ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ගැන සාධාරණ සමාජයක් සමඟ තරුණ තරුණියෝ සංවාදයක

 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ගැන දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන නියෝජිතයන් සමඟ සාකච්ඡා කිරීම සඳහා ඒෆ්‍රියල් තරුණ ජාලය සූදානම් කරන සංවාද මාලාවේ එක් වැඩසටහනක් පසුගියදා සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය සමඟ පැවැත්විණි.
මාදුළුවාවේ සෝභිත හිමියන් ආරම්භ කළ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය නියෝජනය කරමින් එහි සභාපති හිටපු කතානායක කරු ජයසූරිය, ලේකම් පාලිත ලිහිනියකුමාර සහ මාධ්‍ය ලේකම් සුනිල් ජයසේකර යන මහත්වරු සහභාගී වූහ.
මෙම සාකච්ඡාවේදී පළාත් සභා සම්බන්ධයෙන් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් තරුණ තරුණියන් විමසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙනු ලැබුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා විසිනි.
සූම් ඔස්සේ පැවැති මෙම හමුවට දිවයිනේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් තරුණ තරුණියෝ 100කට අධික පිරිසක් සහභාගී වූහ.
තරුණ තරුණියන් සඳහා දේශපාලන ප්‍රතිසංස්කරණ , ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ගැන දැනගැනීම සඳහා සංවිධානය කරන මෙම සාකච්ඡා මාලාවේ වැඩසටහන් කිහිපයක් මීට පෙර ජනමාධ්‍ය සංවිධාන ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක් සමඟ පැවති බව ඒෆ්‍රියල් තරුණ ජාලයේ කළමනාකරු ඉෂාරා මධුවන්ති මෙනවිය ප්‍රකාශ කළාය. ඉදිරියේදී ද දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන නියෝජිතයන් හමුවීම සඳහා සැලසුම් කරගෙන සිටින බවද ඇය ප්‍රකාශ කළාය.
Previous articleමන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් දැන ගැනීම මහජන අයිතියක් ; තොරතුරු ප්‍රසිද්ධ කරන්නැයි නියෝග
Next articleඅහනෆ් හමුවෙන්න නීතිඥයන්ට අවසර

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here