අයි.පීට පහර දුන්නේයැයි එස්.එස්.පී උසාවි දාන්න උපදෙස් ; නිර්දේශය එනවිට ඩීඅයිජීත් ඇඳලා

නුවරඑළියේ  ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරී නිවස්නයේ භාරකරු ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂකවරයකුට පහර දුන් බව කියන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නීතිපති උපදෙස් ලැබී ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ.
සිද්ධිය සිදුවූ 2019 පෙබරවාරි මාසය වන විට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු වූ අදාල සැකකරු මේ වන විට නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස උසස්වීම් ලබා සිටින බව පොලිසිය පවසයි.
සිය පවුලේ උදවිය සමඟ නුවරඑළියේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරී නිවස්නයක නැවතී සිටියදී එය භාරව කටයුතු කළ පොලිස් පරීක්ෂක දයානන්ද අලහප්පෙරුම මහතාට  ඌරු මස් ගැටලුවක් හේතුවෙන් පහර දී ඇති බවට ලැබුණු පැමිණිල්ලක් අනුව එවකට  පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ නියෝගයක් අනුව පොලිස් විශේෂ විමර්ශන ඒ්කකයෙන් පරීක්ෂණ පැවැත්විණි.
එම ස්ථානයේදී පිසීමට ලබා දුන් ඌරුමස්වලින් ප්‍රමාණයක් නිවස්නයේ පිරිස් තබාගෙන වංචාවක් කර ඇති බව පරීක්ෂණවලදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ පාර්ශ්වයෙන් ප්‍රකාශ කර තිබුණු බව පොලිසිය පවසයි.
එම විමර්ශනයේ ගොනුව නීතිපති වෙත යොමු කර ඇති අතර ඒ අනුව සැකකාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා (දැන් නියෝජ්‍ය පොලිස්පති) අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට උපදෙස් ලැබී ඇතැයි පොලිසිය පවසයි.
කෙසේ වෙතත් මෙම නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙතෙක් අත්අංගුවට ගෙන නැත. ඒ සම්බන්ධයෙන් විමසීමේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ මෙම සිදුවීම ගැන තමා දැනුම්වත් නැති බවයි. ඒ සම්බන්ධයෙන් සොයා බලා පිළිතුරක් දිය හැකි බව ඒ මහතා ප්‍රකාශ කළේය.
MediaLK පලකරනු ලබන කතාවක් සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් ඇත්නම් හෝ වෙනත් තොරතුරක් ලබා දීමට ඇත්නම් පහත ඊමේල් ලිපිනවලට ඊමේල්මඟින් යොමු කළ හැකිය.
in.medialk@gmail.com
parapura.medialk@gmail.com
medialknews@gmail.com
Previous articleඅන්තවාදය ජාතිවාදය එහි විකාශනය හා පාස්කු ඉරුදින ප්‍රහාරය !
Next articleසාලිට එරෙහිව බුදු පිළිම සිද්ධියට සාක්කි නෑ – සංස්කරණය කළ හඬපටියකින් සැකකරු හිර කරලා !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here