‘විශ්වලිංගම් කටු කම්බි ඔතපු තල් පිත්ත අරන් ආවෙ ගෙදරින් ද?’ – හමුදාවේ ප්‍රකාශය ගැන මාධ්‍යවේදීහු විමසති !

අධිකරණ ක්‍රියාවලියෙන් බැහැරව කිසිම පුද්ගලයකුට දඬුවම් ලබාදීමට කිසිවකුට හැකියාවක් නැතැයි ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ලේකම් ඉඳුනිල් උස්ගොඩ ආරච්චි ප්‍රකාශ කළාය.
අපරාධ සැකකරුවන්ට නීතිය ක්‍රියාත්මක කරන ක්‍රමයක් පවතින බවත්, ඉන් පිට ගොස් නීතිය අතට ගැනීම බරපතළ වරදක් බවත් ඇය සඳහන් කළාය.
ඉඳුනිල් උස්ගොඩ ආරච්චි මේ බව ප්‍රකාශ කළේ ඊයේ (01) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
‘අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ’ සංවිධානය විසින් මෙම මාධ්‍ය හමුව කැඳවා තිබූ අතර, ඒ සඳහා වෙනත් මාධ්‍ය සංවිධානවල නියෝජිතයෝ, කලාකරුවෝ සහ සිවිල් ක්‍රියාකාරීහු පිරිසක් ද සහභාගි වූහ.
යුක්තිය ඉටුනොවීම
එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ලේකම් ඉඳුනිල් උස්ගොඩ ආරච්චි මෙසේ ද ප්‍රකාශ කළාය.
‘මුලතිව් සිදුවීම ගැන මුලින්ම කතා කළොත් මෙවැනි සිදුවීම් වෙච්ච පළමුවැනි අවස්ථාව මෙය නොවෙයි. මෙම දරුණු පහරදීම අපි දැඩිව හෙළා දකිනවා. මාධ්‍යවේදීන් ඝාතනය කිරීම්, පහරදීම් වැනි සෘජු සහ වක්‍ර බලපෑම් රැසක් පසුගිය කාලයේ සිද්ධ වුණා. විශේෂයෙන් උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල ජනමාධ්‍යවේදීන්ට නිරන්තරයෙන් මෙවැනි සිදුවීම්වලට මුහුණ දෙන්න වෙන බව සංවිධාන විදිහට අපිට වාර්තා වෙනවා. මෙවැනි සිදුවීම්වලට යුක්තිය ඉටු කරන්න කියලා අදාළ බලධාරීන්ට ඔ්නෑ තරම් කියලා තියෙනවා. අවුරුද්දක දෙකක කාලය තුළ සිදුවූ සිදුවීම් ගැනත් මේ සම්බන්ධයෙන් පියවර ගන්න කියලා ආයතනවලින් ඉල්ලලා තියෙනවා. කිසිම අවස්ථාවක මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වෙනවා අපි දැකලා නෑ. එවැනි තත්ත්වයක් තුළ මාධ්‍යවේදීන් තමන්ගේ කාර්යභාරය නිදහසේ කරගෙන යන්නේ කොහොමද කියලා ගැටළුවක් තියෙනවා. යුක්තිය ඉටු නොවීම නිසා දිගින්-දිගටම මෙවැනි සිදුවීම් වෙනවා. ඒවා දැන් සාමාන්‍යකරණය වෙලා තියෙනවා.
පොලිසියේ පිළිතුරු
කළුතර ලසන්ත නම් පුද්ගලයා ඝාතනය කිරීමේ සිදුවීම ගත්තත් එවැනි සිදුවීම් අපි අහන-දකින පළමු වැනි සිදුවීම නෙමෙයි. පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරුවන් ඝාතනය කිරීමේ සිදුවීම් වාර්තා වුණත් ඒවටත් නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ. මේ රටේ නීතියක් තියෙනවා. අධිකරණ ක්‍රියාවලියක් තියෙනවා. අපරාධකරුවන්ට දඬුවම් දෙන ක්‍රමයක් තියෙනවා. එම ක්‍රියාවලියෙන් පිටතට ගිහින් කිසිම කෙනෙකුට දඬුවම් දීමේ හැකියාවක් නෑ. අධිකරණයකිනුයි දඬුවම් නියම විය යුත්තේ. ජනමාධ්‍යවේදීන් සහ සිවිල් ක්‍රියාකාරීන් එකතු වෙලා මේ සම්බන්ධයෙන් ලිපියකුත් යොමු කළා, පොලිස්පති ඇතුළු ආයතන කිහිපයකටම කඩිනම් විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලමින්. නමුත් පොලිසියෙන් ලැබුණු පිළිතුර තමයි විමර්ශනයක් සඳහා කරුණු ප්‍රමාණවත් නැහැ කියන එක.’
ජීවත්වීමේ අයිතිය
ජනමාධ්‍යවේදී කේ. සංජීව (අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය) –
‘ජනමාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න වගේම පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්නත් ජනමාධ්‍ය සංවිධානවලට යම් වගකීමක් තියෙනවා. මෑතක අපිට අහන්න-දකින්න ලැබුණු සිදුවීම් දෙකක් මුල්කරගෙන මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්න හිතුවා.
ලුණුවිලගේ ලසන්ත නොවැම්බර් 26 වැනිදා පොලිසිය විසින් ඝාතනය කරනවා අවම බලය පාවිච්චි කරලා. ලසන්ත අත්අඩංගුවට ගන්නේ 25 වැනිදා. තවත් පාතාල සාමාජිකයෙක් ඝාතනය කළායැයි සැකයට තමයි අත්අඩංගුවට ගන්නේ. අත්අඩංගුවට ගත්තු ලසන්ත මරා දමන්න උත්සාහ කරනවා කියන තොරතුර ඔහුගේ නීතිඥවරයා ජනමාධ්‍යවලට සහ මානව හිමිකම් කොමිෂන් සභාවට දැනුම් දුන්නා. මානව හිමිකම් කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය පොලිස්පතිවරයාට සහ පොලිසිය දැනුම්වත් කළා. මොහු ඝාතනය කරාවි කියන සැකය මත ජනමාධ්‍යවේදීනුත් මේ ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකට කරුණු කියනවා. ඒ 25 වැනිදා. නමුත් 26 බ්‍රහස්පතින්දා උදේ ඔහු ඝාතනය කරනවා. මේක බරපතළ ප්‍රශ්නයක්. පුරවැසියාගේ ජීවත්වීමේ අයිතිය රැකදෙන්න තමයි මම හිතන විදිහට පොලිසිය පිහිටුවලා තියෙන්නේ. පොලිසියේ ප්‍රධාන වගකීමක් තමයි පුරවැසියාගේ ජීවත්වීමේ අයිතිය ආරක්ෂා කිරීම. මේ අවස්ථාවේ අපිට පේනවා පොලිසිය පුරවැසියාගේ ජීවත්වීමේ අයිතිය උදුරාගෙන තිබෙනවා. මෙය පළමුවෙනි සිදුවීමවත් අවසාන සිදුවීමවත් නොවෙයි. මීට පෙර පාතාල සාමාජිකයන් යැයි කියලා අත්අඩංගුවට ගත්තු බොහෝ පිරිසක් පොලිසියේ අත්අඩංගුවේ සිටියදී ඝාතනය වෙලා තිබෙනවා.
දෙවැනි සිදුවීම තමයි මුලතිව්හි අපේ සහෝදර මාධ්‍යවේදී විශ්වලිංගම්ට හමුදාවෙන් බරපතළ ප්‍රහාරයක් එල්ලවීම. ඔහු රෝහල්ගත කළා. ඔහුට පහර දෙන්න හේතුව තමයි මුල්ලිවයික්කාල් නාම පුවරුව ඡායාරූපගත කිරීම. ඔහුට පහර දෙන්න පාවිච්චි කරලා තිබෙනවා කටුකම්බි ඔතපු තල් පිත්තක්. මේ පහරදීමෙන් සංකේතවත් කරන්නේ තවත් ප්‍රචණ්ඩ ස්වරූපයකට ගමන් කරලා තිබෙනවා කියලා. ජනමාධ්‍යවේදියකුට නිදහසේ රාජකාරි කරන්න තියෙන අයිතියට මේ ප්‍රහාරය නිසා අගතියක් වෙලා තිබෙනවා.’
හමුදාව කියන්නේ කුමක්ද?
ජනමාධ්‍යවේදිනී ජයනි අබේසේකර (අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය) –
‘මුලතිව්වල මාධ්‍යවේදී විශ්වලිංගම්ට පහර දීලා තිබුණේ කටු කම්බි ඔතන ලද තල් පිත්තකින්. මේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා හමුදා නිලධාරීන් තිදෙනා පැය කිහිපයක් ඇතුළත නිදහස් කරනවා. පසුගිය කාලය ගත්තොත් ලංකාව පුරාම හමුදාකරණය ඉහළ යාම සිදු වුණා. උතුරේ විශේෂයෙන්ම වාර්තා කිරීම් කරන්න සිද්ධ වුණේ යම් සීමාකිරීම් මධ්‍යයේ.
හමුදාව තමන්ගේ නිල වෙබ් අඩවියේ නිකුත් කරලා තිබුණු ප්‍රකාශයට අනුව විශ්වලිංගම් මාධ්‍යවේදියා මුල්ලිවයික්කාල් නාම පුවරුව එතැන රාජකාරි කරමින් සිටි නිලධාරීනුත් සමඟ රූපගත කරද්දි එය සිදුනොකරන ලෙස දැනුම් දුන් විට, ඔහු පසුපසට ගොස් තමන්ගේම බයික් එකට ගහගෙන කටු කම්බි තිබෙන ප්‍රදේශයකට වැටිලා තුවාල කරගත්තා කියලා. හමුදාවට එරෙහි කුමන්ත්‍රණකාරී සිදුවීමක් කියලයි වාර්තා කරලා තිබෙන්නේ. අපිට අහන්න තියෙන්නේ විශ්වලිංගම් තමන්ගේ ගෙදරින් ද අර කටුකම්බි ගහපු එක අරං ආවේ කියලා.’
කලාකරුවකු සහ සිවිල් ක්‍රියාකාරිකයෙකු වන චමින්ද ජයසූරිය, සාහිත්‍යවේදී කෞෂල්‍ය කුමාරසිංහ, දේශපාලන විචාරක විදර්ශන කන්නංගර, ජනමාධ්‍යවේදී නිමල් අබේසිංහ සහ නීතිඥ දුලාන් දසනායක ඇතුළු පිරිසක් ද මෙම මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දැක්වූහ.
යුද හමුදාව ඉංග්‍රීසි බසින් ප්‍රකාශිත නිවේදනය පහත දැක්වේ.
SRI LANKA ARMY APPEALS THE PUBLIC TO DISTINGUISH FACTS FROM FICTION AT MULLIVAIKKAL INCIDENT
(Media Release)
The Sri Lanka Army and its Military Police on being informed of an alleged attack by soldiers on the freelance journalist, Mr Vishwalingam Vishwachandran of Mullaittivu initiated a comprehensive investigation within hours of the said incident including 682 Brigade troops who were on duty at this specific location on 27 November 2021 following instructions given by the Commander of the Army.
Various Social Media platforms, largely with vested interests, along with some print Media in the country published unverified, exaggerated and factually incorrect accounts of the said incident, in which the soldier in question had queried from the ‘aggrieved’ journalist as to why he was filming the location with troops on duty including the Mullivaikkal name board on the roadside.
As the soldier began reaching the said journalist, he had begun withdrawing backwards while filming, but suddenly struck against his own motorbike that had remained parked a few meters away from the name board and fell over the same place where a barbed wire fence of a land also stood by the side of a muddy spot and found his hands ‘bruised’.
Within seconds of his accident, the carefully-orchestrated and maliciously planned plot came to light as several alert groups who had apparently been awaiting his mobile phone message arrived at the scene with video cameras and mobile phones, asking the injured man to pretentiously lie on the ground and pose for visuals for the stage-managed filming, purporting that he had been ‘brutally’ attacked and injured by Army personnel at the location while filming the roadside name board. They also promptly informed the Mullaittivu Police Station and managed to get the man in question admitted to the Mullaittivu District Hospital for treatment in the same morning (27).
On prima facie evidence, the Police took the three soldiers on duty at the location into custody and bailed them afterwards pending further investigations. In the meantime, the Medico-Legal Examination Report of the Mullaittivu District Hospital, issued on Sunday (28), hours before the hospital discharge of the said journalist, confirmed that he had been treated only for ‘abrasion’ and ‘contusion’ during his hospital stay, quite contrary to the alleged “barbaric attack with a palm stick wrapped in barbed wire” as concocted stories that went on viral alleged and called for international investigations.
It is also pertinent to mention here that those ‘so-called journalists’, some of who have already sought asylum in greener pastures, particularly in the aftermath of the culmination of the humanitarian operation in 2009, are well poised to tarnish the image of the Security Forces in the North and East since gestures of healthy reconciliation and sound goodwill spirits between the people and the Security Forces in the past couple of years have impressively grown in a positive manner without being duped by opportunistic and communal-minded elements whose agendas are meant to appease their overseas and local critics of the Security Forces.
The Army while reiterating its genuine and full commitment to the best interests of all Sri Lankans whom it serves, be it in the North or elsewhere, earnestly appeals all rational-minded and peace loving people, not to be misled by such planted incidents and malicious attempts, and instead, join hands together to usher a new era of reconciliation and development. (Ends)

MediaLK විසින්  පලකරනු ලබන කතාවක් සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් ඇත්නම් හෝ වෙනත් තොරතුරක් ලබා දීමට ඇත්නම් පහත ඊමේල් ලිපිනවලට ඊමේල්මඟින් යොමු කළ හැකිය.
info@medialk.com
parapura.medialk@gmail.com
news@medialk.com
Previous articleඅසාත් සාලි නිදොස් කොට නිදහස් – වන්දි ගෙවන්නත් නීතිපති එකඟයි !
Next articleසරත් ෆොන්සේකා ඝාතන උත්සාහය – මහාධිකරණය පිළිගත් සැකකරුගේ පාපොච්ඡාරණය අභියාචනාධිකරණයෙන් අහෝසි කරයි !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here