්‍රිය සැමට සුපුරුදු පරිදි විනෝදකාමී සහ හරවත් ලෙස කතා කළේය. ඊළඟට මා මුලසුන දැරූ සංසදය විය. විසිවන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව මා ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කල නඩුව නිසාවෙන් ඒ පිළිබදව මාගේ මතය සියලු දෙනාටම නොරහසක් බව දේශප්‍රිය මහතා නිවේදනය කළේය. එබැවින් ඒ පිළිබඳව කිසිදු ප්‍රශ්නයක් නොඅසන ලෙස ඔහු ඉල්ලා සිටියේය. ගැටලුව වූයේ එසේ වූවා නම් එය මා විසින් සිදු කරන ලද උප විනිශ්චයක් වන බැවිනි. නමුත් සංශෝධනය පිළිබඳ මගේ අදහස් සාකච්ඡා කිරීමට ඇත්ත වශයෙන්ම බාධාවක් නොමැති අතර මම එහි සිටි රූපවාහිනී කාර්ය මණ්ඩලයට පැවසූ අතර එය එදින රාත්‍රී ප්‍රධාන ප්‍රවෘත්ති මගින් ද විකාශය විය.

ඒ හා සමානව නාගානන්ද කොඩිතුවක්කු මහතා තම පක්ෂය ලියාපදිංචි කිරීම සඳහා වූ අයදුම්පත වෙනුවෙන් පෙනී සිටිමින් ඔක්තෝම්බර් 6 වැනිදා කොමිසමට කියා සිටියේ අගවිනිසුරුවරයාට ඉල්ලා අස්වන ලෙස ඉල්ලා අගවිනිසුරුවරයා වෙත මූලික විරෝධයක් ගොනු කළ බවයි. වසර හතරහමාරක් ඉකුත්වීමට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තමාට හැකියාව ඇතැයි අගවිනිසුරුවරයා නීතිපති ධුරයේ සිටියදී 2018 දී සිරිසේන රජයට උපදෙස් දීමෙන් සියළුම විශ්වසනීයත්වය අහිමි වී ඇති බව එයට පදනම් විය.කොඩිතුවක්කු මහතා පැවසූ ආකරයට, අගවිනිසුරුවරයා පසුව පැවති නඩු විභාගයේ දී කොඩිතුවක්කුගේ විරෝධතා නියෝගයෙන් බැහැරව තීන්දු කර තිබුණද, පෙත්සම්කරුවෙකු ලෙස උසාවිය ඇමතීමට ඔහුට ඉඩ දීමට එකඟ වුවද, 2019 මාර්තු 18 වන විට ඔහුට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර 3 කට නීති කටයුතු හා සම්බන්ධ වීම අත්හිටුවා ඇත. හිටපු අභියාචනාධිකරණ විනිසුරු විජිත මලල්ගොඩට අපහාස කිරීම සම්බන්ධයෙන් ඔහු වැරදිකරු විය.

ඔහුගේ පෙත්සම ඇමතීමට ඔහුට අවසර දීමට නීතිය ක්‍රියාත්මක වනු ඇති බවට මම නොසිතමි. උසාවියේ මෙම සිත්ගන්නාසුලු සිදුවීම වාර්තා වී නොමැති (හෝ සමහර විට කලාතුරකින්) හෙයින්, අපගේ පුවත්පත් කෙතරම් විචක්ෂණශීලීද යන්න පෙන්නුම් කරයි. අදහස් දැක්වීමට අවසර දෙන ජනප්‍රිය වෙබ් අඩවි දෙස බැලුවහොත්, අගෝස්තු 5 සිට අදහස් වියළී ගොස් ඇත. මෙය පුදුමාකාර ස්වයං-වැලකීමකි.

සුපුරුදු පරිදි, සංසදයේ දී අපි අඳුරේ සිටි අන්ධ මිනිසුන් මෙන් නොසැලකිලිමත් කාමරයේ සිටි මද කිපුනු අලියා නොසලකා හැරියෙමු. අපගේ නාටකය අතරතුර, මාධ්‍යය සහ අපගේ ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල කරනා විසි වැනි ව්‍යවස්ථා සංශෝධනය නම් අලියා විසින් පාගා තලා පොඩි වීමේ අවධානම, භයානක කම නොසලකා ඌගෙ කකුල් ගස් කදන් ලෙසද වලිගය බුරුසුවක් ලෙසද සැලකූයෙමු.

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට ඡන්දය දීමට අපොහොසත් වුවහොත් මුස්ලිම්වරුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයක් ගැන තර්ජනය කරමින් ජනාධිපතිවරණ පනතේ නීති උල්ලංඝණය කළ බවට අධිකරණ අමාත්‍යවරයාට චෝදනා කිරීමට, මා කොමිසමෙන් ඉවත් කරනු ලැබීම ගැන බිය නොවී චෝදනා කිරීමට මෙතුවක් කල් මට නිදහස තිබුණි.

විසිවන ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුවහොත් මාව වහාම කොමිසමෙන් ඉවත් කළ හැකිය. එබැවින් මෙම සංශෝධනය ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් කුළුණක් වන කොමිසමේ ස්වාධීනත්වය උදුරා ගනු ඇත. එලෙසම, මම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව අභියෝග කළ අතර එය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පිළිගනු ලැබීය. නමුත් සංශෝධනයෙන් පසුව පාර්ලිමේන්තුවේ සමහර මැරයන් දැනටමත් තර්ජනය කර ඇති ආකාරයට  මා කොමිසමෙන් ඉවත් කිරීමක් වුවද සිදුවිය හැක. මේ වසරේ අපේ‍්‍රල් මාසයේ දී අපේ‍්‍රල් 25 වන දින මැතිවරණයක් පැවැත්වීමට කොමිසමට බලපෑම් එල්ල වූ විට, ජාතික සෞඛ්‍යය උපුටා දක්වමින් අපි අපේ ස්ථාවරයේ සිටියෙමු. සංශෝධනයෙන් පසුව එම නිදහස ලබා ගත නොහැකි වනු ඇති අතර කොමිසමේ ප්‍රධානියාගේ හිස ගිලටිනයක් අබියස රැදෙනු පවතිනු ඇත.

මේ සියල්ල තිබියදීත් කුඩා ජැක් හෝර්නර් මෙන් “මම මොනතරම් හොඳ ළමයෙක්ද?” ලෙස අසන්නා ලෙසින්ම සංසදයේදී අපි ඉතා සාපේක්ෂ සුළු කාරණා වලට ඇලී සිටියෙමු.  මාන්නාරමේ ඡන්ද ලියාපදිංචි වූවන් හට විශ්ව විද්‍යාල කෝටා සහ රැකියා කෝටා වැනි ප්‍රතිලාභ ලබා ගැනීමට ඉඩ දෙන අතරම ඔවුන්ට ඔවුන්ගේ ඡන්දය පුත්තලමේදී භාවිතා කිරීමට හැකිවූයේ කෙසේද යන්න වැනි වැදගත් කරණු අප විසින් සාකච්ඡා කළ නමුත් එය විසිවන ව්‍යවස්ථා සංශෝධනය හරහා ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වන දැඩි ප්‍රහාරය තරම් වැදගත් නොවීය. පැහැදිලි විවාදයක් පැවැත්වීම සඳහා සංශෝධනය පිළිබඳ ජනමත විචාරණයක් අපට අවශ්‍යය.

ටියුඩර් යුගයේ තෝමස් හෝර්නර්ගේ වංක ක්‍රියා උපහාසාත්මක ලෙස දැක්වීමට එම කුඩා දරුවන්ගේ ගීතයක් ලෙස ලියැවුනි. ප්‍රජාතන්ත්‍රවාදය තුළ සත්‍ය වශයෙන්ම ඇති ගැටලු හංගමින් එය සමරන බවට මවා පානා අපද හෝර්නර් වැනිය.

මෙහිදී එක් ප්‍රශ්නයක් වූයේ AFRIEL හි තරුණයින් දේශපාලනයට පිවිසෙන්නේ කෙසේද යන්නයි. දේශපාලනය යනු ශ්‍රී ලංකාවේ දූෂණය බහුලව පවතින වෘත්තීය ක්ෂේත්‍රයකි. අවංක පුද්ගලයින්ට බොහෝ දේ කළ හැකි නමුත් බොහෝ අය දූෂිත හා කලාතුරකින් රැකියාවට පැමිණෙන පාර්ලිමේන්තුවක තරුණයින්ට පැවැත්මක් තිබිය හැකිද?

මේ  වන විට මැතිවරණ කොමිෂන් සභාව නව පක්ෂ ලියාපදිංචි කිරීම සඳහා වන අයදුම්පත් පරීක්ෂා කරමින් සිටින්නේ දැනටමත් පිළිගත් දේශපාලන පක්ෂ 70 ක් ඇති අපට තවත් පක්ෂ අවශ්‍ය බැවින් විය යුතුය. ඉන්දියාවේ ඇත්තේ ජාතික පක්ෂ 8 ක් සහ රාජ්‍ය පක්ෂ 52 ක් පමණි. කෙසේ වුවද අපට අයදුම්පත් 158 ක් ලැබී තිබේ.

පනතක නිශ්චිතව දක්වා ඇති පරිදි, කොමිෂන් සභාව විසින් සෑම ජනවාරි මාසයකම අයදුම්පත් කැඳවිය යුතු අතර, එය සනාථ කරන අයදුම්කරුවන් විසින් පහත සඳහන් කොන්දේසි සපුරා ඇත්නම් ඒවා පිළිගැනීම කළ යුතුය:

අ) ප්‍රතිපත්ති ප්‍රකාශයක්

ආ) ව්‍යවස්ථාවක්

ඇ) විගණනය කරන ලද ගිණුම් ප්‍රකාශයක්

ඈ)සිව් වසරක ක්‍රියාකාරකම්

ඉ) අවම වශයෙන් එක් කාන්තාවක්වත් සිටින මණ්ඩලයක්

පාර්ලිමේන්තු හෝ පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වූවන් සඳහා කෙටි ක්‍රියා පටිපාටි ද ඇත.

අපි දකින්නේ කුමක්ද? බොහෝ අයදුම්කරුවන් ගිණුම් හෝ ක්‍රියා පටිපාටි නොමැති හඳුනා නොගත් දේශපාලන පක්ෂ ලෙස ක්‍රියාත්මක වී ඇති හෙයින් විශාල පරිමාණයෙන් ගිණුම් සකස් කර ඇත. ඒ නිසා බොහෝ පාර්ශවයන් සඳහා එකම වැරදි ඇති ගිණුම් අත්සන් කරන විශේෂිත ගණකාධිකාරීවරුන් අපට පෙනේ. එක් අවස්ථාවක ගිණුමකට අත්සන් තැබූ බව පැවසූ විගණන ගණකාධිකාරීවරයා කියා සිටියේ තමා කිසි විටෙකත් එම පාර්ශවයේ ගිණුම් විගණනය කර නොමැති බවත් අත්සන ඔහුගේ නොවන බවත්ය.

ක්‍රියාකාරකම් පෙන්වීම සඳහා රැස්වීම් වාර්තා වංචනික ලෙස සාදන බව අපට පෙනේ. සමහරක් එකම වාර්තා සාම්පලය සෑම වසරකම නැවත නැවතත් භාවිතා කර ඇති නිසා මේ පිළිබඳ පැහැදිලි සාක්ෂි ඇත. වාර්තා පොත් කිහිපයකින්, නිෂ්පාදන මුද්දරය භාවිතා කරමින් අපි පොතේ මුද්‍රණ යන්ත්‍රය සමඟ පරීක්ෂා කළ විට, රැස්වීමේ දිනයට පසු දිනෙක පොත මුද්‍රණය කර තිබුණි. ව්‍යාජ වංචා පොලීසියට වාර්තා කිරීමට කොමිසම මෙවර පොළඹවා ඇති අතර සම්ප්‍රදායයන් නොසලකා හැර ඇති අතර එහි ප්‍රතිලයක් ලෙස ලබන වසරේදී එවැනි වංචා විශාල සංඛ්‍යාවක් වාර්තා වනු ඇත. ඇත්ත වශයෙන්ම “අප හසු නොවන්නේ නම් අපට බොහෝ දේ ලබා ගත හැකි අතර, අප හසු වුවහොත් අපට අහිමි වීමට කිසිවක් නැත” පාඨයට වර්තමාන රාජ්‍ය ප්‍රතිපත්ති අනුබලයක් වී ඇත. මෙම දූෂණ-තිරසාර ක්‍රමයෙන් මෙතරම් ප්‍රතිලාභ ලබා ඇති පාර්ලිමේන්තුවේ වංචනිකයින් සමඟ සම්බන්ධ වීමට අකමැති කවුද? සෑම මැතිවරණයකදීම කිසිවෙකුටත් චෝදනා නොකොට එකම නීති උල්ලංඝණය වන බව අපට පෙනෙන්නේ මෙම ප්‍රතිපත්තිය නිසාය. මෙය වෙනස් කිරීමට කොමිසම පොරොන්දු වී ඇත. අපගේ අවුරුදු පහක සේවා කාලය නිම කොට 2020 නොවැම්බර් 12 වෙනිදා අපි කාර්යාලයෙන් පිටව ගිය පසු විනිවිදභාවය, වගවීම හෝ සත්‍යවාදීභාවය සඳහා කිසිදු කැපවීමක් නොමැති රජයක් විසින් නව කොමිෂන් සභාව පත් කරනු ලබන විට, යෝජිත විසිවන ව්‍යවස්ථා සංශෝධනයෙන් පැහැදිලි වන පරිදි, අපගේ ධනය, අපේ ඡන්ද බලය සහ අපේ ජීවිත වුවද කොල්ලකෑමට ලක් වීමට ඇති අවධානම ගැන මම බිය වෙමි.

මේවා භයානක නිගමනයන්ය. එබැවින් මට ධනාත්මකව අවසන් කිරීමට ඉඩ දෙන්න. ග්‍රේස්ගේ විශිෂ්ට සූපශාස්ත්‍ර කුසලතාවන්ට ස්තූතිවන්නට නිර්මාංශිකයෙක් ලෙස ඉතා රසවත් ⁣භොජන සංග්‍රහක් රස වින්දෙමි. ඉස්සන් ව්‍යංජනය සමග හෙට්ටු වීමට සභාපති දේශප්‍රිය සතුව ඔහුගේ වොඩ්කා බෝතලය විය. තායිවානයේ සිට පැමිණෙන ග්‍රේස්ගේ මේස සැකසුම ඉතාමත් අලංකාර විය.”

Previous articleලෝක මානසික සෞඛ්‍ය දිනය හෙට – බන්ධනාගාරවල භයානක තත්ත්වයක් – වෛද්‍ය ජයාන් මෙන්ඩිස්  
Next articleනාමල් කුමාරට මෛත්‍රී පඩි දීලා : හිටපු ජනපති පුරුද්දක් විදියට බොරු කියනවා – පූජිත

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here