සාක්කි නැතුව රිමාන්ඩ් කරන්න බෑ ; බදියුදීන්ගේ මස්සිනාට ඇප

පොලිසිය ප්‍රමාණවත් සාක්කි ඉදිරිපත් නොකර මහජන කැළඹීමක් බව කියමින් සැකකරුවන් රිමාන්ඩ් කරන ලෙස ඉල්ලා සිටියද එලෙස රිමාන්ඩ් කිරීමේ හැකියාවක් නැතැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද (16) ප්‍රකාශ කළේය.
මහේස්ත්‍රාත්වරයා ඒ බව ප්‍රකාශ කළේ රිෂාඩ් බදියුදීන් මහතාගේ මස්සිනා බව කියන ෂියාබ්දීන් ඉස්මත් නම් පුද්ගලයා ඇප මත මුදාහරිමිනි.
රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවය කළ මෙහෙකාරියක අපයෝජනය කළැයි කියමින් පොලිසිය මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. මෙම සිදුවීම වූ බව කියන දිනයක් වේලාවක් ගැන නිශ්චිත සඳහනක් පොලිසිය අධිකරණයට ඉදිරිපත් කර නොතිබිණි.
කෙසේ වෙතත් මහජන කැළඹීමක් ඇතිවිය හැකි බැවින් සැකකරු රිමාන්ඩ් කරන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය. සාක්කි නැතිව සැකකරු රිමාන්ඩ් කළ නොහැකි බව සඳහන් කළ අධිකරණය ඔහු රුපියල් ලක්ෂ 05ක ශරීර ඇපයක් මත මුදා හැරීමට නියෝග කළේය.
කෙසේ වෙතත් බදියුදීන් මහතාගේ නිවසේ සිටි දැරියක පිළිස්සී මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙම සැකකරු තවදුරටත් රිමාන්ඩ් බාරයේ පසුවෙයි.

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here