ගුරුවරුනුත් හෙට සිට රාජකාරියට කැඳවයි ; වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා යෑම අවශ්‍ය නෑ – ස්ටාලින්

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ පාසල් නැවත විවෘත කර නොතිබිය දී හෙට (2) සිට සියලුම පාසල්වල ගුරුවරුන් හා විදුහල්පතිවරුන් සේවයට කැඳවා ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශයේ ආරංචි මාර්ග කියයි.
රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්ගේ ජූලි 30 දිනැති ලිපිය මඟින් සියලුම රාජ්‍ය සේවකයන්ගේ නිවාඩු  හෙට (02) සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව දැනුම් දී තිබේ.
එම ලිපිය අනුව කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා අද දින (01) ලිඛිතව දැනුම් දී ඇත්තේ සියලුම පාසල්වල අධ්‍යයන සහ අනධ්‍යන කාර්ය මණ්ඩලද එම චක්‍රලේඛය අනුව කටයුතු කළ යුතු බවයි.
මේ සම්බන්ධයෙන් ගුරුවරුන් කිහිප දෙනෙකු ප්‍රකාශ කළේ ගුරු උද්ඝෝෂණ නතර කිරීමේ අරමුණින් ආණ්ඩුව මෙම පියවර ගෙන ඇති බවයි.රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ  ලිපිය ගුරු විදුහල්පතිවරුන්ටද අදාලදැයි MediaLK එම ලිපිය නිකුත් කළ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ජේ ජේ රත්නසිරි මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා ප්‍රකාශ කළේ ගුරු විදුහල්පතිවරුන් ද රාජ්‍ය සේවකයන් වන බවයි. ඔවුන්ට නිවාඩු ලබා දීමට මෙය පාසල් නිවාඩු කාලයක් නොවන බවත්, පාසල් සිසුන්ට පාසල් විවෘත කරන දිනය අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කරනු ඇති බවත් ලේකම්වරයා ප්‍රකාශ කළේය.මේ සම්බන්ධයෙන් කළ විමසීමේ දී ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ප්‍රකාශ කළේ ගුරු විදුහල්පතිවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගයක නියැලී සිටින නිසා පාසල් යෑම අවශ්‍ය නොවන බවයි. වෘත්තීය ක්‍රියාමාර්ගය දිගටම කරගෙන යන බව ද ස්ටාලින් මහතා පැවසීය.
ගුරුවරුන් පසල්වෙත ගියද පාසල්වල අන්තර්ජාල පහසුකම් සහ පරිගණක පහසුකම් ප්‍රමාණවත්ව නැති නිසා දුරස්ථ ක්‍රමයට සිසුන්ට ඉගැන්වීම කළ නොහැකි වනු ඇති බව ගුරුවරු කිහිප දෙනෙක් ප්‍රකාශ කළහ.
මේ සම්බන්ධයෙන් විමසීම සඳහා අධ්‍යාපන ලේකම්වරයා සම්බන්ධ කරගැනීමට උත්සහ කළද එය ව්‍යර්ථ විය.
Previous articleමාධ්‍යවල ගියේ සංස්කරණය කළ හඬපටයක් ; දිල්රුක්ෂි ඩයස්ගේ වැඩතහනම ඉවතට
Next articleවසංගත තත්ත්වය නිසා උද්ඝෝෂණ වළක්වන්න බෑ – කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් පොලිසියේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි !

1 COMMENT

  1. ගුරු සටන කොන්ද පණ තියෙන ශිෂ්‍ය පරම්පරාවක් වෙනුවෙන් මිස මැදමුලනට මැදමුලනට හීලෑ වුණු බලු කුක්කන් සඳහා නොවේ

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here