ඇඟේ හයියට මේවා කරන්න බෑ – අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා

‘ගුරුවරුන්ට අදාළව කිසිම පියවරක් ගැනීමක් ගැන තීරණයක් අරගෙන නෑ. මටත් මෙතැන ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා. කම්කරු නීති සහ අයිතිවාසිකමුත් තියෙනවනෙ, ඒවා ගැනත් අපි හිතන්න ඔ්නෙ. ඇඟේ හයියට මේවා කරන්න බෑ, මට ජනාධිපතිතුමාවත් එහෙම කියලත් නෑ.’ යැයි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය.
ඒ මහතා මේ බව පැවසුවේ අද (21) පාසල් විවෘත කිරීම ගැන අදහස් දක්වමිනි.
අමාත්‍යංශය පැත්තෙන් අද (21) සිසුන් 200ට අඩු පාසල් නිල වශයෙන් ආරම්භ කළා. නමුත් ගුරුවරු සහ විදුහල්පතිවරුන් වර්ජනයේ. පාසල්වල තත්ත්වය කොහොමද?
මට කියන්න තියෙන්නෙ කවුරු සාර්ථකද, අසාර්ථක ද කියන එක නෙමෙයි. මේ ඔක්කොම දරුවන් වෙනුවෙන් කරන කටයුතු. කොවිඩ් වසංගත තත්ත්වය තුළ කොහොමත් දරුවන්ගෙ පැමිණීමත් ටිකක් අඩුයි. අපි අමාත්‍යංශය විදිහට පාසල් විවෘත කරන්න අවශ්‍ය කටයුතු කළා. ඉදිරියෙදිත් කරනවා. මම කැමැති නෑ, කාටවත් අගෞරව වෙන විදිහට කතා කරන්න. ඒ වගේම තරගයක් ඇති කරන්නත් මට අවශ්‍ය නෑ.
ඔබ අමාත්‍යංශ ලේකම්වරයා. ඒ නිසා ඔබට මේ සම්බන්ධයෙන් නිල වගකීමක් තියෙනවා…?
ලේකම් විදිහටත් මං එහෙම තමයි. මට මේ රටට ආදර්ශයක් දෙන්න ඔ්නෙ. මං සාමාන්‍ය ජීවිතයෙත් එහෙමයි. අපි නිල කටයුත්ත විදිහට අද පාසල් ආරම්භ කළා. පාසල් ආරම්භ කරන්න කටයුතු සූදානම් කිරීම පැත්තෙන් සීයට 97ක විතර සාර්ථකත්වයක් තියෙනවා. ඒ කියන්නෙ පිරිසිදු කරලා වගේ වැඩවලින්. තවම අපිට සියලුම වාර්තා ලැබිලා නෑ. අද දවසේ සබරගමු පළාත ගත්තාතේ, වාර්තා වෙන විදිහට දවල් 12 වෙනකොට පාසල් 625කින් විදුහල්පතිවරුන් සීයට 55ක් සේවයට වාර්තා කරලා තියෙනවා. දරුවන්ගේ පැමිණීම සීයට 18යි. ගුරුවරුන්ගෙ පැමිණීම සීයට 24ක් වගේ.
විවිධ පාර්ශ්ව, විශේෂයෙන්ම දේශපාලනඥයන් අදහස් දක්වලා තිබුණා, වර්ජනයේ නිරත ගුරු – විදුහල්පතිවරුන්ට එරෙහිව පියවර ගන්නවා කියලා. අමාත්‍යංශය පැත්තෙන් එහෙම නිල තීරණයක් අරගෙන තියෙනවද?
ගුරුවරුන්ට අදාළව කිසිම පියවරක් ගැනීමක් ගැන තීරණයක් අරගෙන නෑ. මටත් මෙතැන ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා. කම්කරු නීති සහ අයිතිවාසිකමුත් තියෙනවනෙ, ඒවා ගැනත් අපි හිතන්න ඔ්නෙ. ඇඟේ හයියට මේවා කරන්න බෑ, මට ජනාධිපතිතුමාවත් එහෙම කියලත් නෑ.
MediaLK විසින්  පලකරනු ලබන කතාවක් සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් ඇත්නම් හෝ වෙනත් තොරතුරක් ලබා දීමට ඇත්නම් පහත ඊමේල් ලිපිනවලට ඊමේල්මඟින් යොමු කළ හැකිය.
in.medialk@gmail.com
parapura.medialk@gmail.com
medialknews@gmail.com
Previous articleආණ්ඩුවේ උත්සාහය පරදී ; ගුරු-විදුහල්පති වැඩ වර්ජනය සාර්ථකයි  – ජෝසප් ස්ටාලින්
Next articleඇමැති ලොහාන් ගැන විමර්ශනයක් කරන්න ; ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පොලිස්පතිට නියෝග

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here