දේශපාලන පළිගැනීම් කොමිසමේ නිර්දේශ වළක්වාලමින් අතුරු නියෝගයක්

නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජනක බණ්ඩාර මහතාට එරෙහිව දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසම සිදුකර ඇති නිර්දේශ මත ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
අදාළ පෙත්සම විභාග කිරීමට අවසර ලබාදෙමින් නිශ්ශංක බන්දුල කරුණාරත්න, දේවිකා අබේරත්න සහ බී.එන්. සමරකෝන් යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය නිකුත් කර ඇත.
පසුගිය ජනවාරි මස 18 වනදා අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයකට අනුව එම කොමිෂන් සභා වාර්තාවෙන් පෙත්සම්කරු සම්බන්ධයෙන් සිදුකර ඇති නිර්දේශවලට අදාළව ඉදිරි පියවර ගැනීම ද මෙම තහනම් නියෝගය මගින් වළක්වා තිබේ.
මෙම අයදුම්පත විභාග කරන තෙක් සහ එහි අවසන් තීන්දුවක් ලබාදෙන තුරු පෙත්සම්කරුට අදාළව දේශපාලන පළිගැනීම් කොමිසමේ නිර්දේශ හා තීරණ සහ දේශපාලන පළිගැනීම් කොමිසමේ අදාළ නිර්දේශ සම්බන්ධයෙන් ජනවාරි 18 දිනැති කැබිනට් තීරණයට අදාළ ඉදිරි පියවර ගැනීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් පෙත්සමෙන් ඉල්ලා තිබූ අතර එම නියෝගය මෙලෙස ලබා දෙනු ලැබීය.

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here