කීර්ති රත්නායක රඳවාගනී

ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ මාධ්‍යවේදියකු වන කීර්ති රත්නායක මහතා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ප්‍රශ්න කිරීමෙන් ඉදිරියේදී යම් අනතුරක් සම්බන්ධයෙන් වන තොරතුරක් වෙතොත් එය ලබාදීමෙන් ජනතාව වැළැකී සිටීමේ අවදානමක් මතුවන බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
ශ්‍රී ලංකාවේ ඉන්දියා මහ කොමසාරිස් කාර්යාලයට ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් ඇති හෙයින් ආරක්ෂාව සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස කීර්ති රත්නායක මහතා මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරියකුට දැනුම් දී තිබිණි.
ඒ අනුව ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකාවේ ඉන්දියා මහකොමසාරිස් කාර්යාලය කොල්ලුපිටිය පොලිසියට පැමිණිල්ලක් කර ඇති බව පොලිසිය කියයි.
අදාළ පැමිණිල්ල විමර්ශනය කිරීම සඳහා කොල්ලුපිටිය පොලිසිය කීර්ති රත්නායක මහතා එම පොලිසියට කැඳවා තිබියදී කොළඹ අපරාධ කොට්ඨාසය පැමිණ ඔහු අත්අඩංගුවට ගෙන එම කොට්ඨාසය වෙත රැගෙන ගොස් ඇත. අත්අඩංගුවට ගෙන සිටින කීර්ති රත්නායක මහතාගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඔහුගේ නීතිඥවරයා පොලිසියෙන් ඉල්ලීමක් කර තිබේ.
පොලිස් අධිකාරීවරයකුගෙන් ලබා ගත් පැය 72ක රැඳවුම් නියෝග යටතේ මේ වන විට ඔහු කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ රඳවාගෙන සිටියි.

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here