වසංගත තත්ත්වය නිසා උද්ඝෝෂණ වළක්වන්න බෑ – කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් පොලිසියේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි !

 

උද්ඝෝෂණය කිරීමේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් තහවුරු කර ඇතැයි ද කොවිඩ් වසංගත තත්ත්වය උපයෝගී කරගනිමින් එම අයිතිය යටපත් කරන්නට යාමෙන් රටත් රජයත් දැඩි අපහසුතාවයකට පත් වනු ඇතැයි ද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික සී රාගල මහතා අද (02) ප්‍රකාශ කළේය.
කොතලාවල විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් ජනතාවාදී බුද්ධි මණ්ඩපය නමැති සංවිධානයක් විසින් අද කොළඹ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම අසල පැවැත්වීමට නියමිතව තිබූ උද්ඝෝෂණයක් වළක්වමින් නියෝගයක් නිකුත් කරන්නැයි පොලිසිය කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත්වරයා මේ බව පැවසීය.
කොතලාවල විශ්ව විද්‍යාල පනත් කෙටුම්පතට එරෙහිව මහාචාර්ය ජේ. එන්. ආනන්ද ජයවික්‍රම මහතාගේ මූලිකත්වයෙන් යුතුව ජනතාවාදී බුද්ධි මණ්ඩපය නමැති සංවිධානයක් කොළඹ විශ්වවිද්‍යාලය ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට උද්ඝෝෂණයක් සිදුකිරීමට සූදානම් වන බවත් නිරෝධායන නීතියට පටහැනිව සිදුකිරීමට යන එම උද්ඝෝෂණය වැළක්වීමේ නියෝගයක් නිකුත්කරන ලෙසත් ඉල්ලමින් කුරුඳුවත්ත පොලිසිය විසින් මෙම ඉල්ලීම අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ තිබිණි.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත්කර තිබෙන යම් සෞඛ්‍ය මාර්ගෝපදේශයක් කිසියම් පුද්ගලයකු විසින් උල්ලංඝණය කරන්නේ නම් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසියට බලතල තිබෙන බව ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය.
Previous articleගුරුවරුනුත් හෙට සිට රාජකාරියට කැඳවයි ; වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා යෑම අවශ්‍ය නෑ – ස්ටාලින්
Next articleදේශපාලන පළිගැනීම් කොමිසමේ නිර්දේශ වළක්වාලමින් අතුරු නියෝගයක්

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here