චීන රාජ්‍ය තාන්ත්‍රිකයන්ට වෙනම නීතියක් : නිරෝධායනය නෑ : පීසීආර් පමණයි

(නිලූක සඳුන් පද්මසිරි)

විදෙස් රටවලට සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සියලු දෙනාම දින 14ක නිරෝධායනයකට යටත් විය යුතු නමුත් අද ශ්‍රී ලංකාවට පැමිණි චීන රාජ්‍ය ත්‍රාන්තික පිරිස එලෙස නිරෝධායනය නොකරන බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.

මෙලෙස ලංකාවට එන්නේ චීනයේ ඉහලම නිලධාරීයෙක් සහ කොමියුනිස්ට් පක්ෂයේ දෙවැනියා බවත් එවැනි ඉහළ මට්ටමක අය නිරෝධායනය කළ නොහැකි බවත් ඇය ප්‍රකාශ කළාය.

සාමාන්‍යයෙන් විදෙස් රටවල සිට එන පුද්ගලයන් නිරෝධායනය කරන නමුත් මේ එන කණ්ඩායම නිරෝධායනය කලල නොහැකි බව ඇය නැවත නැවතත් කීවාය.

ඇය මේ බව පැවසූවේ අද (08) පාර්ලිමේන්තුවේදී විපක්ෂ මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ඔවුන් ලංකාවට එද්දි පීසීආර් කරගෙන එන්නේ. ලංකාවට ආවම පීසීආර් කරනවා අපිත්. එතකොට තැන් දෙකකදී පීසීආර් කරනවා. අපේ ලැබ්වලත්

හර්ෂ ද සිල්වා – දැන් ලංකාවට එන හැම කෙනෙකුගේම පීසීආර් කරනවාද ඔබතුමාන්ලා?

පවිත්‍රා වන්නිආරච්චි – ඔව්. පුද්ගලික රෝහලක හෝ රජයෙන් කරනවා.

හර්ෂ ද සිල්වා –  එන හැමෝම නිරෝධායනය කරනවාද ?

පවිත්‍රා වන්නිආරච්චි –  මේ එන කණ්ඩායම නිරෝධායනය කරන්න බෑ.

හර්ෂෂ ද සිල්වා – සාමාන්‍යයෙන්  නිරෝධායනය කරනවාද ?

පවිත්‍රා වන්නිආරච්චි –  සාමාන්‍යයෙන් ඔව්.

හර්ෂ ද සිල්වා – සාමාන්‍යයෙන් එන අය කරාට මේ අය කරන්නේ නෑ?

පවිත්‍රා වන්නිආරච්චි –  මේ කලබලයට උත්තර දෙන්න බෑ. නමුත් මේ අය නිරෝධායනය කරන්න බෑ. මේ අය දවසකට විතරයි එන්නේ. මේ අය චීනයේ ඉහළම තලයේ ඉන්න නිලධාරීතුමෙක් එන්නේ.

පවිත්‍රා වන්නිආරච්චි –  කොමියුනිස්ට් පක්ෂයේ පෝලික් බියුරෝ එකේ දෙවැනියා මම හිතන විදියට. චීනය කොමියුනිස්ට් පක්ෂය ඔබ දන්නවා ඇති එම පක්ෂය කොයි ආකාරයටද රජ්‍ය කරගෙන යන්නේ කියලා. එවැනි ඉහළ මට්ටමක අය නිරෝධායනය කරන්න බෑ.

කොරෝනා වෛරසය වසංගතය ශ්‍රී ලංකාවේ පැතිරීම ආරම්භ වූ දා සිට විදෙස් රටවල සිට එන සියලුදෙනාට දින 14ක නිරෝධායනය අනිවාර්ය කෙරිණි.

Previous articleප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ බහුතර කැමැත්ත විතරක් නෙවෙයි – මහින්ද දේශප්‍රිය 
Next articleලෝක මානසික සෞඛ්‍ය දිනය හෙට – බන්ධනාගාරවල භයානක තත්ත්වයක් – වෛද්‍ය ජයාන් මෙන්ඩිස්  

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here