උද්ඝෝෂණය නිරීක්ෂණය කරන්න මානව හිමිකම් කොමිසමත් යයි

ගුරු-විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාවය මුල්කර ගනිමින් දින 87ක් තිස්සේ ගුරු-විදුහල්පතිවරුන් පවත්වාගෙන යන අඛණ්ඩ අරගලයේ ඉදිරි පියවරක් ලෙස අද කොළඹ ලිප්ටන් වටරවුමේ පැවැති විරෝධතාවය නිරීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ අධ්‍යක්ෂවරයකු ඇතුළු කණ්ඩායමක් ගොස් ඇති බව එහි ආරංචිමාර්ගවලින් පැවසේ.
මෙම උද්ඝෝෂණය සහ ගුරු-විදුහල්පතිවරුන් විසින් පවත්වනු ලැබූ සෙසු උද්ඝෝෂණ ද පොලිසියේ මැදිහත්වීමෙන් නතර කර දමා මූලික අයිතිවාසිකම් කඩකිරීමට ඉඩ ඇති බවට වෘත්තීය සමිති, සිවිල් සංවිධාන සහ සිවිල් ක්‍රියාකාරීන් 47 දෙනකුගේ අත්සනින් යොමු කෙරුණු පැමිණිල්ලක් සැලකිල්ලට ගනිමින් කොමිසම එලෙස ගොස් තිබේ.
ගුරු-විදුහල්පතිවරුන් මීට පෙර පැවැත්වූ උද්ඝෝෂණ සහ වෙනත් විරෝධතාවලට විවිධ බාධා පැමිණිනු බව ගුරු සංගම් නායකයෝ පැවසූහ.
වෘත්තීය සමිති, සිවිල් සංවිධාන සහ සිවිල් ක්‍රියාකාරීන් අද යොමු කළ ලිපිය පහත දැක්වේ.
‘2021 ඔක්තෝබර මස 06 වැනි දා
සභාපති,
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව,
ආර් ඒ ද මැල් මාවත,
කොළඹ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කර ඇති මූලික අයිතිවාසිකම් කඩවීමට අත්‍යාසන්න සිදුවීමක් ගැන දැනුම්දීම
ගුරු-විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාවය මුල්කර ගනිමින් දින 87ක් තිස්සේ ගුරු-විදුහල්පතිවරුන් පවත්වාගෙන යන අඛණ්ඩ අරගලයේ ඉදිරි පියවරක් ලෙස අද කොළඹ සහ දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකටම උද්ඝෝෂණ රැසක් සෞඛ්‍ය මාර්ඝෝපදේශ අනුව පැවැත්වීමට එම වෘත්තීය සමිති සූදානම් කර තිබේ. වෘත්තීය සමිති/වෘත්තීය සමිති ක්‍රියාකාරකයන්/සිවිල් සංවිධාන/ සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයන්/පුරවැසියන් ලෙස අපි ද මෙම විරෝධතාවට සහයෝගය දක්වමු.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ භාෂණයේ නිදහසට සහ ප්‍රකාශනය ඇතුළු අදහස් පළ කිරීමේ නිදහසට මෙන්ම සාමකාමීව රැස්වීමේ නිදහසට ද ඔ්නෑම පුරවැසියකුට අයිතිවාසිකම් තිබුණ ද පසුගිය කාලයේ දී එම අයිතිවාසිකම උල්ලංඝණය වන ආකාරයට ශ්‍රී ලංකා පොලිසිය සහ/හෝ ආණ්ඩුව කටයුතු කරනු දක්නට ලැබිණි.
උද්ඝෝෂණ යනු අදහස් ප්‍රකාශ කිරීමේ එක් ක්‍රමයක් වන අතර කිසිම හේතුවක් නිසා උද්ඝෝෂණ පැවැත්වීමට ඉඩ නොදෙන බවට ආණ්ඩුවේ අමාත්‍යවරයකු කළ ප්‍රකාශයක් පසුගියදා ජනමාධ්‍ය වාර්තා කර තිබිණි.
ගුරු-විදුහල්පති වැටුප් විෂමතාවය මුල් කර ගනිමින් ලෝක ගුරු දිනයට සමගාමීව අද (06) ගුරු විදුහල්පතිවරුන්ගේ සහභාගීත්වයෙන් කොළඹ ඇතුළු සෑම දිස්ත්‍රික්කයකම උදෑසන 10.00ට පැවැත්වෙන විරෝධතා පොලිසිය හෝ වෙනත් අංශයක් මගින් මර්දනය කිරීමට උත්සාහ කළහොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කර ඇති මූලික අයිතිවාසිකම් කඩවීමට ඉඩ ඇති බැවින් එලෙස සිදුවීම වැලැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටිමු.
මෙම උද්ඝෝෂණවලට සහභාගී වන්නන්ගේ මූලික අයිතිවාසිමක් කඩකිරීමට පොලිසිය හෝ වෙනත් අංශයක් කටයුතු කරන්නේදැයි නිරීක්ෂණය කිරීම සඳහා සහභාගී වන ලෙස ඉල්ලා සිටිමු.
ස්තුතියි.
මෙයට,
විශ්වාසී,
 
(අත්සන් කරන්නන්ගේ/සංවිධානවල නම් ලැයිස්තුව පහතින්)
 
පිටපත්
අධ්‍යක්ෂ, විමර්ශන අංශය, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව.
පළාත් අධ්‍යක්ෂවරුන්, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව.
සියලුම මාධ්‍ය ආයතන
තානාපති කාර්යාල
අත්සන් කළේ,
  1. මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය
  2. ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය
  3. ප්‍රජාතන්ත්‍රවාදය සඳහා තරුණ වෘත්තිකයන්ගේ ජාලය
  4. අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ
  5. මීඩියා ප්‍රෝ-ටෙක් ශ්‍රී ලංකා
  6. ට්‍රස්ට් එන්කරේජ්මන්ට් තරුණ ජාලය
  7. මීඩියා එල් කේ ජාලය
  8. ප්‍රොටෙක්ට් සංගමය
  9. රූල් ඔෆ් ලෝ ෆෝරම්
  • ඩාබිඳු සාමූහිකය
  • සමාජ සහ සාමයික කේන්ද්‍රය
  • ඉඩම් සහ කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය (MONLAR)
  • සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව
  • ජනවාර්ගික අධ්‍යයනය සඳහා වූ ජාත්‍යන්තර කේන්ද්‍රය
  • ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය
  • ජනතා නීතිඥයෝ
  • ක්‍රිස්තියානි සහයෝගිතා ව්‍යාපාරය
  • කෞෂාල් රණසිංහ – සිවිල් ක්‍රියාකාරීන්ගේ සාමූහිකය
  • කේ රණවන – ජනමාධ්‍යවේදී
  • ආර් රණවන – ජනමාධ්‍යවේදී
  • සුසන්ත යාපා- සභාපති, මීඩියා ප්‍රෝ-ටෙක් ශ්‍රී ලංකා
  • රුකී ප්‍රනාන්දු
  • නීතිඥ සුරේන් පෙරේරා
  • ජනමාධ්‍යවේදී සඳුන් ප්‍රියංකර විතානගේ
  • ටෙරන්ස් ප්‍රනාන්දු පියතුමා
  • ශෙරාඩ් ජයවර්ධන පියතුමා
  • සරත් ඉද්දමල්ගොඩ පියතුමා
  • ඇන්ටන් පියතුමා
  • රොහාන් සිල්වා පියතුමා
  • තරිඳු ජයවර්ධන
  • ජයනි අබේවික්‍රම
  • තිලක් කාරියවසම්, විධායක අධ්‍යක්ෂ, FIAN ශ්‍රී ලංකා.
  • නිමල්කා ප්‍රනාන්දු
  • නාලිනී රණරාජා – කාන්තා අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාකාරිනී
  • එස් විශ්වලිංගම්, ලේකම් – ශ්‍රී ලංකා නේචර් කණ්ඩායම
  • මාධ්‍යවේදී මෙලනි මානෙල් පෙරේරා
  • ශ්‍රියන්ති පෙරේරා
  • ශිවන්ති සිල්වා
  • තෙරේසා රාජපක්ෂ
  • රෝහිණී ප්‍රනාන්දු
  • රීටා ප්‍රනාන්දු
  • ආචාර්ය මාරියෝ ගෝමස්
  • රසිකා පීරිස් කන්‍යාසොයුරිය
  • මුස්තාපා අන්සාර්, ශ්‍රී ලංකා වෘත්තීය විදුහල්පතිවරුන්ගේ සංගමයේ ජාතික සම්බන්ධීකාරක (දෙමළ මාධ්‍ය)
  • සංජුලා ඔ්ෂිනී පීටර්ස්
  • නීතිඥ සේනක පෙරේරා
  • මරීසා ද සිල්වා
Previous articleඅපරාධ සැකකරුවන් වූ බුද්ධි නිලධාරීන්ගේ ආරක්ෂාව ගැන ඉල්ලීම විසිවෙයි
Next articleසෞඛ්‍ය බලධරයන්ගේ තීරණ නිසා තවත් කොවිඩ් රැල්ලක අවධානමක් – රවී කුමුදේශ්

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here