සෞඛ්‍ය බලධරයන්ගේ තීරණ නිසා තවත් කොවිඩ් රැල්ලක අවධානමක් – රවී කුමුදේශ්

(කෞෂල්‍යා නන්දසේන)
රට විවෘත කිරීමත් සමඟ මහජනතාවට වරද පටවා සෞඛ්‍ය අමාත්‍යංශය වගකීම් පැහැර හරිමින් සිටින බව සෞඛ්‍යය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසයි.
මේ හේතුවෙන් ඉදිරියේදී තවත් කොවිඩ් රැල්ලක අවධානමක් මතුව තිබෙන බව ද එම සංගමය කියයි.
එහි සභාපති රවි කුමුදේශ් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ සෞඛ්‍ය භාවිතාවන් පිළිබඳව සාමාන්‍යකරණය වෙමින් පවතින ජනතාව දැනුම්වත් කර ජනතාවගේ ආරක්ෂාව තහවුරු කළ යුතු බවයි.
රට තුල වසංගතයක් සමාජ ගත වී තිබෙන බවත්, කොවිඩ් පරීක්ෂණ අකර්මණ්‍ය කර,අහඹු නියැදි පරීක්ෂණ සම්පූර්ණයෙන් අත්හිටුවා රටට ඇතුළු වන සංචාරකයන් සහ ගුවන් මගීන් කිසිදු පරීක්ෂාවකින් තොරව රටට ඇතුළුවීමට අවස්ථාව ලබා දෙමින් සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර තිබීම තවත් රැල්ලකට අතවැනීමක් බව කුමුදේශ් මහතා අවධාරණය කරයි.
පැය තුනක් ඇතුළත පරීක්ෂණ වාර්තා ලබාදිය හැකි පීසීආර් රසායනාගාර දෙකක් තිබියදී රටට ඇතුළු වන ගුවන් මගීන් පරික්ෂා නොකරන්නේ දේශපාලන තීරණ නිසා බවත්, ජංගම පීසීආර් රසායනාගාර භාවිත කරමින් රට පුරා අහඹු නියැදි පරීක්ෂණ සිදු කරමින් නැවත රැල්ලක් ඇති වීම පිළිබඳව ජනතාව දැනුම්වත් කළ හැකි බවත්, එසේ තිබියදී ඒ සඳහා කටයුතු නොකරන්නේ සෞඛ්‍ය ප්‍රධානීන්ගේ උද්දච්ච තීරණ නිසා බවත් ඔහු පවසයි.
පහසුකම් අවශ්‍ය ප්‍රමාණයටත් වඩා තිබියදී පරීක්ෂණ අඩු කිරීම හරහා දෛනික ආසාදිතයින් ප්‍රමාණය අඩු බව පෙන්වා සෞඛ්‍ය බලධාරීන් මහජනතාවට වැදි බණ කියමින් සිටිනා බව සඳහන් කරන රවී කුමුදේශ් මහතා, මේ හේතුවෙන් අවසානයේ යලිත් කොරොනා රැල්ලක් ඇති වුවහොත් සෞඛ්‍ය ලේකම්වරයා ඇතුළු පිරිස එහි වගකීම භාර ගත යුතු බවත් අවධාරණය කරයි.
MediaLK විසින්  පලකරනු ලබන කතාවක් සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් ඇත්නම් හෝ වෙනත් තොරතුරක් ලබා දීමට ඇත්නම් පහත ඊමේල් ලිපිනවලට ඊමේල්මඟින් යොමු කළ හැකිය.
in.medialk@gmail.com
parapura.medialk@gmail.com
medialknews@gmail.com
Previous articleඋද්ඝෝෂණය නිරීක්ෂණය කරන්න මානව හිමිකම් කොමිසමත් යයි
Next articleනීතිපති අධිචෝදනා ඉවත් කර ගැනීම : අධිකරණයට මෙතැනදි බරපතළ වගකීමක් තියෙනවා – ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here